ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා(30) සවස තුනට පොළොන්නරුවේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය එ් මහතාගේ ඇතුගල්පිටිය නිවසේ තැන්පත් කර ඇත.
පසුගිය 26 වැනිදා දා ඔහුගේ මිතුරෙකු සමග ඇති කරගත් ආරවුලකින් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වු ඔහු මිය යන විට 43 වියේ පසු වු තිදරු පියෙකි.
1972 වසරේ දෙසැම්බර් දොලොස්වෙනි දින පොළොන්නරුවේ උපත ලැබු පී.ජී ප්‍රියන්ත සිරිසේන මහතා මෛත්‍රී පවුලේ බාල සහෝදරයා වෙයි.
පොළොන්නරුව ලක්ෂ උයන කණිෂ්ඨ විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා ගම්පහ උඩුපිල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් වු ඔහු ගම්පහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ පොළොන්නරුව තෝපා වැව මහ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.
පොළොන්නරුව රජරට බිල්ඩර්ස් හා මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළ රජ රට සහල් පුද්ගලික සමාගමේ හිමිකරු වු ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් විය.
රාජු නමින් සමාජයේ ප්‍රසිද්ධව සිටි ඒ මහතා සමාජ සේවකයෙකු හා දානපතියෙකු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන බොහොම දෙනෙක් තමන්ගේ ඇහේ පොල් පරල ඇනගෙන අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන කතා කරනවා. මියගිය කෙනා කවුරු උනත් මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! (ම)
සරල නායකයාගේ මල්ලි . ස්ට්ෆ් මගින් සතුරා මරල දමන්න මෙවන් සරල / නිහතමානී නායකයා නොකරති. එකී යහපලයෙක් රටට ලබා ගත්තේ. නීතියට ඉඩ දී අවන්නීතිය අතට ගන්න නායකයා පෙලබෙන්නේ නැත. මල්ලි උනත් වැරැද්ද වැරැද්ද වශයෙන් දකින්න . අපේ නායකයා වැඩ කරන්නේ. උතුම් නායකයාණෙනි (ම)
මේ කාගේ වුනත් සහෝදරයෙක්. මියගිය අයගේ කන් කොන් සොයන කට්ටිය තමන්ගේ සහෝදරයා නැති වුනාම එයාගේ වැරදි කියා කියා ඉන්නවද ? මිය ගිය අයට නිවන් සුව පතමි. (ම)
මට පෙනෙන හැටියට නම් කෙනෙකුගේ පණ බේරාගන්න එක්කෙනෙක් ඉස්සරවෙලා වගෙයි. කරපු කෙනත් ළඟම යාලුවෙක්ලු නේද? අපි කවුරුත් හතුරා දනිමු. එහෙත් මිතුරු වෙසින් එන හතුරා හඳුනාගන්න එක තමයි අමාරු. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනෑ හතුරන්ගෙන් නොවෙයි මිතුරන්ගෙනුයි.. (නි)
රූපවති මේවට හේතුව ඊර්ෂ්‍යාව, වෛරය. කවුරු ළගත් ඕක තියනවා අඩු වැඩි තරමට.ඒත් බොහෝ දෙනෙක් ඒක පාලනය කරගන්නවා. ඇත්තටම ඔයා ළඟ වුණත් ඇති.හැබැයි අපි දන්නවා එහි විපාක.අපරාදේ පවුල් දෙකක් නේද? (නි)
තිලක් ඉක්මනට ගිහින් මොළය පරික්ෂා කරගන්න එහෙම නැතිව ලංකවට නම් එන්න හිතන්න එපා(දිල්)
ඩුබායි තිලක්ගේ අසනීප දෙකයි.එකක් මහින්ද භීතිකාව. අනික මහින්ද ගැන ඇති ඊර්ෂ්‍යාව. මිනිහෙක් තමන්ගේ මෙලොව හෝ පෙර භවයක හෝ කළකම් පළදීමෙන් මියගියත් බනින්නේ හිටපු ජනපතිතුමාටයි. එතුමාගේ පවුලේ අයටයි. ඒත් එතුමා රටට කළ සේවය මිනිසුන්ගේ හදවත් වලින්වත් ඉතිහාසයෙන්වත් මකාදාන්න කාටවත් බැහැ (නි)
සුමුදු මහත්තයෝ, අපි ඔය ඩුබායි තිලක්ගේ අමාරුවට නමක් කියනවා. ඒක දැම්මට පල වෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ ඉරිසියාව කුහකකම වෛරය තුනෙන් මනස විකාර උනාම. මේ මනුස්සය ඕපාදුප වෙබ්වල තියෙන මඩ තලි එහෙම පිටින්ම ගෙනත් එසැන පුවත් වල අත ඇරලා මුළු එසැන පුවත් තිරුවම ගද ගස්සනවා. (නදී).
