(රංජන් කස්තුරි)
“ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ කීවේය.
“මම වලපයයි ගොඩපයයි කියාගෙන ජීවත් වෙන කෙනෙක්. අපි බයකරලා කිසිම පුද්ගලයකුට හෝ දේශපාලන බලවතෙකුට ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ“ යැයි ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය.
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ වෛද්‍යවරුන්ගේ වෘත්තීය විනය ආරක්ෂා කිරීම වෛද්‍ය සභාවේ වගකීම වන අතර ප්‍රමිතිය පිළිබඳ ගැටළුව නිසා වෛද්‍ය සභාවට ප්‍රහාර එල්ල වන බවද කාලෝ ෆොන්සේකා මහතා කියයි. 2002 වසරේ සිට මේ දක්වා වෛද්‍ය සභාවට ප්‍රහාර හතක් එල්ල වී තිබෙන බවද ඒ මහතා පවසයි.
ඇමෙරිකාවේ වෛද්‍ය අතපසුවීම් නිසා 2013 දී පුද්ගලයින් 440000 ක් මියගොස් ඇති හෙයින් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ඉතා වැදගත් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
2015 වසරේදී විශේෂඥයින් 10 දෙනකුගේ කණ්ඩායමක් සයිටම් ආයතනය පරීක්ෂා කොට ලබාදුන් වාර්තාවට අනුව එම සිසුන්ට සායනික පුහුනුව ප්‍රමාණවත් නැති බව තහවුරු වී ඇතැයිද මහාචාර්ය ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතිය මැන බැලීමට නිර්ණායක නොමැති බව පසුගිය පුවත්පත් වාර්තා වල දකින්නට ලැබුනි. එය ඒසේ නම් එම රාජකාරිය සෘජුවම අදාල පුද්ගලයාම එය ගෙන හැර පෑම හාස්‍යජනක කරුණකි.
ජනතාව වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක්
ඉතින් ඔයගොල්ලෝ සායනික පුහුණුව දෙන්නේ නැතුව කොහොමද කරන්නේ? සායනික පුහුණුව කරන්න දෙන්නෙත් නැහැලු ඊට පස්සේ කියනවා සායනික පුහුණුව නැහැල්ලු
කොන්ද පණ ඇති එක මිනිසෙක්! මහා ඇදුරුතුමනි, ඔබට මගේ උත්තමාචාරය.
එක තමා කාලෝ මේ සයිටම් අයට රෝහල් තුනක් රජයෙන් වෙන් කලේ. ඒවාට සිසුන් යන්න හදනකොට වර්ජන කරලා ළමුන් පලවා හැරිය. අර දොස්තර සංගමේ කුහකකම වෘත්තිකයින්ගේ ප්‍රමිතියට අදාළ නැත්ද?. කොහොමත් ප්‍රමිතියට නැති අයට දෙන්න දෙන්නෙත් නැහැ. සයිටම් එකේ ඉන්න ප්‍රමිතියට හරි අයට කරුණාකරලා ලියා පදිංචිය දෙන්න. තවත් කුහකකම් කරන්න එපා. 2015 විශේෂඥ කට්ටිය කල එක දැන් වලංගු නැහැනේ. අලුත් වාර්තාවක් ලබාගෙන ඉක්මනින් කටයුතු කරන්න, ළමුන්ගේ අනාගතය ගැන අපිට වගකීමක් තියනවා. කරන්න බැරිනම් ගෙදර යන්න. වැඩක් හරියට කරන්න පුළුවන් ගොඩක් අය තව ඉන්නවා. මහාචාර්ය කියන්නේ ඉගෙනගෙන විභාග වලින් සමත් වුනාය කියන එක. නිහතමානීව සියල්ල දෙස එක හිතින් බලා ක්‍රියාකිරීම බුද්ධිමත් බව.
