19 වැනි ව්‍යවවස්ථා සංශෝධනය තෙවැනි වර කියවීමෙන් පසුවත් වැඩි ඡන්ද 211 කින් සම්මතවීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ඵෙතිහාසික අවස්ථාවට දායකවූ සැමට ස්තූති කළේය.
විපක්ෂ නායකවරයා ප්‍රධාන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන නායකයන්ටත්, ජනමාධ්‍යයටත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත්, 19 වැනි සංශෝධනයට අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කළ නීති සම්පාදකයන්ටත්, ඒ පිටුපස සිටි සියලු සංවිධාන හා බලවේගවලටත්, මහජනයාටත් සිය ස්තූතිය පුද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා.... (ර)
ජයවේව..ජයවේව...ජයවේව...ශ්‍රී ලංකා ..!!! (ම)
රනිල්ට ජයවේවා .ජයවේවා .ජයවේවා .! (බ)
ජයවේවා .රනිල් (බ)
සෝභිත හාමුදුරුවනේ වැඩේ හරි කියල හිතන්න නම් එපා .දැන් තමයි වැඩ පටන් ගන්න වෙලාව ..මොකද ඔය කප්පාදු කරපුවා ආයෙත් බල ගන්වන්නත් වැඩ සිද්ද වෙන්න පුළුවන් නිසා... .බැරිවෙලාවත් රට අමාරුවේ වැටුනොත් ඔබතුමාම වගකීම බාර ගන්න අපේ පින් ඇති හාමුදුරුවනේ ..ජනතාව දෙගිඩියාවෙන් .... (බ)
මේ විධායක ජනාධිපති ක්‍රමය ගෙනාපු ජේ ආර් ජයවර්ධන මහතා කිවේ , ජනාධිපති වන කිසිම කෙනෙක් , මෙම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැහැ , මක් නිසාද මේකෙන් කළ නොහැක්කේ ගැහැණියක් පිරිමියෙක් කිරීම හෝ පිරිමියෙක් ගැහැණියෙක් කිරීම පමණයි , එහෙත් අද වෙනස් වුනා , මෛත්‍රී කියන්නේ දෙවියෙක් වැනි කෙනෙක් , ඔබට සදා ජය (බ)
1815 ? ඉතිහාසේවත් හරියට කියවලා නැහැ වගේ.මේකට සමාන වෙන්නේ කොහොමද ?(හේ)
මෙය ඓතිහාසික ජයග්‍රහණයක් තමයි.(හේ)
මේ දේ වෙනකන් තමයි අපිත් බලාගෙන හිටියේ.(හේ)
සුමුදු හේවා ගේ කුහකකම පරාදයි බක පණ්ඩිතකම. ! (බ)
ගාමිණි මහත්තයට හතලිස් අදිරියට පේන හැටියට වරදක් කියන්න බැහැ..එත් එදෙපලට දැන දැන හෝ නොදැන අපහාස කරන එකනම් ඉතින් හොද මදි..කට්ටිය නිකම් අපිට කිරි පැණි ඉතුරුව. වගේනේ වර්ණනාව..හොර ආණ්ඩු වල පිනා අගමැතිට මොන ජනවරමක්ද ලැබිල තියෙන්නේ ව්‍යස්ථා වෙනස් කරන්න..චන්දෙකින් දිනලා ඇවිත් මේ දේ කරානම් ඔන්න අපි ගරු කරනවා..කොහොම වුනත් මහින්ද මහත්තයට ජනපතිට ඔලුව නමන්නේ නැති අගමැති කෙනෙක් වෙන්න අවස්ථාව සලසල දුන්නටනම් රනිල් මහත්තයට ස්තුති කරනවා..අපි මහා මතිවරනේදී හමු වෙමු..දින 100න් තටු හලලා අගමැතිව ගෙදර යවන්න..(බ)
