මොහාන් පීරිස් අග විනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මිනිත්තු 45 ක ප්‍රකාශයක් කරමින් පසුගිය රජය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරුකමින් ඉවත් කිරීමටත් මොහාන් පීරිස් එම තනතුරට පත් කිරීමටත් කළ ක්‍රියා මාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයිද එහෙයින් මොහාන් පීරිස් අග විනිසුරු ලෙස පත් කළැයි පිළිගත නොහැකි බවද කීවේය.
ඔහු පසුගිය ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවත් අග විනිසුරු වැනි කෙනකු එවැනි තැනක සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් අගමැති කීවේය.
එපමණක් නොව රජයට ඕනෑ විදියට නඩු තීන්දු දීමට තමා සූදානම් බව ඔහු කීවේයැයිද එවැනි අග විනිසුරුවරයකු ස්වාධීනත්වයෙන් කටයුතු කළ නොහැකි බව පෙනේ යැයිද කී වික්‍රමසිංහ මහතා අපට ඕනෑ වුණා නම් ඔහු ලවා මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා සිරගෙට යැවීමට වුවත් තීන්දුවක් ගත හැකිව තිබූ බවත් සඳහන් කළේය.
අගමැති මේ ප්‍රකාශය කරද්දී විපක්ෂයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කෑකෝ ගැසූහ.
කථානායක ඉන්පසු සභාව මිනිත්තු 20කට කල් තැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු ක්‍රමයෙන් රට වැනසෙනවා. දැන්මම පෙරනිමිති (නදී)
එයා හිටියා නම් නෝනා ගොඩ. දැන්නම් වැලිකඩ (නදී)
රනිල්ට රජිතව වැහෙයි.(හේ)
ඔය හැමකෙනාටම තියෙන චෝදනා ගැන ඉක්මනින් පරීක්ෂණ සිදු කර නීතීය ක්‍රියාත්මක කරන්න (දිල්)
කාටවත් මතක් වෙන්නේ නැද්ද මන්ද මේ දේශපාලකයන්ගේ අවම සුදුසු කම් උසස් පෙළ දක්වා වත් ඉහළ දමන්න. (දිල්)
මේනක මහතාට මගේ ප්‍රණාමය! (නි)
කරුණාකරලා ඊළඟ චන්දෙන් වත් මේ කෑරලෙක් වගේ කෑගහන මහජන නියෝජිතයා ගැන තීරණයක් ගනිමු. අපිට විලි ලැජ්ජාවේ බැහැ මේ මනුස්සයා අපේ දේශපාලකයෙක් කියල පිටරට මිනිහෙකුට වත් අඳුන්වා දෙන්න. කොතනක හෝ වේවා විරුද්ධ මතයක් වුනත් ප්‍රකාශ කරන්න ඕන චාරයක් ඇතිව.
උසස් පෙළ ලකුණු මට්ටමින් ගත්ත නම් පාර්ලිමේන්තුවත් කලිසම් කාරන්ගේ සරසවියක් නේද මාමේ. (නදී)
පංචායුද එල්ල ගත්තම ඔහොම වෙනවා. දැන්වත් සුද්ද කරමු දුෂිත ආයතන (නදී)
මෙවැනි තැනකදි වත් හරියට කතා කරන්න දන්නේ නැති නම් රැස්වීමකට බාධා කරනවා නම් මොකද කතා නායක තුමාට තීරණයක් ගන්න බැරි. ? (නදී)
අග විනිසුරු ගැන කතා කරන්න ඒගොල්ල අකමැති නම් වහාම සාකච්ඡාවකට ගන්න අර දෙපාරක් ඉපදුන ආශ්චර්යමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර සිද්ධිය. ඉබේම කට වැහේවි. (නදී)
