සංස්කෘතික හා කලා කටයුතු ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සංකල්පයක් අනුව ගැබ් පෙරහර සහ සෙනෙහස වින්දන ගර්භණී මාතා ජාතික උත්සවය මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේදී පැවැත්විණි.
මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ සිට මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා ගිය ගැබ් පෙරහරට ගැබිණි මව්වරුන් 1000කට වැඩි පිරිසක් එක්වූහ.
එකල සිදුහත් කුමාරයා බිහිකිරීමට නිසිකල් පැමිණි විට මහාමායා දේවිය කපිලවස්තුපුරයේ සිට දෙව්දහ නුවරට ගැබ් පෙරහරින් කැඳවාගෙන ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. ඒ ගමන අතරමගදී මහාමායා දේවිය කපිලවස්තුපුර සාල වනෝද්‍යානයේදී සිදුහත් කුමරුන් බිහිකළාය.
ශ්‍රී ලංකාවේද මව්වරු විශේෂයෙන් කුළුඳුල් දරුවා බිහිකිරීමට කල් යල් පැමිණි විට මව්පියන් වෙත යාම ඉපැරණි සම්ප්‍රදායකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd