IMG-LOGO

පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා දක්වා කල් තැබේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 19 දක්වා කල් තැබීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8) පස්වරුවේ තීරණය කළේය.

පාර්ලිමේන්තුව  ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා රැස්වීමටද එම කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ රැස්විය.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 10.00 - පෙ.ව 11.00දක්වාවූ  කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා  වෙන් කර ඇත.

පාර්ලිමේන්තුව  ලබන 19  වෙනිදා  පෙ.ව 10.00 ට රැස්වීමට නියමිත අතර  වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග  පෙරවරු  11.00 සිට ප.ව 4.30  විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2021.10.16 දිනැති අංක 2249/50, 2022.01.01 දිනැති අංක 2260/78 සහ 2022.01.01 දිනැති අංක 2260/79 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නිවේදන  අප්‍රේල් 20 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  විවාදයට ගෙන අනුමත කර ගැනීමට  තීරණය කර ඇත.

තවද එදින රේගු ආඥා පනත (235 අධිකාරය) ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනාවද විවාදයට ගැනීමට තීරණයවී ඇත.



අදහස් (0)

පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා දක්වා කල් තැබේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 926 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site