අර මොන්ටිසෝරියේ එකා කෑ ගැහැව්වේ නැත්නම් තමයි පුදුමේ ? විලි ලැජ්ජාව කියල එකක් තියෙනවයැ (නදී)
කෑ ගසා සභාවේ බාධා කර හැසිරෙන අයට පාසලේ බාලාංශ පන්තිය පෙන්වනු මැනවි. (නදී)
කුමන ප්‍රකාශ කවුරු කළත් ශිරානි ඉවත් කළ විදියත් ශිරානි නැවත පත් කළ විදියත් දෙකම වැරදියි. මෙම අවස්ථා දෙකම නීතියේ ආධිපත්‍යයට විධායකයේ බරපතල අත පෙවීම්. යහපාලනයක් තුල සියල්ල නීතියට අනුව සිදුවිය යුතුයි. ශිරානි ඉවත් කළ ආකාරයට වඩා ශිරානි පත්කළ විදිය භයානකයි. (නදී)
රනිල් වික්‍රමසිංහ කියන්නේ උගත් දේශපාලකයෙක් බුද්දිමත් කෙනෙක් කියන මේ කතාව විස්වාස කරන්න පුළුවන්. (නදී)
සම්පත් වන්නිඅාරච්චි ඔබ හරි (නදී)
මේ කෑරලෙක් වගේ කෑගහන , චාරයක් නැති වචන භාවිත කරන කෙනාව ඊළඟ මැතිවරණයෙන් වත් අයින් කලේ නැති නම් රටට යන වගතුවක් නැති වේවි. ඕනෑම දෙයක් ප්‍රසිද්ධ සභාවක කියන ශීලාචාර ක්‍රමයක් තිබෙනවා. (නදී)
අර දුටුගැමුණුයි පංචායුදයි තමයි මහින්ද මහත්තයව කෑවේ. දැනුත් ගම කනවා (නදී)
මැති සබය සජීවීව නරබන්න දියුණු රටවල ඉඩ දෙනවා. ලංකාවෙත් ඒ දේ කරන්න. (නදී)
මල්ලිලාට බ්‍රේස්ට්ලෙට් දෙන්නෙ කවදාද. අපිට අතීතය මතකයි. (නදී)
අනේ මන්ද පද්මිණි එහෙම නම් ඉතින් "වැඩිහිටියන්ට පමණයි " කියල විකාශනයේ පුර්ව දැනුම් දීමක් වත් කරන්න වේවි නේද ? නැති නම් අර කට හොඳ නැති කට්ටිය කියන වචන බහ තෝරන ළමයෙක්වත් අහුලා ගත්තොත් (නදී)
රනිල් හොඳ උගතෙක්. රටට ආදරය ඇති විධායක ජනාධිපති කෙනෙක් අපිට ඕනෑ. (නි)
අහවලාගේ "මන්දිර දෙකේ" විදුලි බිල් දෙක විතරක් මාසෙකට රුපියල් ලක්ෂ 2.65ක්ලු. මේ වගේ අයටම ගිය රටකද අපිට තවමත් ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. (නි)
නූගතුන් පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට යවන අයටයි ගහන්න ඕනෑ. (නි)
වහාම විමල්ගේ වත්කම් සහ එම වත්කම් සොයාගත් ආකාරය රටට හෙළිකර නීතියෙන් උපරිම දඬුවම් කරන්න. (නි)
ඉක්මනින්ම දුෂිතයන්ට දැඩි දඬුවම් කරන්න. (නි)
අග විනිසුරු මොහාන් ගේ පත්වීම වැරදියි කියල කොහොමද තීන්දු කලේ. රනිල්ට හෝ ජනපතිට තීන්දු කරන්න බලයක් නැහැ . මේකද යහපාලනය (නදී)
පොදුවේ ගත්විට දේශපාලනයට අවශ්‍ය අවංකකම ,බුද්ධිමත්බව සහ මනුස්සකමයි.ඒ සමගම රටට ආදරය කළයුතුයි. පාර්ලිමේන්තුවේ මේ අය කියන කරන දේවල් අපි හොඳට බලාගෙන සිටිමු. (නි)
අතීතයේ අපේ රට බේරාගත්ත වීරවරයින්ට බනින්න එපා. (දිල්)
මන්දිර වලට බදු ගහපු එකට හිතට අමාරුව.(හේ)
මොහාන් ගිය පාඩුව විමල්ට තදට දැනෙනවා ඇති. නෝනගේ පාස්පෝර්ට් දෙක හින්දා (නදී)