සුමුදු හේවාට පුදුම අමාරුවක් තිබෙනවා එයා ඉතිහාස චක්‍රවර්ති කියල පෙන්වන්න. (බ)
රනිල් යනු රටට වැඩක් කළ හැකි පුද්ගලයෙකි බුද්ධිමතුන් අතර රනිල් වීරයෙකි මෙතුමාගේ තීක්ෂණ බුද්ධිය රටේ දියුණුව වෙනුවෙන් යොදාගෙන ඉදිරිය දකිමු ! (බ)
ඔන්න යන්තම් දින 100 ඇතුලත එක පොරොන්දුවක් ඉෂ්ට වුනා ( ශ්‍රී ලාංකික සිංහල අපිට ) , හැබැයි ශ්‍රී ලංකික බෙදුම් වාදීන්ට නම් ගොඩක් දේවල දින 100 ඇතුලත් වුනා , මේ ආන්ඩුව තරම් මේ කෙටි කාලය තුල වැඩ කරපු තවත් ආණ්ඩුවක් 1948 ඉදන් නැ . හැබැයි දකුණට නොවේ , උතුරටත් නොවේ , බෙදුම්වාදීන්ට , ඔන්න තවත් මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ . දැනට තහනම් කර තිබෙන ඩයස්පෝරාවට සමබන්ධ ආයතන කීපයකම තහනම අයින් කරන්නයි යන්නේ .මේ පාර්ලිමේන්තුව තුල කොන්ද පන තිබෙන නියම ශ්‍රී ලාංකිකයා සරත් වීරසේකර හිටපු නාවික හමුදා නිලධාරියා පමණි . කමක් නැ , ස්වාධීන කොම්සන් සබා අපිට අවශ්‍ය දෙයකි , නමුත් රනිල් ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බැ , පේනවනේ අල්ලස් හා දුෂණ කොමිසමේ ස්වාධීන කොමසාරිස් තුමිය කවුද කියලා , පේනවනේ මහා බකුවට පත් කල ස්වාදීන අධිපති ගේ වැඩ , කොහොමද අධිපති ගේ වැඩ ගැන හොයන්න පත් කරපු ස්වාධීන නීති කමිටුවේ ස්බාවය හා පිළිතුර , දින 100 ට මෙහෙම නම් බහුතර ආණ්ඩුවක් තිබ්බ නම් කොහොමද ? අද ජනාධිපති තුමා කියනවා දුෂණ මඩ පවත්වන්න හදපු විශේෂ ආයතනය එතුමා දන්නෙත් නැහැලු , ඒක විසුරුවා හරිනවලු .(බ)
මමනම් දැක්කේ විධායකය තියාගෙන රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳලා රටට සංවර්ධනය කියන වචනය යතාර්ථයක් බවට පත්කිරීමට වෙර දරපු නායකයෙක්. මට නම් 19 සම්මත වුණා කියලා වෙනසක් පේන්නේ නැහැ.(හේ)
ඉස්සර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බොහෝ විට අත ඉස්සුවේ බයට. නමුත් මේ අවස්ථාවේ සැමදෙනාම පක්ෂව ඡන්දය දුන්නේ, ජනතාව කෙරෙහි තැබූ ගෞරවයකින්. එ් නිසා අපිත් ඔබ සැම දෙනාටම ගරු කරනවා. ගරු, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා මේ රට සැබෑ ධර්මද්දීපයක් කරන බව අපට විශ්වාසයි!!!(හේ)