තිලක් ඩුබායි ගිය ආණ්ඩුවේ හිටපු ජනාධිපති තුමාගේ සහෝදරයා හිටපු නිසා තමයි අදටත් අපි බය නැතුව පාරේ බැහැල යන්නේ බෝම්බ පිපිරෙන්නේ නැතුව. ඒ අය මේ වගේ වැඩ කලේ නෑ (දිල්)
මෙයාව මහින්ද මහතාගේ සොහොයුරන් එක්ක සසදන්නේ කොහොමද ? මහින්ද මහතාගේත් එතරම් උගත් නැති බාහිර උපාධියක් විතරක් තියෙන සොහොයුරෙක් ඉන්නවා.හැබැයි මෙයා වගේ රජයේ කොන්ත්‍රාත් බලෙන් කරන්නෙත් නෑ ,හාල් බලෙන් ගන්නෙත් නෑ ,අනවසරෙන් වැලි ගොඩදාන්නෙත් නෑ , කුඩු බෙදාහරින්නේත් නෑ. මේ රටේ සමහරක් මිනිසුන් හිතන්නේ හැමෝම එක ලෙස.එ්ක සමාජවාදේ වෙන්න ඇති. එ්ත් කෙනෙක් විශිෂ්ට හමුදා නිලදාරියෙක් , උගත් දේශපාලකයෙක් වෙන්නේ කැපකිරීමක් කරල වෙන නරක වැඩ කරලා නෙමෙයි (බ)
කුමාර අපි දන්නා විශිෂ්ට හමුදා නිලධාරියෙක් ඉන්නවා යුද්ධ කාලේ අසනීපයි කියලා පිටරට පැනලා ඊට පස්සේ එයාගේ අයියාට ලොකු තානාන්තරයක් ලැබුණාම ආපසු ආවා. බැරි වෙලා ඔයා කියන්නේ එයා ගැන නෙවෙයි නේද ? (දිල්)
කුමාර ඔයා නේද අර ඇමෙරිකාවේ ශීත ඍතුවේ භවනා පන්ති පවත්තපු හාමුදුරුවන් තොප්පියක් ගෙන ඉන්නවා කියල වැරදි සොයන්න ගිහින් මෙතන අයගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්තෙ ? මෙතන මරණයක් වුණ වෙලාවේ ඒකෙත් වැරදි සොයනවා. (දිල්)
මෙහෙම සංසන්දනය කරන එක වැරැදියි නේද (දිල් )
සමහරු කතා කරන්නේ තමන් කැමති නායකයාගේ පවුලේ උදවිය මාර්ග පල ලබපු අය වගේ. හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තියෙන බව දන්නේ නැහැ වගේ ඉන්නේ. මරණයට පත් කෙනාට මොක් සුව පතමි. (දිල්)
මැරුණ කෙනාගේ අඩු පාඩු විශ්ලේෂණය කරලා දැන් වැඩක් නැහැ. (දිල්)
පොරොව හදපු කම්පැනිය හෝ පොරවට අවශ්‍ය යකඩ හදපු කම්පැනිය වහාම තහනම් කරන්න---- යහ පාලනය (බ)
ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා.(හේ)
මරුන කෙනෙකුට අවමන් කරන්න එපා -අපි කවුරුත් දවසක මැරෙනවානේ.(හේ)
නිලන් කෙනෙක් මැරුණාම එක විහිලුවට ගන්න එපා.ඔබේ පවුලේ කෙනෙකුට විපතක් වුනොත් අපි විහිලු කළොත් කැමතිද ? අපි එහෙම වෙන්න කියලා හිතන්නේ නැහැ. නමුත් ඔබේ ශීලාචාරකම තමයි ඔය ලියපු දෙයින් පෙනුනේ (බ)
