
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පවතින තත්ත්ව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ එදිනෙදා කටයුතුවලදී මෙන්ම විශේෂයෙන්ම භෝජනාගාරවලද යම් යම් අඩුපාඩු ඇතිවිය හැකි බව මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එම අපහසුතා මේ අවස්ථාවේදී විඳ දරා ගෙන සහයෝගය ලබා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බුබුළු අතරින් පතර නිවා දමා තිබෙනු ඊයේ අපට දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නං හිතෙන්නේ ඔය මුළු පාර්ලිමේන්තුවම වහලා දැම්මා නං හොඳයි කියලා... මොකද ඕකෙන් වෙන කිසිම සෙතක් නැහැ. මේ රටේ ඉන්න පුරවැසියන්ට...
මේක නම් හොඳ අදහසක්... කතානායක ඇතුළු නිදි, මැති ඇමැතිලාට හොඳ නින්දක් දාන්න පුළුවන්...!
එළියෙන් අඳුරට...
හැකිනම් පාර්ලිමේන්තුවේ වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කරලා පෙන්වන්න. ඔට්ටුයි බැරුවට...
මේ පාර්ලිමේන්තුව ගන්නේ හිටි ගමන් තීරණ නිසා තමයි මේ ප්‍රශ්න. මුලින් කළ යුත්ත කුමක්ද? ඇතිවිය හැකි ගැටළු පුරෝකථනය කිරීමෙන් ඒ ගැටළු ජය ගැනීමට ඇති දෙවන උපාය මාර්ගය කුමක්ද යන කිසිම දැනුවත් භාවයක්වත් පේන්න නැහැ. කිසිම සම්බන්ධීකරණයක් නැතිව සහ දුරදක්නා දර්ශනයකින් තොරව යන නිසා තමයි ලයිට් නිවන්න සහ කර්මාන්ත ශාලා අධීක්ෂණය වැනි ක්ෂුද්‍ර ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවේ අය වද වෙන්න පටන් අරන් තියෙන්නේ... ඇත්තෙන්ම මේ ස්ථානයෙන් විය යුත්තේ පුළුල් පරාසයක් සහ මුළුරටම අසුවන ප්‍රතිපත්ති සැකසීම නොවේද?
අනවශ්‍ය විදුලි බල්බ සවිකළේ ඇයි?