19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තු සජීවී විකාශයෙන් මම බැලුවා. ඉතා හොඳ තර්ක විතර්ක අදහස් වගේම වැඩකට නැති කතාවලින්ද පිරී තිබුනා. කාරක සභා අවස්ථාවේදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වැදගත් සංශෝධන ප්‍රතික්ෂේප වුණා. එම අවස්ථාවේදී අගමැතිතුමා හැසිරුණු ආකාරය ගැන මගේ පැහැදීමක් නැහැ. එම යෝජනාවලට ආණ්ඩු පක්ෂයේ නායකයා විධියට අගමැතිතුමා ඊට වඩා නම්‍යශීලී උනානම් ඉතා හොඳ බවයි මගේ අදහස. අගමැතිතුමා ජනාධිපතිතුමාටත් වඩා ඉහලින් ඉන්නවා කියා හිතා ඉන්න බවක් මට පෙනුනා. මමත් එක්සත් ජාතික පක්ෂයට උදවු කරන කෙනෙක්. ඒත් රනිල් මහත්මයට ජනාධිපතිකම ලැබුනොත් කොහොම වෙයිද කියල බයක් හිතට එනවා. ඒක නිසා ඊළඟ සැරේ තව ටිකක් හිතල බලනවා. (බ)
මේ ජයග්‍රහණයේ සැබෑ නියමුවා ඔබයි රනිල් මහතාණෙනි (නි)
ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
1815 ත් අපිට මේ වගේ ඓතිහාසික දවසක් තිබුණා. (නි)
අපිටත් හරිම සතුටුයි (නි)
ශ්රී ලංකා ඉතිහාසයේ ඉතිහාසගතවෙන මොහොතක් (නි)
ඉතිහාස ගතවෙන අවස්ථාවක්. සැරදේ ශ්‍රී ලංකා මාතා! (නි)
රට වෙනුවෙන් අවංකව කවදත් ක්‍රියාකළ ඔබතුමාට ජාතියේ ප්‍රණාමය! (නි)
අජිත් කරුණාරත්න මහතාගේ අදහස් ඉතා අගය කරමි . අජිත් මහතා එජාපයට හෝ ශ්‍රී ලනිපය පැත්ත ගන්න එපා , රටේ පැත්ත ගන්න , රට හරි මග ආර්ථික , ආරක්‍ෂිත හා සමාජමය පැත්ත ගැන සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . මෙහි එ්ක පාක්ෂිකව අදහස් දාන අයට ඔබතුමා දුන්නේ හොඳ උත්තරයකි . මෙහි අදහස් දාන දෙතුන් දෙනෙක් නො පිළිගත්තද , අද ජනමතය එදා ජන 9 වෙනිදාට වඩා වෙනස් දකුණේ නම් , හැබැයි උතුරේ නම් එයාල බලාපොරොත්තු දේවල් ගොඩක් ලැබුණු නිසා එජාපයට ගොඩක් වාසි වේවි . ඔබ තුමා දැක්කද අද ජාතික පුවත් පතක තියෙනවා ඩ්‍රාවිඩ් සන්දානයේ අදිකාලන් මන්ත්‍රී තුමා කියන්නවා , ඊළඟ ආණ්ඩුව පිහිටවන්නේ එයාල ගේ බලය අනුව කියලා . කාටද මේවා කියන්නේ ? මේවත් අනුමත කරන අය දැන් උඩ පැන පැන අහාවී ඇයි එයාල අපේ රටේ අය නොවේද කියලා ? කොහොම නමුත් අජිත් මහතා වැනි අයගේ අදහස් මතුවටත් බලා පොරොත්තු වෙමි (බ)
ඒ වගේම ඔබතුමාට බොහොම ස්තුතියි මේ තරම් භාරධූර කටයුත්තක් සියලු බාධක මැද ජයගෙන රට ජයග්‍රහණය කරා රැගෙනයාම ගැන (නි)
අලුත් ක්‍රමයට මැතිවරණයක් තියලත් බලමු. (නි)
ඇත්ත. මේක නම් ඉතිහාසගතවෙයි (නි)
