තෙබුවන පොලිස් ස්ථානාධිපති යූ. අරුලානන්දම් මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැයකර අබලන් මාර්ගයක් හා පාලමක් පිළිසකර කර ජනතා අයිතියට පත් කැරිණි.
තෙබුවන පොලිස් වසමේ කළුතර නෑබොඩ කැන්දකඩුව සිට වෙල්ලන දක්වා මාර්ගය හා කුඩුගල ඇල්ල පාලම දැඩිලෙස අබලන්වීමට හේතුව ගල් පටවාගත් ලොරි ධාවනය බව හඳුනාගත් අරුලානන්දම් මහතා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර අමු ද්‍රව්‍යයද පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සහායෙන් යන්ත්‍ර සූත්‍රද ලබාගැනීමට සමත් විය.
ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ ද ශ්‍රම දායකත්වය ලබාගෙන කැන්දකඩුව සිට වෙල්ලන දක්වා කිලෝ මීටර් 4ක දුරක් කාපට් දමා සංවර්ධනය කිරීමටද කුඩුගල ඇල්ල පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමටද ඒ මහතා සමත්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මිත්‍රශීලී පොලිසියක් ඕනෑම රටකට අවශ්‍යයි. නමුත් පොලිසිය පළාතේ දිසාපතිගේ වැඩ හෝ නගර සභාවේ වැඩ කරන්න ගියාම පොලිසියෙන් කළයුතු සේවය හරියට වෙන්නේ නැහැ. (නි)
නියම මනුස්සයෙක්! (නි)
ඔබගේ සත්ක්‍රියාවට පැහැදුන ප්‍රදේශවාසින් යහමඟ යැවීමටත් ඔබට හැකිවේවා! දේශපාලකයින්ගෙන් ඔබ ආරක්ෂා වේවා! (නි)
කමල්, ඔබ හරි. කිසිම පිළිවෙලක් නැති රටක්. පොලිසිය තියෙන්නේ ඔය වැඩ කරන්න නොවෙයි. (නි)
අලුතින් හිතන්න වැඩ කරන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඕනෑතරම් ඉන්නවා එකම දේ ඒ අයට අවස්ථාවක් නැති එක.ඒ අවස්ථාව මිනිස්සු දීල තියෙන්නේ මෙලෝ හසරක් නොදන්නා අවස්ථාවාදී නුගත් දේශපාලකයන්ට (ම)
ඔබ ඉතා උතුම් මිනිසෙක්. අන් අයගේ වේදනා තේරුම් ගතහැකි ඒවාට උපරිමයෙන් උදව්කරන මිනිසෙක්. ඔබ ගැන අප ඉතා ආඩම්බර වෙමු. (ම)
පරිස්සමෙන් මහත්තයෝ. දේශපාලුවන්ට ලකුණු දුන්නේ නැත්නම් දන්නවනේ කට්ටියගේ හැටි. (අ)
බොහොම හොද වැඩක්. (ර)
මෙවැනි වටිනා නිලධාරීන් කවදා හෝ රටේ පාලනයට එකතුවෙන්න ඕනෑ (ම)
මෙය මහින්ද වාදියෙක් නම් එෆ් සි ඊ ඩි යන්න ලැස්ති වෙන්න වෙයි මේ සල්ලි ලැබුන විදිය කියන්න. (අ)
බොහොම හොඳ වැඩක්. නමුත් දැන් කාලේ කල හොඳ පස්සෙන් එන්නත් පුළුවන්(අ)
ඔබ ඉතා උතුම් මිනිසෙක්. අන් අයගේ වේදනා තේරුම් ගතහැකි ඒවාට උපරිමයෙන් උදව්කරන මිනිසෙක්. ඔබ ගැන අප ඉතා ආඩම්බර වෙමු. (අ)
අනුෂ්කා, පව් ඔයා! (නි)
අලුතින් හිතන්න වැඩ කරන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඕනෑතරම් ඉන්නවා එකම දේ ඒ අයට අවස්ථාවක් නැති එක.ඒ අවස්ථාව මිනිස්සු දීල තියෙන්නේ මෙලෝ හසරක් නොදන්නා අවස්ථාවාදී නුගත් දේශපාලකයන්ට (බ)
මෙයා මහින්දවාදියෙක් වෙන්න බෑ.. එහෙම වුනා නම් ඔතන පාලමක් නැනේ... කෝටි 4ම උස්සලා...(බ)
අනුෂ්කා, ඔබේ කියමනට ඇතිවුන හිනාව නවත්ත ගන්න බැරි වුන තැනයි මේ ලිව්වේ ඔබට ස්තුති කරන්න. (බ)
මේ වගේ උදවියටයි ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. කොටි 4න් ඔච්චර දෙයක් කරගන්න පුළුවන් වුණ එකත් වාසනාවක් අද කාලේ හැටියට. (නි)
අනුෂ්කා, නැහැ මෙහෙම කියමුද? “පාලමේ බාගයයි“. මටත් හිනා (නි)
අනුශ්කගේ කටේ මසුරන් දමන්න වටිනවා. මෙතුමාට අපේ ප්‍රණාමය !!! (නි)
පොලිස් සේවයට ගුණාත්මකකමක් ලබාදුන් පොලිස් ස්ථානාධිපති යූ. අරුලානන්දම් මහතාට උත්තමාචාරය! (නි)
රටක් ගොඩනඟා ගැනීමට ජනතාවගේ පැත්තෙන් හොඳ ආදර්ශයකි. එහෙත් ජනතාවගේ ප්‍රශ්න ජනතාවම විසඳාගැනීම දිනෙන් දින ඉහළයන මන්ත්‍රී, ඇමති සැපසම්පත් ඉදිරියේ ජනතාව මෝඩයන් වීමකි. ජනතාවගේ කැපකිරීම් කොල්ලකෑම දේශපාලකයන්ගේ ලක්ෂණයකි. (නි)
මෙවැනි මහත්වරුනට ප්‍රශංසා කිරීමේදී පටු දේශපාලනය ගාවාගැනීම ඔහු අසීරුවට පත්කරන්නක් බව අපේ පණ්ඩිත අප්පුහාමිලාට තේරෙන්නේ නැද්ද? සියලුම ප්‍රතිචාර දේශපාලනයට සම්බන්ධ කිරීම ශ්‍රී ලාංකිකයන්ට ඇති මනෝ විකාරයක් ලෙස මම දකිමි. (නි)
මොනවද ඕඅයිසී මහත්තයා මේ කරන වැඩ? එෆ් සී අයි ඩී යන්නද හදන්නෙ? (නි)
ඔබට සුබ පැතුම් මේ උතුම් ක්‍රියාවට.මේ ප්‍රදේශයේ ජනතාවට මෙය විශාල සේවයක්. (ම)
හැමදෙනාම මෙහෙම හිතනවා නම් මොනතරම් දෙයක්ද? (නි)
සුදු ඇඳුම් අඳින හොරු නැහැ. මට නම් මේ ගැන හිතාගන්නත් බැහැ. ඔබතුමාට මගේ ප්‍රණාමය! (නි)