තෙබුවන පොලිස් ස්ථානාධිපති යූ. අරුලානන්දම් මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැයකර අබලන් මාර්ගයක් හා පාලමක් පිළිසකර කර ජනතා අයිතියට පත් කැරිණි.
තෙබුවන පොලිස් වසමේ කළුතර නෑබොඩ කැන්දකඩුව සිට වෙල්ලන දක්වා මාර්ගය හා කුඩුගල ඇල්ල පාලම දැඩිලෙස අබලන්වීමට හේතුව ගල් පටවාගත් ලොරි ධාවනය බව හඳුනාගත් අරුලානන්දම් මහතා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර අමු ද්‍රව්‍යයද පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සහායෙන් යන්ත්‍ර සූත්‍රද ලබාගැනීමට සමත් විය.
ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ ද ශ්‍රම දායකත්වය ලබාගෙන කැන්දකඩුව සිට වෙල්ලන දක්වා කිලෝ මීටර් 4ක දුරක් කාපට් දමා සංවර්ධනය කිරීමටද කුඩුගල ඇල්ල පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමටද ඒ මහතා සමත්විය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.