IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය උපරිමයි

20160309-ent-47


"සිරස සුපර් ස්ටාර්" හා "ශක්ති සුපර් ස්ටාර්" තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්‍ෂේත්‍ර‘ය තුළ සනිටුහන් කර හමාරය. සතියේ දිනවල දහවල් 02.00 ට සිරස එෆ්. එම්. ඔස්සේ විකාශනය වන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍ය‘යේ තේමා ගීතයද, සිරස ටී.වී. ඔස්සේ විකාශය වන "මේ ආදරයයි" තේමා ගීතයද ගායනා කළ ඇය මීනා ප්‍රසාදනීය.

 

20160309-ent-48 මුලින්ම අපි කතා කරමු මේ දිනවල අහන්න ලැබෙන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍ය‘යේ තේමා ගීතය සහ "මේ ආදරයයි" තේමා ගීතය ගැන?

"මං ආදරෙයි" ගීතය රචනා කළේ "මං ආදරෙයි" ගුවන් විදුලි නාට්‍යය ලියන නිදුක් මධුෂික. එයට සංගීතය සැපයුවෙ ජයසිරි අමරසේකර. "මං ආදරේ" නාට්‍ය‘යේ තේමා ගීතයට මම පෞද්ගලිකව කැමතියි. නිහාල් වික්‍රම එදිරිසූරිය තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. එයත් වැඩි වශයෙන් ජනප්‍රිය වුණා. "මේ ආදරයයි" මම කැමැත්තෙන් කළ ගීතයක්. එයට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබුණා. ඒ වගේම සිරස ටී.වී. ආරාධනා කිරීම ගැනත් සතුටුයි. සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සුසාර දිනාල්ද මතක් කළ යුතුයි.

 

ඔබගේ හඬ දායකත්වය වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ තේමා ගීතවලින්?

මම තේමා ගීතවලට තමයි වැඩි වශයෙන් දායක වෙලා තියෙන්නෙ. මගේම ගී නිර්මාණ සිදුවෙන්නෙ හරිම අඩුවෙන්. ඒකට හේතුව මට ලැබෙන හැම ආරාධනාවක්ම මම භාර ගන්නෙ නැහැ. මට ගැළපෙන නිර්මාණ පමණයි මම භාර ගන්නෙ. නමුත් මම ගී නිර්මාණයක් සිදු කළොත් මට මාධ්‍යවලින් සහයෝගය ලැබෙනවා. මගෙන් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ආපු නැති නිසා වෙන්න ඇති මම තේමා ගීතවලට දායක වෙනවා කියලා දැනෙන්නෙ.

 

ඒකට හේතුව ආර්ථික වටිනාකමක් ලබාගත නොහැකි එකද?

හේතුව තමයි මම කැමති ගීත නිර්මාණ නොලැබුණ එක. මම ආසාවෙන් කළ නිර්මාණ තමයි තියෙන්නෙ. ට්‍රෙන්ඩි එකට යන්න මම ආස නැහැ. ආර්ථික වටිනාකමක් බලාගෙන මම ගීත නිර්මාණය සිදු කරන්නෙ නැහැ.

 

ඔබ සීඩී පටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නේද?

ප්‍රවීණ සංගීතඥයන් වගේම නව පරපුරේ අය එක්කත් මම වැඩකරලා තියෙනවා. ගීත නිර්මාණවලට මට ආරාධනා ලැබෙනවා. මම කැමති නැහැ මම අකමැති ගීතයක් මගේ වොයිස් එකෙන් අහන්න. මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ. මේ කාලේ සී.ඩී. පටයක් නිර්මාණය කළා කියලා වාණිජ වටිනාකමක් ගන්න බැහැ. ගායිකාවක් ලෙස සීඩී පටයක් කළ යුතුයි කියලයි මම හිතන්නෙ. එයට විශාල පිරිවැයක් වැය වෙනවා. අද තාක්ෂණය දියුණුයි. මට අවශ්‍ය හොඳ ගීත නිර්මාණය කිරීම පමණයි.

 

20160309-ent-49

රියලිටි මාවතේ පැමිණ ඔබේම අනන්‍යතාවයක් එක්ක මේ යන ගමන හා මතක් කළ යුතු පිරිස ගැන කතා කළොත්?

සිරස සුපර් ස්ටාර් තුන්වන අදියරේදී මම ඉවත් වුණේ දොළොස් වැනියා විදිහට. ශක්ති සුපර් ස්ටාර් තරගයේ අවසාන වටයට මට යන්න හැකියාව ලැබුණා. මට තරගයකින් මේ තරම් මිනිසුන් අතරට යන්න හැකිවේවි කියලා මම හිතුවෙ නැහැ. එහෙත් දෙවියන්ගේ ආශිර්වාදය දෙමවුපියන්ගේ ආශිර්වාදය හා මට උදව් කළ සියලු දෙනාගේ සහයෝගයෙන් මම මේ ගමන යනවා තනියම. මම යන ගමනේදි මට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය අමතක කරන්න බැහැ. විශේෂයෙන් සුරේෂ් මාලියද්ද මතක් කළ යුතුයි. ඒ වගේම මාව විශ්වාස කරලා මට පළමු චිත්‍රපට ගීතයක් ලබාදුන් සංඛ දිනෙත්ටත්, මගේ පෙම්වතාටත්, මගේ නිවසේ සියලු දෙනාටත් මම ස්තුති වන්ත වෙනවා. මාත් එක්ක හිටපු මාව විශ්වාස කළ හැමෝම මතක් කළ යුතුයි.

 

  ඉඳුනිල් සින්දු

tharunaya

20160309-ent-50
20160309-ent-51
20160309-ent-52
20160309-ent-53

 



අදහස් (0)

ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය උපරිමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site