(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටු සියල්ල බල රහිත වී ඇති බැවින් ඒවා නැවත ස්ථාපිත කළ යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවැසීය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කළ හෙයින් එතෙක් ක්‍රියාත්මක වූ කමිටු සියල්ල අහෝසි වූ බවද ඉද්දවල මහතා කීය.
ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව , රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පෙත්සම් කාරක සභාව ඇතුළු කමිටු නැවත පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් කතානායකවරයා නම් ඉල්ලා තිබෙන බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප් කමිටුවේ සභාපතිධුරය නැවතත් ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමන්ට හිමිවිය යුතුයි.
බලය අරන් දැන් ජනතාවට හුළං ගහන්නද හදන්නේ?