නිවන් සුව ලැබේවා!!! (බ)
තිලක්- සහෝදර සමාගම් දෙක වෙනස් නේද -එදා මානුෂික මෙහෙයුම -අද (බ)
පොරෝ පාරක් කන්න උනේ සමාජ සේවයට ගිහින් වෙන්න ඇති නේද?... (ත)
නිවන් සුව ලැබේවා (ත)
පොරවට වඩා බලවත් ආප්පේ (බ)
අතේ ඉන්න චුටි බබා ගැන කාටවත්ම අනුකම්පාවක් නැහැ වගේ. මොකටද අපි මේ වගේ නපුරු සමාජයක ඉපදුනේ. (බ)
කතානායක හරි, ආරක්ෂක ලේකම් හරි, අඩුම තරමේ ජාධිපති උපදේශක කෙනෙකු හරි කළා නම් මෙතුමා අදත් ජීවත් වෙනවා. (ත)
ඩුබායි තිලක් කියන මනුස්සයාගේ මොලේ හිලක් (බ)
මිය ගිය අය ලොකු ව්‍යාපාරිකයෙක් වුනේ පහුගිය ආණ්ඩුව යටතේ තමයි . (ත)
පොරෝ පාර කන්නේ කුමාර වගේ මිනිස්සු.(බ)
පාලිත එයා වෙලාවට ආව ඇවිත් ත්‍රිවිධ හමුදාවම කළමනාකරණය කරලා එයාගේ අයියට උදව්කලා මේ රටේ හිටපු මිනීමරු ත්‍රස්තවාදියාව විනාස කරන්න. (ස)
ඔබට නිවන් සුව (ත)
මොකේ පළ විපාකද? (ත)
උනේ කුමක්ද කියලනම් ඉතා පැහැදිලියි. (ත)
පොරෝ පහර දුන් කෙනා සමාජ සේවකයෙන් වුණාද? (ත)
කොටු පනින්නෝ පොරොවෙන් නසිති (ස)
ආරක්ෂකයෝ පිරිවරාගෙන හිටිය මිනිහෙක් නොවෙයි. සාමාන්‍ය විදියට හිටපු මිනිහක්. එහෙම කෙනෙක් ගැන දුෂ්ඨ දේවල් කියන්න එපා. (ත)
මොනවද මේ කියන්නේ. (ස)
මොනා උනත් තවත් දරුවෙකුට පියෙක් වගේම තවත් බිරිදකට සැමියෙක් නැති උනා.(ම)
නිවන්සුව.අපරාදේ තරුණ ජීවිතයක්.(ත)
රට දැය වෙනුවෙන් දිවිපිදුව කියලා පිළිමයක්වත් හදමු (ත)
ඇත්තටම මොකද වුණේ කියා කියන්න බැරිද? (ත)
ඔබේ සහෝදරයට නිවන් සැප අත්වේවා (ත)
මෙවැනි අනතුරකින් ජීවිතයක් නැති වීම අතිශය දුක්බර දෙයක්. ඒ වගේම එයා රටේ නායකයාගේ සොහොයුරෙක් වීම එතුමාගේ නමටත් කැළලක් වෙන්නත් ඉඩ තිබෙනවා. (නදී)
"ඒ මහතා සමාජ සේවකයෙකු හා දානපතියෙකු විය".රටේ සමාජයේ ජිවත් වෙන්න ඕනේ මිනිස්සු අකාලයේ මියැදෙනවා.මැරෙන්න ඕනේ මිනිස්සු ජිවත් වෙනවා. (ත)
ඉස්සර හිටපු ජනාධිපතිගේ කෙනෙකුට පොරෝ පාරක් ගහල මරන්න තියා ඉන්න ප්‍රදේශයක කිලෝමීටර් එකක් ඇතුලට යන්නත් බැහැ.පාරවල් වහල බස් වල යන අසරණ මිනිස්සු පැය 2-3 යන එන මන් නැතිව චාටර් වෙනවද? (ස)
