
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ අංශ කීපයක ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සේවකයන් තවත් 28 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි අද (14) තහවුරුවී ඇත.
පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවෝ 112 දෙනෙක් කොවිඩ් පරීක්ෂණවලට අද (14) යොමු කෙරුණහ. මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනා ගැනුණේ එම පරීක්ෂණවලදීය.
මෙම පරීක්ෂණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්විණ.
කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනුණු සේවකයෝ 28 දෙනා ඒ මොහොතේම නිරෝධායනයට යොමු කෙරුණහ.
මේ අනුව පසුගිය සති කිහිපයේදී පමණක් කොවිඩ් ආසාදනයවූ පාර්ලිමේන්තු සේවකයන් සංඛ්‍යාව 98ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර මේ දක්වා කොවිඩ් ආසාදනයවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49 කි.
පාර්ලිමේන්තුවේ කොවිඩ් පැතිරීම වැඩිවී ඇතත් එහි කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා වෙනම සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක්ද පසුගිය සතියේදී හඳුන්වා දෙනු ලැබීය.
පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තර පිරිස් කැඳවීමද සීමා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225න් 49යි කියන්නේ තව මදි... තව ඉන්නවා කොවිඩ් රස බැලිය යුතු අය. එන්නත්, මුව ආවරණ මිනිස්සුන්ට දෙන්න කියද්දී අපිට ඕනෑනැහැ කියලා පැණි බෝතල් විකුණන්න ඉඩදුන්නු, වතුර මුට්ටි අරන් කළගෙඩි නටාපු... කෝ මේගොල්ලෝ..?