ප්‍රංශ දේශපාලනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දැනට සිටින ප්‍රමාණයෙන් තුනෙන් එකක් අඩු කරන බව ප්‍රකාශ කළේය.
වසරක් ඇතුළත තමන්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට පාර්ලිමේන්තුවේදී සහාය හිමි නොවූවහොත් ජනමත විමසුමක් පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු පැවැසීය.
මැයි මාසයේදී ජනාධිපතිධුරයට තේරී පත්වීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා එරට ජාතික මන්ත්‍රණ සභාව සහ සෙනට් සභාව පළමුවරට අමතමින් මේ බව ප්‍රකාශ කළේය. ප්‍රංශයේ ‘වර්සයිලස්’ මාලිගයේදී විනාඩි 90ක් පුරා තම කතාව කරමින් ප්‍රංශයට වෙනසක් අවශ්‍ය බව කියා සිටියේය.
“අද වෙනකන් අපි ගමන් කරමින් සිටියේ වැරැදි මාර්ගයක” යැයි 38 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසීය.
“අපි කතාකරන දේවල්වලින් ප්‍රතිඵල ලැබිය යුතුයි. නීති ක්‍රියාමාර්ග බවට පත්විය යුතුයි. ඔබ ජීවත්වන සමාජය උරුමයෙන් ලද නැති වී ගිහින්. මේ සමාජය යුක්ති සහගත සමාජයක් බවට පත්විය යුතුයි” යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයාගේ නව යෝජනාව අනුව ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 577 සිට 385 දක්වා සෙනට් සභාවේ ආසන සංඛ්‍යාව 348 සිට 232 දක්වාත් අඩුවීමට නියමිතය.
ඒ.එෆ්.පී 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට ලංකාව!
ලංකාවේ නාස්තිකාර 225 අඩුම තරමේ 125 බස්සලා, 98k ඇමතිවරු 25 බස්සලා කියන පුවත ලංකාවේ ජනාධිපතිගෙන් අපි අහන්නේ කවදාද ? ලුසේනා
අමාත්‍යදුර ගැන මේ අදහසම ලෝකෙම උතුම් රටක, චන්දෙට පෙර පුරසාරම් දෙඩුවා.
බැරිද මහත්තයො, අපේ රටේ ජනාධිපතිකමත් බාරගන්න...මෙහේ 1/3ක් නෙවෙයි 1/2ක් වත් අඩුකරන්න ඕන.
හොඳ අදහසක් බැරිද දන්නේ නැහැ ඔයවගේ මෙහෙත් කරන්න? නැත්නම් ජනතාවගේ බඩගොස්තරයට දෙයියන්ගේම පිහිටයි.
ප්‍රංශේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
එකටත් එක්ක අපේ රටේ, අමාත්‍යංශ කඩලා කඩලා බෙදලා දීලා තවත් කඩන්න බෑ. තව තියෙන්නේ මහාමාර්ග කියන එක මහා ඇමති මාර්ග ඇමති ලෙස වෙන්කිරීමයි. උසස් අධ්‍යපනෙත් ඔය වගේම කඩන්න පුළුවන්. ඔය විදියට කැඩුවොත් නම් තව 25 - 30 ක් වැඩිකරගන්න පුළුවන්.
ප්‍රංශ රටේ එහෙම උනත් ලංකවේ එහෙම වෙන්නේ නෑ, 225 තවත් වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නෑ.
මෙතුමාව අපේ ජනාධිපති කරගන්න බැරිද.....?
අපෙත් 50 ට අඩු කළොත් රුපියල් බිල්යන 17.5ක් රටට ඉතිරි කළ හැකියැයි සිතන්න පුළුවන්...
මා පදිංචි රටේ නායකයාගෙන්, මා උපන් රටේ නායකයන්ටත් ලබා දෙන උසස් අදහසක් ! ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් විශාල වශයෙන් අඩු කර ගැනීමට මෙය ලොකු පිටිවහලක් වෙනවා ඇත. දැනට සිටින මැති ඇමතින්ට අනුයුක්ත කර තිබෙන නිලධාරී, වාහන, ඉන්ධන ආදී මෙකී නොකී සියලු දෑ මේ මගින් අඩුකර ඒ රුපියල් මිලියන, ජනතා සහන සඳහා යොදා ගැනීමට බැරි කමක් නැත. යහපාලන රජයේ නායකයිනි, මේ ඔබේ අවධානය පිණිසයි !
පිස්සුද විපක්ෂයේ ඉන්න පුද්ගලයන්ටත් අමෙති කම් දීල තම ගොඩ වැඩිකරගන්න , පුලුවනම් පස්සදොරෙන් පින් මන්ත්‍රිලා දෙතුන් දෙනෙකුත් ගන්න , මන්ත්රිලගේ වැටුප් දීමන එහෙම වැඩිකරන්න ,
ප්රන්සය මහා දුප්පත් රටක්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන අඩුකරන්න, අන්න එකට අපේරට හැමතිස්සෙම හදන්නේ ඇමතිලා, උප ඇමතිලා පැටව් ගහ ගහ වැඩිකරන්න.