IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවට ආ සී.අයි.ඩීය මන්ත්‍රීවරුන් හතරකගෙන් ප්‍රශ්න කරයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ සී බී රත්නායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ඊයේ(18) උදේ ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ප්‍රකාශ සටහන් කර ගැනුණු අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ සහන් ප්‍රදීප් සහ සංජීව එදිරිමාන්නය.

ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එම පරීක්ෂණ කණ්ඩායම කතානායකවරයාගේ අවසරය ඇතුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ උදේ පැමිණියේය.

පරීක්ෂණ කණ්ඩායම ඒ මන්ත්‍රීවරුන් සිවුදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවේ අධිකරණයෙන් කෙරුණු දැනුම්දීමක් අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පාර්ලිමේන්තු වට පෙරේදා(17) දිනයේද පැමිණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

 



අදහස් (1)

පාර්ලිමේන්තුවට ආ සී.අයි.ඩීය මන්ත්‍රීවරුන් හතරකගෙන් ප්‍රශ්න කරයි

Hirusha Wednesday, 18 May 2022 10:52 PM

සංජීව එදිරිමාන්න කියන්නෙ ITN එකේ හරි හිරිකිත විදිහට කඩේ ගිය කෙනා නේද?හරිම සෙවලයි දකිද්දි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 416 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site