
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත් පිරිතක් පවත්වා මේ රටේ පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
රටේ ජනතාව දින තුන්සිය හැට පහේම පාර්ලිමේන්තුවට දෙස් තියන වෙලාවක මෙලෙස මුදල් නාස්ති කිරීම ශාපයක් වනු ඇති බවද ඔහු කීවේය.
විජේසිරි මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
රටේ ආර්ථික තත්වය ගැන සිතා එම පින්කම වහා නතර කරන්නැයි මන්ත්‍රීවරයා මෙහිදී මුලසුනෙන් ඉල්ලා සිටියේය.
මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ එම කාරණය පිළිබඳව කතානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු රැස්වීම තියලා කෝටි ගණන් සල්ලි නාස්ති කරනවට වඩා ඒවා නවත්වා පිරිත් කියන එක හොඳයි...
මොන පිරිත්ද මේ පෝලිං ලන්තයට...?
කමක් නැහැ පිරිත් කියලා මුට්ටිය ගඟට දාලා බලමු...
පිරිත් නෙමෙයි, පොලුයි ගහන්න ඕනේ...
මේ අය බුදුදහමටත් නිගා කරනවා.
සමගි ජනබලය දැන්ම බුදුදහමට අපහාස කරනවා. ගියපාරත් කෙළවුණේ මේ හින්දයි. බුදුදහමට මුල්තැනදී සලකන්න පුරුදු වෙන්න... එතකොට ඡන්ද ලැබෙයි. රනිලුත් වරද්දගත්තේ කට හින්දයි. රනිල් වගේ නෙවෙයි, රණසිංහ ප්‍රේමදාස වගේ වෙන්න.
පාර්ලිමේන්තුවේ පිරිත් කියකියා ඉන්න කලින් රටේ මූල්‍ය අර්බුදය තිබියදී පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු කැඳවාගන්න වැඩ පිළිවෙළක් සූදානම් කරා නම් නේද හොඳ...?
අනිවාර්යයෙන් නවතා පාර්ලිමේන්තුවත් අනිවාර්යයෙන් වහලම දාන්න ඕනෑ...
කෑම එක නැවැත්තුවොත් හොඳ නැද්ද?