(නිමන්ති රණසිංහ)
‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවත්, ඔවුන් කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය ඉදිරියේ ඊයේ (19) කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.
තම දෙපාර්තමේන්තුව භාරයේ ඇති සැකකාරියගේ ජංගම දුරකතනයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම කරුණු අනාවරණය කරගෙන ඇති අතර, ඊට අදාළ හඬ පට, කෙටි පණිවිඩ, ඊමේල් සහ වට්ස්අප් පණීවිඩ රාශියකින් මේ බව හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
අදාළ දේශපාලනඥයන් සැකකාරියට මුදල් ලබාදී නැවත ඒවා ඉල්ලීමේ දී ඇය ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින්, මුදල් දීම මග හරිමින් සිටින බවට එම හඬපටවලින් සහ කෙටි පණිවිඩ මගින් තහවුරු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක දී සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ මුදල් ලැබුණේ කෙසේද? ඒවාට සිදුවූයේ කුමක්ද? එම මුදල් කළු මුදල් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.
සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් මස 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසාය බීපු ගොළුවන් බැලීමට අවශ්‍ය නම්, මේ දිනවල පාර්ලිමේන්තුවට යන්න.
ඔය මුදල් දුන් දේශපාලන ව්‍යාපාරිකයෙක්ම ප්‍රියමාලීව නිදහස් කරලා රට පටවනවා රහස් වසන් කරගන්නට..!
තිළිණි අක්කේ . අපි ඔයාට හදවතින්ම ස්තුති කරනවා ඔය කරපු වැඩේට . රටේ ඉන්න හොර තක්කඩි වැඩිහරියකගේ රෙදි ගලවලා දැම්මා .
‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවත් ශ්‍රී ලංකාවේ එක්තරා පුත්‍රයා තිළිණී ප්‍රියමාලි නමැත්තිය වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙන්නට තිබේ.
අපි අධිකරණය විශ්වාස කරනවා; වැරදිකරුවන් සොයා ගැනීම සඳහා පොලිසිය ඔවුන්ගේ යුතුකම ඉටු කරන බව අපට විශ්වාසයි!
මෙම කාන්තාවගේ මගඩි හා ඈඳුණු දේශපාලන නාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පල වන්නේ ඒ ඒ අයගේ හිතළු පමණි. තම දේශපාලන විරුද්ධ වාදීන්ට මඩ තලි එල්ල කිරීම ඔවුන්ගේ එකම අභිප්‍රාය බැවිනි. එම නිසා මෙරටේ වගකිව යුතු ජනමාධ්‍යවේදීන් විසින් තම උපරිම වැර මුන් කව්දැයි රටට හෙළි කරන්න.
අයියෝ!!! අපරාදේ අපේ බදු මුදල් මේවගේ රටේ අභිවුර්දිය ට කිසිම සෙතක් නොකරන, අවසානයේ කිසිදු වැරදිකරුවකු නම් නොවන, සැලකිය යුතු දඩුවමක් හිමි නොවන පරීක්ෂණ සදහා වියදම් කිරීම. හොදම උදාහරණය සක්විති මුල්‍ය වංචාව. ඔහු මුල්‍ය වංචාව සම්භන්ධව සැලකිය යුතු දඩුවමක් තවම විද නැත.
මේ නම් ඉදිරිපත් කරනවානම් හොඳයි මහජනතාවට දැනගන්න. මේවගේ හොර ආයතන මෙච්චර මහා පරිමාණයෙන් කරගෙන යනකම් වගකියුතු තැන් නිදිද. ඒවගේ නිලධාරීන්නුත් මේවගේ මුදල් තැන්පත් කරලද දන්නේ නෑ.
බයවෙන්න එපා ඔය කවුරුවත් හිරේ යන්නේ නැහැ.
මේ අරගලකාරයෝ නිසානේ මේ ඔක්කොම කරදර. නැත්නම් පාර්ලිමේන්තුවේ උන්නාන්සේලට රට කරගෙන යන්න දුන්නාම ඉවරයිනේ.
තිලිනි අක්කිත් අතුලත්ව සියලු දෙනා නිදොස් කොට නිදහස්, බය වෙන්න එා.
බයවෙන්න ඒපා. දේසපාලකයො අන්ධ භාවයෙන් සිටින්නෙ
ඔන්න ඕක තමයි තුන්වන ලෝකයේ කවදාවත් ස්ථිර දියුණුවක් කරා ලඟා නොවන බොහොමයක් රටවල ඛේදවාචකය. දේසපාලකයා මුලින්ම රටේ මුල්‍ය විගණනය අදාළ කරනවා. ඊළඟට දේසපාලුවොයි උන්ගේ පවුල්වල එවුනුයි හොඳට රටේ මුදල් හොරකම් කරනවා. කොටසක් ස්විස් ඩුබායි වගේ රටවල බැංකුවල හංගනවා. තව කොටසක් මුදල් මෙහේ ඉන්න මේ වගේ කුට වංචනිකයන් ගාව හංගනවා. මෙහේ ඉන්න ඔය පොලි කාරයන්ට ඔය සල්ලි වල මහා ලොකු අගයක් නැහැ. උනුත් අත දිග හැරලා වියදම් කරනවා උන්ට ඕනි තැන්වල හංගනවා. මොකද උන් දන්නවා අහු උනොත් හරි බංකොලොත් වුනොත් හරි එක්කෝ උන්ට දේසපාලුවා උදව් කරනවා එහෙම නැත්නම් දේසපාලුවා තමන් දාපු සල්ලි ගැන සද්ද නැතුව ඉන්නවා. රටේ මිනිස්සු නොකා නොබී හරි පන දා ගෙන බදු ගෙවනවා රට ලෝකෙට නය වෙනවා වැඩක් වෙන්නේ නැහැ රට විනාසෙන් විනාසෙට යනවා. හොදට තේරුම් ගන්න ඔන්න ඔය විසම චක්‍රය නතර කරවපු දවසට තමයි අපිට හෙට දවසක් ගැන හිතන්න වෙන්නේ.