
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව කී ඇමතිවරයා එම ක්‍රියාවන් ගැන අධිකරණයකදීවත් ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ යම් සිදුවීමක් ඇතිවූ විට අවශ්‍ය අංශවල අවධානය ඒ කෙරෙහි යොමු කරවිය යුත්තේ කතානායකවරයා විසින් බවත්, ඒ ගැන පරීක්‍ෂණ කළ යුත්තේ පාර්ලිමේන්තුවේදී බවත් කී ඇමතිවරයා එසේ නොකළා නම් ඒ ගැන කතානායකතුමාගෙන් විමසිය යුතු බව ද කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පොදු දේපල විනාශ කළ බව කියමින් අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නා සේ පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම්වලදී එහි දේපලවලට හානි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Dear Journalists Please ask Minister Bandula Gunawardene if a member was killed in the house even then general laws are not applied? (We believe if public property is destroyed inside the parliament general laws can be applied)
පාර්ලිමේන්තුව තුළ සිදු වුවත්, සැබෑ ලෙසම අවංක නම්, වරදක් වූ විට එය විභාග කොට වරදට දඬුවම් කළ යුතු නැද්ද? ඒ සඳහා ඔය 225ට ක්‍රමයක් ඇති කරන්න බැරි නම් පාර්ලිමේන්තුවේ ඇති ඵලය කුමක්ද?
සාමන්‍යයෙන්, නූගත් කෙනෙක් අතින් වරදක් සිදුවු විට ඒ දෙස සානුකම්පිතව බලනවා. එම නිසා නුගත් පුද්ගලයින් 225ක් ඉන්නා තැනදී සිදුවු සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කරමු.
ඔහේලා පාර්ලිමේන්තුවේ ඉඳන් මුළු රටම විනාශ කරන එඅකයි අපිට තිබෙන ප්‍රශ්නය
පාර්ලිමේන්තුවේ නීති සහ ව්‍යවස්ථාව යනුවෙන් පැවසීම 225 දෙනාගේ පැවැත්මට මිස ජනතාවගේ යහපතට නොවෙයි
This is a big flaw in the Constitution. There are many. Constitution benefits only the Parlimentarians and it is not beneficial to the People of the Country
ආර්ථික ඔස්තාර් කියන කතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජන ඡන්දෙන් පත්වූ ජනතාවට සේවය කරන්න දහසකුත් බොරු පොරොන්දු දීලා බලයට ආපු දුෂිත දේශපාලකයින් දූෂිතයන් රකින්න නීති තිබුනා කියලා වැඩක් වෙන්නේ නැහැ.
මෙයාලා රටම මංකොල්ල කාලාත් අපේ රටේ නීතියෙන් කිසිම දඬුවමක් නැහැ
මේ හොරුන්ගේ ගෙවල් විතරක් නොවෙයි මොවුන්ද ගේ ඇතුලට දමලයි මේ පාර ගිනි තියන්න ඕන.කිසි කෙනෙක් දේශපාලුවන්ට ගරු කරන්න එපා. මහත්වරුනේ උන් අපේ සේවකයෝ. නම කියලා කතා කරන්න.ගරු සරු ලබන්න තරම් දෙයක් උන් රටට කරලා නැහැ. ගල් මුල් වලින් නෙලන්න හැකි හැමවිටම නෙලන්න
" සෙන්කොලයෙන් " ගුටි කෙලගත්ත කාලෙ අමතක වෙලා වගේ ?