(බන්ධුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට විවෘත නොවන පසුබිමක සජීවී විකාශය ලබාදීමට අපොහොසත්වීම මෙන්ම අදාළ පටිගත කළ පාර්ලිමේන්තුවේ විවාද ඊයේ(19) දිනයේ මාධ්‍යයට නිකුත් නොකිරීම පිළිබඳවත් විපක්ෂය අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
එසේම ඊට එකඟ වෙමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාද කියා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාවට දැනගැනීමට අවස්ථාව දිය යුතු බවත් අනිවාර්යයෙන්ම පටිගත කිරීම් මාධ්‍යයට ලබාදීමට කථානායකවරයා ක්‍රියාකළ යුතු බවත්ය.
එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා මේ පිළිබඳ විමසමින් පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කර සිටියේ ආණ්ඩුව විවේචනය කරන මන්ත්‍රීවරුන්ගේ කථා එළියට යාමට නොදීමට මෙවැනි දෙයක් හිතාමතා කරනවාද යන්නයි. නමුත් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කළේය.
ඊයේ දිනයේ සජීවි විකාශය විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කථාකරමින් සිටියදී ඇණහිටි බවත් පටිගත කිරීම් මාධ්‍යයට ලබාදී නැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය.
එම අවස්ථාවේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා යළිත් මෙවැනි දෙයක් නොවීමට වගබලාගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය මාධ්‍යවලින් වෙනදාට පාර්ලිමේන්තුව ලයිව් බලාගන්න පුලුවන්ද?
බොහෝමයක් මිනිසුන් නරි කෑගැසීම් ඇසෙන විට එයට ප්‍රිය නොකරයි. එබැවින් රටවැසියා වසංගත තත්ත්වය යටතේ ඉතා අපහසුවෙන් සිටින අතර, තවත් නරි නාඩගම් පෙන්වමින් තවදුරටත් අපහසුතාවයට පත් නොකිරීමට ගත් හොඳ තීරණයක්...