වැඩිය ඕනේ නැහැ ඉස්සර එහෙම දෙයක් වුනානම් මේ වෙනකොට ඔය පොරෝ පාර ගහපු එකාගේ හත්මුතු පරම්පරාවටම "ලිපිනය නැති වෙන්නයි" වැඩ සිද්ද වෙන්නේ.එක්කෝ හත්මුතු පරම්පරාවම මුහුදු වතුර බොනවා.නැතිනම් ලිදේ වතුර බොනවා. (ස)
මම හිතුවේ ජනාධිපතිගේ සහෝදරයට හොද වි්‍යාපාරිකයෙක් කිව්වා නිසා "ජනාධිපති මන්දිරයක්" වගේ නිවසක් ඇති කියලයි.ජනාධිපතිගේ සහෝදරයට වඩා 10 ගුණයක් හොද සුපිරි ගෙයක් මට තියෙනවා. (ස)
දේශපාලනය කරන සමහරුන් වගේ නම් මෙයා නපුරෙක් නොවෙයි. මොහුට නිවන්සුව ලැබේවා ..(ත)
"පිවිතුරු යහපාල" කන දේවල් වලට බදු ගහන්නේ නැති වුනාට අපි කන පරිප්පු,හාල් ටිකට ගහන බදු මුදල් වලින් තමයි හිටපු ජනාධිපති කොන්ඩේ කපන කෙනාටත් ආරක්ෂකයෝ 374ක්. උයන්ඩ 10 ක්. වෙනත් කටයුතු සදහා සේවකයෝ 26 ක් විතර තියන් හිටියේ. (බ)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දෙන්න ඕනේ කට්ටිය තවම යහතින් ඉන්නේ මෛත්‍රී කෙනෙක් පාලන බලයට ආව නිසයි.එදා ජනරාල් සරත් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න අපේ රටේ සමහරක් නිසා බැරි වුනා.එහෙම වුනානම් මේ වෙනකොට කට්ටියටම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දීල ඉවරයි.රට මෙගා හොරුන්ගෙන්/කඹ හොරුන්ගෙන් සුද්ද වෙලා ඉවරයි (බ)
පොරෝ පහර දුන් පුග්ගලයා ඉදිරියේදී ප්‍රාදේශීය සභාවක අපේක්ෂකයකු වන්නට සුදුසුකම ලැබුවා (බ)
සමහර විට රාජු මහත්තයාගේ අවාසනාව වෙන්න ඇති (ත)
කුමාර කියා ප්‍රතිචාර දමන කෙනා මොන ජාතියේ කෙනෙක්ද (බ)
බුදු දහමට අනුව ජීවිතය අනියතය , මරණය නියතය , (බ)
"නයෙක් වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ.නැතිනම් හිතන්නේ බයේ දුවන ගරාදියෙක්" කියලයි.නැතිනම් ඉදිරියට මේ වගේ කොහෙවත් නැති අයගෙන් නිකම් ඉල්ලන් කන්නයි වෙන්නේ. (ත)
ඉස්සර හිටපු ජනාධිපතිගේ සහෝදරයෝ වගේ ජනාධිපති ආරක්ෂක සේවයේ 1000-1200 ක් ගෙන හිටියනම් තවමත් ජිවතුන් අතර ඉන්නවා. (ත)
විධායක ජනාධිපති කෙනෙක්ගේ සහෝදරයෙක් දුර සිට වෙඩි කාල මලානම් තව කමක් නැහැ.(ත)
