(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම තීරණය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතා ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම සමග සභානායක ධුරය පුරප්පාඩුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ඡන්දෙදී මෑන් පරාදයි.. අපි මෑන්ට ඡන්දේ දෙන්නේ නැහැ.
පොලේ ගිහින් කතාවක්.. පාර්ලිමේන්තුවේ පට්ටමක් හම්බ වුණාම වෙන කතාවක්... මෙයාලාට ඡන්දෙ ඉල්ලන්න විලි ලැජ්ජාවක් නැති හැටි.
එදා මෙයා ආණ්ඩුව විවේචනය කරද්දී, මම සටහනක් කළා මේ සුසිල් ප්රේම්ජයන්තටත්, ඩීල් දාසටත් ඇමති කියන මස් කෑල්ලක් දුන්නා නම්, ඕනේ විදියට හසුරුවන්න පුළුවන් කියලා. දැන් හරිනේ...!
මෙයා නම් අවුරුදු 30ක විතර පාර්ලිමේන්තුවේ හිටපු... එහාට මෙහාට පැන පැන... මිනිස්සුන්ව ගොනාට අන්දන කෙනෙක්. තාමත් එලෙසම හොඳටම කරගෙන යනවා. ළමයි ඇමෙරිකාවේ. අනේ මෙහෙ ගොන් ඡන්ද දායකයින් තාමත් රැවටෙනවා. අයියෝ මේ රට පව්. මේ අයට හෙන ගහනවා.