IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් දැඩි තීරණයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න )

පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සමහර රූමත් සේවිකාවන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන්  සිදුව ඇතැයි පැවසෙන  ලිංගික හිංසන සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී  යම් නිලධාරියකු  හෝ පිරිසක්  එවැනි වරදක් කර ඇති බව තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  පැවසුවාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටුව විමර්ශන කටයුතු අපක්ෂපාතීව කරගෙන යන බවද ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ  2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජේෂ්ඨ  නිලධාරිනියන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

සිද්ධිය  සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති අතර  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව පවතින බව මහලේකම්වරිය සඳහන් කළාය.

එකී කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම්වරයාටද  තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයකින් දන්වා ඇතැයි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (4)

පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් දැඩි තීරණයක්

Rata Perata Thursday, 17 August 2023 08:20 PM

මේවා බලලා චූන් වෙන්න එපා. මේවා කයිවාරු විතරයි. මොවුන් මේ වැඩේ දිගටම කරගෙන යනවා. ඔවුන් එක්ක ඉන්න බැරිනම් රස්සාවෙන් අස්වෙලා කියයි... එච්චරයි. අපි නොදන්න දැඩි තීරණ.

:       0       2

pakeer Thursday, 17 August 2023 09:17 PM

මෙන්න අපේ බදු සල්ලිවලින් පාර්ලිමේන්තුවේ අය බදු ගහනවා. කොට්ට පැදුරුත් දාගෙන... මාර රටක්නේ මේක...

:       0       2

Sampath Thursday, 17 August 2023 09:17 PM

සියලුම ආයතනවල මේ තත්වය දැනුම් දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

:       1       2

anil Thursday, 17 August 2023 10:45 PM

ඉතා හොඳයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site