මෙම ආයතන ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්, වාහන සහ ප්‍රතිපාදන නොඅඩුව ලබාදිය යුතුයි (නි)
පියාට බලතල වැඩියි කියලා ඒවා පුතාට හෝ අම්මට භාර දෙන්නේ නැ , පියා දුර්වල නම් වෙන්නේ පවුල බිඳ වැටෙන ඒකයි , පියෙක්ව නම් ආයේ ගන්න බැ ඉන්න කෙනාව හදා ගන්නවා ඇරෙන්න , නමුත් රාජ්‍ය නායකයා දුර්වල නම් රට පිරිහෙනවා හැම අතින්ව , ඒවා නැවත හරි ගැස්විය හැකි හා බැරි නිසා කල්පනා කාරී වියයුතුයි . (හේ)
19 සම්මතයි.(හේ)
පොරොන්දුවක් ඉටුකළ නායකයෝ දෙදෙනෙක්. (නි)
රටට අවශ්‍ය විශිෂ්ට නායකයෝ දෙන්නා. මේ රටේ වාසනාව. ජය ශ්‍රී ශ්‍රී ලංකා! (නි)
මේක නම් අපි කවදාවත් නොහිතපු දෙයක් (නි)
අපේ මහජන නියෝජිතයෝ හිතපු තරම්ම නරක නෑ (ම)
විශ්මයජනකයි.(හේ)
කවුරු කොහොම කීවත් රනිල් කියන්නේ මේ රටට ආදරයක් තියෙන කෙනෙක් නොවේ. මෙයාල හොඳට බොරු කියල ජනතාවට කොලේ වහල වැඩ කරන කට්ටියක්. රටේ නිදහස සහ ආරක්ෂාව විනාශ කරනවා. (බ)
මේ අයට මේක ඓතිහාසික ජයග්‍රහනයක් වුනාට අපිටනම් නෑ.(හේ)
හොර බොරු නැති අවංක නායකයන් දේපළක්. ඔබ දෙපළට දීර්ඝායුෂ වේවා. (ත)
මෙහි ප්‍රතිචාර දක්වන ඇතැමෙක් ලංකාවේ ජීවත් වූ අයදැයි සිතේ. (ත)
කියපු දේ කරන, කරන දේ කියන දූරදර්ශි නායකයෙකි....! බාධක හමුවේ නොසැලී ඉදිරියටම යමු. ජය...(ම)
අපි සාරධර්ම වලින් යහපත් සමාජයකට පියනගන්ට ඕනෙනම් විනිවිද භාවයකින් යුතු, නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම එක හා සමානව සලකන, සෑම පුරවැසියෙකුම තරාතිරම පසෙකලා නීතියට හිස නමන, කාටවත් නීතියට ඉහලින් යා නොහැකි, වැරදි කරුනම් දඬුවම් ලැබිය යුතු, පිරිසදු පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට හොඳ ආරම්භයක්. එහෙම කටයුතු කලොත් තමයි ලෝකයේ අනිත් රටවල් සමග අපිට ශිෂ්ට ජාතියක් හැටියට ඉදිරියට යන්ට හැකිවන්නේ. (බ)
ජනාධිපතික්‍රමය හොඳයි, එය විනාශ කළේ එයට පත් උණු පෙද්ගලයෙක් විසින් පවුල් පෝෂණය කල නිසා. අපිට මේ වෙනස ගැන සතුටුයි. (බ)
බොහොම කාලෙකින් මැතිවරණයකදී කරනවා කියපු දෙයක් එම කාල සීමා තුල කරලා පෙන්වල තියෙනවා. එයට සුභ පැතිය යුතුයි. (බ)
බලාගෙනයි ඕක හදපු කෙනා වලෙන් නැගිටලා මොනවා හෝ කරන්ඩ පුළුවන්. (බ)
රනිල්ට ස්තුති කරන්න තව කල් තියෙනවා, මේ පටන් ගත්ත විතරයි (බ)
