පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 30 කින් පමණ වෙනස් වී නැති බවත් පාර්ලිමේන්තුව පාලනයට ඒවා වෙනස් විය යුතු බවත් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (15) මහනුවරදී පැවසීය.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමි බැහැදැක ආශීර්වාද ලබා ගැනිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සුමතිපාල මහතා පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය ආරම්භ කිරිමෙන් පසු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම හා ඔවුන් කරන යෝජනා මෙන්ම සංවාදවලට ඉදිරිපත් වීමේ දියුණුවක් ද ඇති බව කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර තිහකින් පමණ වෙනස් වෙලා නැති නිසාම ඒවා වෙනස් විය යුතුද ?එහෙම නම් මහත්තයෝ, බොහොම දේවල් වෙනස් කොරන්න වේවි! අපේ රටේ ශ්‍රී ලංකා කියන නම වුනත් කොමිස්ලන්තය නැත් නම් මන්තිරික්කාව කියල වෙනස් කොරමුද? (බ)
පාර්ලිමේන්තුවට ඡන්දයෙන් පරාදවුණු පුද්ගලයන් ගැනීම වෙනස් කිරීම කළොත් හොඳයි නේද (නි)
ස්ථාවර නියෝග කියන්නේ මොනවාද. ඒවායින් අපේ බදු බරට කිනම් සහනයක් ලැබෙන්නේද. (නි)
නියෝජ්‍ය කතානායක තුමනි , ඔබතුමාටත් හිමි ලංකා රේස් බයි හිමි කරුවන් , නොදකින අස්සයනට මුදල් ඔට්ටු අල්ලා පැරදිලා, පැරදිලා ,ඉඳ හිට දිනන එකාගෙනුත් , ඔහු ඔට්ටු අල්ලන මුදලද ඇතුළුව ඔහුට ගෙවන මුදලෙන් සියයට පහක් කපා ගන්නවා . අනේ මේ අසාධාරන මුදල් කපා ගැනීම නවතා දැමීමේ හැකියාව ඔබතුමාට තියෙනවා. එයත් නවතා දමන්නකෝ. ඒ වගේම ඔබතුමාගේ පාලනයේ පවතින සාමාන්‍ය රේස් බයි පොළවල් සිගරට් දුම් පොළවල්.ඒවත් නවතා දමන්නකෝ. ඔබට පින්. (බ)