ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බරපතල අවධානමකට ලක්වී යහපාලනයේ මූලික පිළිවෙත් අහිමි වී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමට ඉක්මනින් දිනයක් දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පරුම, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ හා වාසුදේව නානායක්කාර මහත්වරු ලිපියක් මගින් ඉල්ලා සිටිති.
දේශපාලන පක්ෂ නායකයනට තම අදහස් බාදාවකින් තොරව පාර්ලිමේන්තුවේ කියා පෑමේ අවස්ථාව අහිමි වී පාර්ලිමේන්තු කමිටු සංයුතියේ බරපතල විකෘති ඇතිවී ව්‍යාපාර කමිටුව, රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාව (කෝප්), විගණන කමිටුව ආදියේ බරපතල විෂමතා ද හටගෙන ඇතැයි ඔවුහු කියති.
පෙර සිටි කතානායකවරුන්ගේ තීන්දු උල්ලංඝණය කරමින් කතානායක ක්‍රියාකරන බවත්, විපක්ෂයේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවලට තද බල අවධානමක් හට ගෙන ඇති බවත් ඔවුහු පවසති.
පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව ද අපහරණ වී ඇතැයි ද එමගින් ජනතා පරමාධිපත්‍යය පිළිස්සී ඇතැයි ද පසුගිය අගෝස්තු 17 වැනි දා පාර්ලිමේන්තු ඡන්දයෙන් මහජනයාගේ මතයට ද එයින් පහරක් වැදී ඇතැයි ද ඔවුහු සඳහන් කරති.
පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ සතියෙන් සතිය භයානක ලෙස සීමා වන බවත්, පාර්ලිමේන්තුව හා එහි කමිටුවලට ඇති මහජන විශ්වාසය වේගයෙන් සෝදා පාළු වී යන බවත්, එබැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට පිරිමැසිය නොහැකි හානියක් සිදු වන බවත් ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු තර්ජනයක්‘
විජේදාස Friday, 22 January 2016 02:13 PM
හිනා ..හිනා..වෙන්න හිනා.....! (නි)
රෝහිනී Friday, 22 January 2016 02:23 PM
ඔය ප්‍රශ්නය එච්චර දුර යන්නේ නැතුව, ඇතුළේදිම විසඳගන්න බැරිද? (නි)
චරිත් Friday, 22 January 2016 03:02 PM
ඉස්සර නම් මේවට කිව්වේ විජාතික කුමන්ත්‍රණ කියලා (නි)
ආසිරි Friday, 22 January 2016 03:04 PM
අනේ ඒ පාර ජිනීවා මතක්වෙලා. (නි)
මංජුල Friday, 22 January 2016 04:18 PM
මේ අය කටෙන්ද මේ කතාකරන්නේ? නියම ප්‍රජාතන්ත්‍රවාදියෝ (නි)
දර්ශන Friday, 22 January 2016 04:38 PM
මේ අයට බලය තිබෙන කාලෙ නම් බොහොම අපූරුවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකුනා. (නි)
පරාක්‍රම Friday, 22 January 2016 08:34 PM
මේවා අභ්‍යන්තර ප්‍රශ්නද? ජාත්‍යන්තර ප්‍රශ්නද? රටේ අභ්‍යන්තර ප්‍රශ්න අපිම විසඳා ගන්නවා මිස ඊට ඇඟිලි ගැසීමට ජාත්‍යන්තරයට අයිතියක් නැහැ කියලා මීට කලින් අවුරුදු දෙක තුනක් පෙරසිටම කෑගැහුවා මතක නැද්ද? (නි)
ප්‍රනාන්දු Friday, 22 January 2016 10:20 PM
හොඳ වැඩක් (නි)
ලුම්බිණි Friday, 22 January 2016 11:41 PM
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්න යන කට්ටිය දැක්කහම පුදුම හිතෙනවා. (නි)
මලික් Friday, 22 January 2016 11:44 PM
දැන් හැරෙන තැපෑලෙන්ම පිළිතුරක් එවයි එහෙනම් (නි)
සෑම් Friday, 22 January 2016 11:50 PM
මේ ලියුම යවලා තියන අය ගැනත් ජිනීවා සහ ලෝකෙම දන්නවානේ (නි)
දුමින්ද Saturday, 23 January 2016 03:03 AM
පංචායුධ කුමාරයත් මේ විජාතික කුමන්ත්‍රණයට හවුලනේ. වසු කිවනම් විනේශ්වරන් මස්සිනාත් අත්සන් කරනවනේ(අ)
ශාන්ත Saturday, 23 January 2016 03:46 AM
එතකොට දැන් ජිනීවා හොඳයිද ? (බ)