රනිල් මහත්තයට තනියෙන් ඉල්ලලා ජනාධිපති වෙන්න පුළුවන් කියල පෙනුනනම් මෙයා මෙන්න කියල 19 ගෙනෙයි..මේක අර කඩන්න බැරි මිදී තිත්තයි වගේ වැඩක් තමයි.. ඒ වගේම මේ විධායකයේ කපපු තටු මොනවද කපන්න ගිය තටු මොනවද කියල බලල ඒ දෙකේ වෙනස වටහ ගත්තනම් රටට වටහල දුන්නනම් මේක නිකන් පුස් වෙඩිල්ලක් කියල ඕන කෙනෙකුට පැහැදිලි වේවි..කොහොම හරි රනිල් මහත්තයට ගහපු ගැටේ හරියට ගහගන්න බැරි වුනා..රනිල් මහත්තය පරාදයි..මෛත්‍රී මහත්තය දිනුම්..එ්ක තමයි අවසාන ප්‍රතිඵලය..(බ)
මේ කියන අය හරියටම දැනගෙනද කියන්නේ. අපේ රටේ ඉන්නේ ව්‍යවස්ථාවට අනුවම, නිතිප්‍රකාරව කටයුතු කරන අය නම් අපි ලෝකේ ඉහලම තැනක ඉන්නවා නොඅනුමානයි. (බ)
මගේ ශ්‍රී ලංකා මතා බැබලේවා ලොතලේ ඔබ දෙපලට අපි සදා ණය ගැතියි (බ)
ඔබතුමාලට ජය වේවා (බ)
ජේ.ආර් වලෙන් උඩ ඇවිත් මේකත් ඒ පැත්තට අරන් යයි නේද (බ)
ඊළඟ අගමැති මහජන ඡන්දයෙන් පත්වෙන කෙනෙක්ද? (බ)
මහින්ද ඊළග අගමැති. (බ)
දැන් අපේ රටට නෙල්සන් මැන්ඩෙලා වගේ ජනාධිපති කෙනෙක් සහ ලී ක්වාන් යු වගේ අගමැති කෙනෙක් ඉන්න නිසා රට දියුණු කළ හැකියි. (බ)
දැක්මක් ඇති ශ්‍රේෂ්ඨ නායකයෙක්. රට ගොඩගත හැකි එකම නායකයා. (බ)
ජනාධිපතිතුමා ,අගමැතිතුමා මේ කලදෙයත් ඊයේ වෙනත් අය සමග කළ සටනත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි. දෙදෙනාටටමදීර්ඝායු ලබා දිගු ගමනක් යාමට සුබාසිරි. (බ)
අජිත් කරුණාරත්න මහතාණෙනි, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත්කළ ඉතා වැදගත් සංශෝධන ප්‍රතික්ෂේපවුණ බව මමද දුටිමි. සැබවින්ම එකී සංශෝධන ඉවතලීමේ සැබෑ වාසිය ඇත්තේද කාටදැයි අපිට වැටහෙන නිසා ඒවා සම්බන්ධයෙන් නම්‍යශීලීවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි මගේ නම් වැටහීම. (නි)
අපි නම් දෙවතාවක් මහින්දට ඡන්දේ දුන්නා. නැවත දෙන්නේ නෑ. කොටි විනාශ කරපු එකට අපි ගරු කරනවා. නමුත් රට විනාශ කරපු එකට අපි විරුද්ධයි (බ)
ගරු මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේගේ වෑයම එදා බුදුන් දවස ගම් නියම්ගම් හරහා බුදු දහම පැතිරුවාසේම මෙතැනදීත් සුබ ඵල පැතිරුණා. රටම බේරුණා. ඔබලාට පින් (බ)
