පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ඇති පොකුණට හයිබ්රිඩ් කාරයක් වැටී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි.
පාර්ලිමේන්තුවේ සිට පිටතට යමින් සිටි කාරයක් මෙලෙස වැටී ඇතැයි ද, වර්ෂාවත් සමග පැවැති අඳුර නිසා මාර්ගය නොපෙනී පොකුණට වැටෙන්නට ඇතැයි ද, රියදුරු බේරාගෙන ඇතැයි ද එම ආරංචි පවසයි.
ඡායාරූප - ආරියරත්න රණබාහු





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරාට දඩය කීයද? (නි)
වෙච්ච දෙයක්.(හේ)
පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පොකුණ ගැඹුර නැහැ. මෙහි ඉදිකිරීම් වල නියැලුන ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණයට අනුව ඉදිරිපස ආලෝකකරණය ඉතා අඩුයි. මාර්ග සංඥා පුවරුද නොසළකා ඇත. රාත්රී කාලයේ පොකුණක් ඇති බව පෙනෙන්නේ නැහැ (නි)
රටේ මාර්ග අනතුරු වැඩිවෙන්නේ ජනගහණය සමඟම ආනයනය කරන සහ පාරට දමන වාහන ප්රමාණයද වැඩිවී තිබෙන නිසා. දැන් හයිබ්රිඩ් වාහනත් වැහි වැහැලා. හරියට වාහන පදවන්න දන්නේ නැති අයත් වැහිවැහැලා. ඉතින් ඔයින් එකක් දෙකක් පාරෙන් ඉවතට පනින එක ක්රියාව හා ප්රතික්රියාව නැත්නම් හේතුව සහ පලය අතර සහසම්බන්ධතාවයක්. (නි)
අපරාදේ , දේශපාලුවෙක් නොහිටින්න ඇති ! (බ)
මෙ පාර අයවැයෙන් පස්සෙ අපිට නම් ඔය පොකුණ තමා (ම)
දැන් බලාගන්න පුළුවන් ජලයෙන් යටවූ හයිබ්රිඩ් කාරයක ක්රියාකාරිත්වය කොහොමද කියල...(ම)
සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉන්නා සමහර රියැදුරන්ගේ හැටි මේකෙන් පේනවා. "වර්ෂාවත් සමඟ පැවැති අඳුර නිසා මාර්ගය නොපෙනී යන තරමට", මොහුගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා. වැරදිලාවත් මහමගකදී මේ අනතුර සිදුවුණා නම් සමහරවිට කිහිප දෙනෙක් රෝහල්ගත කරන්නට හෝ කනත්තට ගෙන යාමට වුණත් ඉඩ තිබුණා (නි)
හරිම ආසාවෙන් මම හෙඩ් ලයින් එක කියෙව්වේ. එ්ත් වැඩක් නැහැ. එක්කෙනයි වැටිලා තියෙන්නේ. ඒත් වැඩක් නැති කෙනෙක්නේ. වැටෙන්න තිබුනේ රොත්ත පිටින්මයි. එතකොට බඩුමිලවත් ටිකක් අඩුවෙයි (නි)
දැන් ඕකට දඩය කීයක් විතර ගහනවාද? (නි)