පැවැත්මෙන් අසංවර වූ පුද්ගලයාගේ ආයුෂ ඉතා කෙටිය (ත)
අවි ගත්තෝ අවියෙන්ම නසිති.....(ත)
නිවස් සුව ලැබේවා. (ත)
ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කල යුතුයි..(ත)
ඒකාධිපතියෙකුගෙන් රට නිදහස් කර ගත්තට මදි.ඒකාධිපතියාගේ අවතාර හොල්මන් තවමත් රජ කරනවා. ඒ නිසා දැන්වත් පවුලේ අයගේ ආරක්ෂාව ගැන මිට වඩා උනන්දු වෙන්න.නැතිනම් ඉන්න අයටත් කොහෙවත් නැති එකෙකුගෙන් ඉල්ලන් කන්නයි සිද්ද වෙන්නේ.අපරාදේ ජීවිතය.(ස)
ඇයි මේ මෙතන සිටින මිනිසුන් රට තොට ලෝකය ගැන යමක් බුධියෙන් දැකල තේරුම් ගැනීමේ මනසිකත්වක් ඇති තැනක සිටන්...? මේ මිය ගිය පුද්ගලයා ගැන මෙහෙම කතාකරන්නේ, මේ මිනිහත් අපේ රටේ මනුස්සයෙක් ඒ මනුස්සය රටේ ජනාධිපතිගේ කව්රු උනත්, ජීවත් උණු පරිසරය කොහොම උනත්, ව්‍යාපාරය මොකක් උනත් ගෙදර වපසරිය කොච්චරක් උනත් ඒක අපිට කිසිසේත්ම වැඩක් නැහැ, මින් එක දෙයක් මටනම් පැහැදිලියි, මේ මනුස්සය ජීවත් වෙලා තියෙන්නේ මේ තත්වෙට ඇවිත් තියෙන්නේ තම දහදිය මහන්සියෙන්, මිනීමරුවෙක් වත්, කුඩුකාරයෙක්වත් නම් අද මෙයාට පොරෝපාර කන්න වෙනේ නැහැ, මේක ඊ ර්සියාවකට පළිගැනීමකට කල දෙයක්. මේ ඉන්නෙත් අපේ රටේ ඔබ මා අපි හා සමාන මේ ගෙන්දගම් පොලවේ පය ගහල මේ මහා පොළවත් සමග දහදිය වගුරවල එදා වේල සොයාගෙන දරුපව්ලක් නඩත්තු කල ඔබ හාසමාන තවත් එක මිනිහෙක්...? එයාගේ සොයුරා රටේ ජනාධි පති කියල ඒ මිනනුස්සය නම් කවදාවත් ඒ උෂ්නේ ඇගේ තවරා ගත්තු පෙනුමක් මා දකින්නේ නැහැ...? එත් ඔබ ඒ ඉන්නේ රටේ ජනාධිපතිගේ මල්ලි කියල ඒ මනුස්සය මැරෙන්න ඕනේ "තරු පහේ " ආකර්ෂණ සිදුවීමකින්ය කියාගන්න තරමට අධි මානයකින් සිටිනා වගයි ඔබ ජීවිතේ හැමදාම අතරමන් වනු ඇත .? කොහොමද ඔයාලගේ කෙමෙන්ට්? අර පාතාල මෙන්ඩිස් ගේ රිය පෙරහැර දැක්ක ආකාරය...? මිනිසුනේ අපි හැමෝම මේ මහා පොලවේ පය ගහල ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයින් හැටියට මීට වඩා හදවත් වලින් තම තමන් පෝෂණය නොවුනොත්, මේ ඈන්... සොයුරිය කියුදේ ඔබට නොපමාව සිදුවනු ඇත ...!!!!අපිට කාගෙන් වහන් වෙන්න ලේසි උනත් සොභාව ධර්මයාගෙන් වහන්වෙන්න ලේසි නැහැ ..??? (ස)
