(යොහාන් භාසුර)

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ  අද (27) පස්වරු 2.00 ට නැවත පෙනී සිටීමට නියමිත බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වික්‍රමසිංහ මහතා පසුගිය 21 වැනිදා පළමු වරට එම ඒකකය හමුවේ පෙනී සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව මෙම නැවත කැඳවීම කර තිබේ.