පසුගිය අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවය මත අත්හිටවූ නමුත් තම ඉල්ලීම් ඉදිරි සතිය ඇතුළත ඉටු කිරීමට ක්‍රියා නොකරන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයක් යළි ආරම්භ කරන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ඉල්ලීම් 3 ක් සඳහා විසඳුම් දෙන තෙක් තම වර්ජනය තාවකාලිකව අත්හළ නමුත් අගමැතිවරයා ඉන්දියාව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම අධ්‍යයනයේ දී එම එකඟතා තම ඉල්ලීම්වලට සම්පූර්ණයෙන්ම පටහැණි බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටී.
ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමේ ඇති එකඟතා ක්‍රියාත්මක කෙරෙන කාල පරාසය සැලකිල්ලට ගැනීමේ දී ඉදිරි සතිය ඇතුළත තම ඉල්ලීම්වලට පරස්පර දේ ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව පෙනී යන බවද ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අගමැතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්වේ.
COMMENTS
ආර්ථික උපාය මාර්ගික තීන්දු ගැනීමට රජයට ජනවරමක් දී තියෙනවා. එය අයුතු ලෙස යොදාගන්නේ නම් ඒ පිලිබදව තීරණ ඊලග ඡන්දයේදී ගැනීමට ජනතාවට ඉඩ දිය යුතුයි. වෘත්තීය සමිති වලට අයිතියක් නැ ඒවා මුල් කරන් කඩාකප්පල වැඩ කරන්න
මේ රට හදන්න රුසියාවේ පුටීන් ගේ ක්‍රමය පටන්ගන්න, වර්ජන කරලා තමා එදා බණ්ඩාරනායක මහත්තයාට රට කරන්න නොදී රට කාලා දැම්මේ. හැමදාම වර්ජන වලින් රට පස්සට ජනතාව අමාරුවේ.
මෙවන් අය ගේ දේශපාලන උවමනාකම් නිසා සාමාන්‍ය ජන ජිවිතයට අනිසි බලපෑම් කරන්න ඉඩ නොදී යුධ හමුදා යොදවා හෝ අත්‍යවශය සේවාවක් කර රට වැසියාට සහන සැලසීම රජයේ යුතුකමයි... වඳින්න වඳින්න ගහන මිනිහත් ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයෝයි....
මේවට වගකියන්න ඕනේ පක්‍ෂ දෙක මාරැවෙන් මාරැවට බලයට ගෙනාපු මේ රටේ ජනතාව. කිසිම නිෂ්පාදනයක් නොකර රටේ සම්පත් විදේශයට විකුනගෙන කෑමේ පුරැද්ද නවත්තන්න ඕනේ .ඒකට මේ ගොන් රැල ගාල්කරන්න ඕනේ එදාට රටක් විදිහට ඉදිරියට යයි. නැතිනම් හැමදාමත් දුප්පත් වැසියො තමයි
ඛනිජ තෙල් සංස්ථාවේ රස්සාවට එනකොට එන්නේ ජනතාවට අවංකව හොඳ සේවයක් ලබාදෙනවා කියල. නමුත් ආවට පස්සේ රස්සාව මතක නැහැ. රස්සාවල් නැතිව ලංකාවේ ගොඩක් උගත් ශ්‍රමිකයින් ඉන්නවා. ඔබලාගේ රැකියාව කරන්න බැරි නම් බැහැ කියල අස්වෙලා ගෙදර යන්න. අසරණ ජනතාවට ඔබලාත් වදයක් වෙන්න එපා වැඩ කරන්න ඕනෑතරම් ජනතාව රටේ ඉන්නවා. පුරුදු වෙන්න රටට ජනතාවට් බරක් නොවී ගන්න පඩියට වැඩ කරන්න.