මොහුට මෙහෙම වුණේ පෙර වැරදි නිසයි. කාරනාව හරියට නොදැන එක එක්කෙනාට බනින්න එපා. (ත)
මේකේ කමෙන්ට්ස් දාලා තියෙන සමහර අය අනුන්ගේ දුකේදී පවා සතුටු වෙන අය බව පෙනේ. එවැනි අයට, ඔවුන්ගේ දරුවන්ට සහ පවුලේ අයට ඒ පාප කර්මය හේතුවෙන් යථාකාලයේදී ස්වභාව ධර්මයාගෙන් දඬුවම් ලැබෙනු ඇත. (ත)
මතට තිත නැති එකේ විපාකයක් වෙන්නැති. ශෝකය ප්‍රකාශ කරමු.(ත)
මහින්ද යන්නේ රටට කුඩු විකුණලා,එතනෝල් විකුණලා,ආයුද විකුණලා,මිනිමරලා,ළමා අපචාර කරපු අයගේ මරණ වලට පමණයි. (බ)
රූපවතී ගේ අදහසක් නම් වෙන්න බැහැ.(බ)
මගේ ගම්පහ ඉන්න යාලුවෙක් කිව්වේ මොන ඇමැතිකම් දැරුවත් මෑතක් වෙනකම් ජනාධිපතිගේ සහෝදරියන් ගමන් බිමන් ගියෙත් සාමාන්‍ය බස් එකේ කියල (බ)
ලෝකයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් පොරෝ පහරකට ලක්වෙලා . ලංකාවේ ඉන්නේ පොරොව පාවිච්චි කරන ගල් යුගයේ ම්ලේච්චයෝ කියල දැන් බය නැතිව කියාවි .(ත)
කවුරුවත් ඇත්ත විස්තෙරේ දන්නේ නැහැ වගේ (ත)
මේකට දේශපාලනේ ගාව නොගන්නවනම් වඩා හොඳයි. (ත)
ලෝකයේ පළමු වරට ජනපති කෙනකුගේ මල්ලි කෙනෙක් පොරොවකින් ඝාතනය වෙන්නේ. එයත් යහපාලනයේ ක්‍රමයක් . ආරක්ෂකයෝ නොමැති වීම. (ත)
ඔබ දන්නවාද ඇත්ත සිද්ධිය. (ත)
පොරොව කියන අති භයානක ආයුධය වහාම තහනම් කරනු. (ත)
පොරොවෙන් ගහල යාලුවා මරන සමාජ පන්තිය මොකක්ද? (ත)
අපි දන්නවා වෙච්චිහ දේ ...කුපාඩියෝ ... (ස)
ජනපතිගේ මල්ලිගේ බලය. (ත)
මහින්ද මල ගෙදර යන එකක් නැහැ කුඩු, දුෂණ,මේ කිසිවක් නොමැති. නිසා. (නදී)
කාලාන්තරයක් වැලි කතරෙ ඉන්න කොට මොලේ කරවෙනව.ඊට පස්සෙ තමයි පිස්සු කෙලින්න ගන්නෙ.අනේ අපේ ඩුබායි තිලක්වත් සනීප කර ගන්න බැරි තරමට දැන් ලෙඩේ උඩු දුවල වගෙයි.පව්,ලංකාවෙන් යනකොට කොහොම හිටපු මනුස්සයද.?මොකද වුනේ හැබෑටම. (ස)
නත්ති ජාතස්ස අමරනං. (නදී)
මේක තමා කියන්නේ දිට්ටි දම්ම වේදනීය කර්මය කියලා. කරන කලට පව් මීරිය මී සේ, විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.(නදී)