කෙදිනක හෝ දුක් වෙන්න සිදු වෙයිද දන්නෙ නැහැ කාලයට ඉඩදී ඉවසීමෙන් බලා සිටිමු. ලක් මවුණි ලියන මකන ව්‍යවස්ථා අපේ රටට කොඩිවිනයක් උදා කරයිද? රජ වරු ගලෙහි ලියවන ලද සෙල් ලිපි අදද නොවෙනස්ව පවතී එහෙත් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරපාසැල් ලියවිල්ලක් බදුය ලියලියා මකති මකමකා ලියති. මහජනතාවගේ සැකය වන්නේ වර්ථමාන පාර්ලිමේන්තුවේ සිටින්නේ පෙර පාසැල් ලමුන්ද එසේත් නැත්නමි පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන ලද්දේ පෙරපාසැල්වත් නොගිය අයද යන්නයි. මෙයට සිංහල වචනයෙන් කියන්නේ මාමාට බෑණා ගැසු දැවැන්ත කනේ පහරක් යනුවෙනි . අපේ මවුබිමට තෙරුවන් සරණයි (බ)
අති විශිෂ්ට අවසානයකට විශිෂ්ට ආරම්භයක් කරගන්න (බ)
සතුටුයි. පාර්ලිමේන්තු මැති ඇමතිතුමන්ලා ගැන ගොඩක් සතුටුයි. හැමෝම ජනාධිපතිතුමාගේ කතාව හොදින්ම තේරුම් ගෙන තියනවා. මේ වගේ අවශ්‍ය හොද දේට සහය දෙන්න.(බ)
සුමුදු හේවගේ කුහක කම හොදටම ප්‍රදර්ශනය උන දවසක් කෝ මේ රුපවති (බ)
මෙයත් ජයග්‍රහණයකි. නමුත් හවුල් අාණ්ඩු,ජාතික ආණ්ඩු ගැන නොසිතා, මැතිවරණයකදී එකම මන්ත්‍රී ආසනයක් හෝ වැඩියෙන් ගන්නා පක්ෂයට නියමිත කාලසීමාව රටට වැඩ දායක දේ පමණක් කරමින් බලයේ සිටීමට හැකි වනසේ, මැතිවරණයෙන් පසු සන්ධාන ගසා බලය ලබා ගැනීමට ඉඩ නොතබන, නීතියක් ඇතුළත් කලා කෙතරම් අගනේද ? මේ ජාතික ආණ්ඩු ක්‍රමයෙන් සිදුවනුයේ ඇමතිකම් වැඩි වී ඒගොල්ලන්ගේ බරත් මහා ජනතාව ගේ කරමත පැටවීම නොවේද? මැතිවරණයට පෙර වර්තමාන පාලනය ඇමති වරුන් ගණන කීයද? අද කියක් සිටීද? විධායක බලයෙන් සියලුම හැකියාවන් සහිතව බලයට පත්වූ ජනාධිපති තුමා සිය විධායක බලය අඩු කිරීමට කරන උත්සාහයේදී ද සමහරු බල ලෝභීකම ප්‍රදර්ශනය කරති. අනේ අපි වගේ ඡන්ද දායකයෝ. (බ)
අජිත් කරුණාරත්න මහතාණෙනි, මා පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත්කළ ඉතා වැදගත් සංශෝධන ප්‍රතික්ෂේප කෙරුණේ ඒවා ප්‍රතික්ෂේප කිරීම වත්මන් අගමැතිගේ වාසියට හේතු වන නිසා බවත් එහිදී නම්‍යශීලී වීම ඔහුගේ වාසියට හේතු නොවන නිසා ඔහු දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් ය. (බ)
මාලිංග, මෙතන මගේ කුහකකමක් ප්‍රදර්ශනය වෙන බව ඔබ සිතුවත් සැබෑව නම් මෙහිදී සැබවින්ම ප්‍රදර්ශනය වන්නේ මගේ ප්‍රකාශ දිගට හරහට කැපීමයි (බ)
කුහකනම් අතහැරලා දේශය වෙනුවෙන් ගත් හොදම තීන්දුව මෙය බව ඉතිහාසගත වේ .(හේ)
විධායක ජනාධිපති ක්‍රමය ඇතිකළේ දිවංගත ගරු ජේ .ආර්. ජයවර්ධන මැතිතුමා, හොරුන්ට නොවේ . රටට ආදරේ නායකයෙකුට හරියාකාරව රට පාලනය කරන්න හැකිවෙන්න .(හේ)