පිවිතුරු යහපාලටත් ඩුප්ලිකේට් කෙනෙක් ඇවිල්ලා. ඩුබායි තිලක් ඇතුළු යහපාලන කට්ටියට ගොඩක් දේවල් අමතක වෙනවා. (නි)
සුගලා දේවිය මතක් වුණා. එයත් පොළොන්නරුවෙන් නේද.(නදී)
ඔබට නිවන් සුව, ස්වභාව ධර්මය සොයා බලා කටයුතු කරයි (නදී)
දැන් තේරෙනවා නේද හිටපු ජනාදිපතිතුමා කොච්චර බුද්ධිමත්ද කියලා. මම අහල තියෙනවා එතුමාගේ කොන්ඩේ කපන කෙනාටත් ආරක්ෂකයෝ 374ක්. උයන්ඩ 10 ක්. වෙනත් කටයුතු සදහා සේවකයෝ 26 ක් විතර හිටිය කියලා. ඇත්තද මන්දා. බුද්ධිමත් කෙනා කොහොම හරි තමුන්ගේ ගෙදර ඉන්න බල්ලව පවා කෝටියක් වියදම් කරලා හරි ආරක්ෂා කරගන්නවා (නදී)
දානපතියෙක්, සමාජ සේවකයෙක් නම් කොහොමද හොදම යාළුවගේ පවුලේ අයටට බැණ වදින්නේ? (නදී)
පව්! මේ අතදරුවාට තාත්තාගේ සෙනෙහස කවදාවත් නොදැනේවි. පුතේ, කවදාහරි හොඳ දරුවෙක් වෙන්න. (නි)
තිලක් ඩුබායි, ප්‍රෙෂර් තදවෙලා කෑගහන අස්සෙම ටෙලිකොම් එකේ සභාපති සහෝදරයා ගැනත් බලන්නකෝ. මේ මැරිච්ච සහෝදරයත් නිකම් හිටියේ නැහැ.(නදී)
අරාබි තිලක්, ඔයා මොකද තවත් ඔය කාන්තාරයට වෙලා දුක් විදින්නේ ? මෙහෙට ඇවිල්ල ඔයාගේ සුකිත මුදිත යහ පාලනයෙන් ආරක්ෂක ඇමති කම ඉල්ලා ගන්නකෝ. (නදී)
ඩුබායි තිලක් දන්න නොදන්න හැමදේටම කට දාන කොට පොරව ගැනත් උනන්දු වෙන්න.(නදී)
මිනිසුන්ට ජීවත්වෙන්න බැරුව දහදුක් විඳිනවා ජීවිතය ගැටගහගන්න.මොවුන්ට සුවසේ ජීවත්වීමට ඉසුරු ලැබිලත් හරි මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකී කරුවලේ අතපතගාමින් විනාශ මුඛයට වැටෙනවා. (නි)
ඔහුගේ ආත්මයට යහපතක්ම වේවා! (නි)
අනේ එස් බි මහත්තයෝ, අායෙත් නම් කියන්නේ එපා සිරිසේනට වැලි රජෙක් ඉන්නවා කියලා. පින් අයිතිවෙයි (නදී)
ලියන්න බැහැ මට මගේ හිතට එන දේ (නි)
මදැයි කරගත්ත දේ (නදී)
මිනිසුන්ගේ සිත්තුල අපරාධ සිතුවිලි අඩු කරන්න දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න බලධාරීන්ට සිතුවිලි පහළවේවා. (නදී)
තිලක් ඩුබායිට නම් මොකක් හරි ලොකු අසනීපයක් තියෙනවා (නදී)
නිවන් සුව ලැබේවා (ම)