එහෙමනම් සායනික පුහුණුව දෙන්න, එකත් බැරි නම් එක ගන්න හදන කොට බාධා කරන්න එපා
සායනික පුහුණුව මදි නම් තියෙන්නේ ප්‍රමාණවත් සායනික පුහුණුවක් දෙන එකනේ. ඇමෙරිකා වල ඉන්නේ ලෝකේ හොඳම දොස්තරලා. ඇමෙරිකා ජනගහනය අනුව බැලුවම ප්‍රතිශතය කීයද? ඊට වැඩි ප්‍රතිශතයක් ලංකාවේ මැරිලා නැද්ද? ගිහින් පුලුවන්නම් ලංකාවේ සහතිකය පෙන්නලා ඇමෙරිකාවේ දොස්තරකමක් ගන්නකො. මම දන්නා ලංකාවේ දොස්තරලා ඕන තරම් ඉන්නවා ඇමෙරිකාවේ කැනඩාවේ මැක්ඩොනල්ඩ්ස් වල වේටර් වැඩ කරන.
සායනික පුහුණුව දෙනවාට විරුද්ධ වුනෙත් වෛද්‍ය සංගමය නේද? එහෙනම් දැන් ඔයා කියන සායනික පුහුණුව අඩුයි කියන එකට වගකියන්නත් ඕනේ ඔයාලම නේද? දැන් ආණ්ඩුව ඒකට පිළියමක් ලෙස රෝහල ආණ්ඩුවට අරගෙන සායනික පුහුණුව දෙනවා නම් ඒ ළමයිනුත් විදේශ වල ගිහින් ඉගෙන ගෙන එන ළමයි වගේම වෛද්‍ය සභාවෙ විභාගයටත් ලියනවා නම් තව මොනවද?
ඔබ උගුරට හොර බෙහෙත් කනවා. කලක් මා බොහෝ ප්‍රියකළ චරිතයක්. අද දේශපාලකයෝ වගේ බොරු කියනවා.
ඔබ සමග මෙම ප්‍රශ්නයේදී දේශයට ආදරය කරන ජනතාව ඔබ සැම සමගයි.
රන්ජිත් මහත්තයෝ බුද්ධිමත් රටට සේවයක් කල මේ වගේ මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න. ඔය මහාචාර්යතුමාට ආමන්ත්‍රණය කරලා තියෙන හැටියෙන් පේනවා ඔයාගේ පහත් ගතිය. වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද
වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගෘහ නිර්මාණ ආදී සියළුම වෘත්තීය ආයතන වලට බලය ලබාදෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කල පනත් මගින්. ඒ බලය ලබා දෙන්නේ රටට සහ ඇති නැති සියලු පොදු ජනතාව වෙත සාධාරණ සේවයක් ලබාදෙමින් ඒ ඒ වෘත්තීන් වල ගුණාත්මක භාවය පවත්වාගෙන යාමට මිසක තමන්ගේ පැලැන්තිය ආරක්ෂා කරගැනීමට නොවෙයි. යම් වෘත්තීය ආයතනයක් තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන් ඒ බලය අවභාවිතා කරනවානම් රජය එය ආපසු ලබාගෙන සුදුසු වෙනත් ආයතනයකට ලබා දිය යුතුයි.
අදාල සම්පූර්ණ වාර්තාව කියවා බලන්න. සායනික පුහුණුව මදිකම එක ගැටලුවක් පමණි. අදාල වාර්තාව මගින් සයිටම් ආයතනය සතු ගැටලු 60 කට වඩා ඉදිරිපත් කර ඇත. අදාලා ගැටලු වලින් එකක් විසදා ගැනීමට මෙවන් විරෝධයක් එන තෙක්ම සිටි පිරිස විරෝධය නතර වුවහොත් කවරක් කරනු ඇද්දැයි සිතා බලන්න. විදේශ විශ්වවිද්‍යාල වලින් පැමිණ වෛද්‍ය සභාවේ විභාගය ලියු සැනින් වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබෙන්නේ නැත. අදාල විභාගයට පෙනී සිටිය හැක්කේ වෛද්‍ය සභාව පිලිගත් වෛද්‍යවිද්‍යාල වල ශිෂයන්ට පමණි. 2009 සිට වෛද්‍ය සභාව සයිටම් සදහා අනුමැතියක් නැති බව පුවත්පත් නිවේදන මගින් දැනුම් දී ඇත.
2009 සිට වෛද්‍ය සභාව සයිටම් සදහා අනුමැතික් නැති බව පුවත්පත් නිවේදන මගින් දැනුම් දී ඇත.
රටේ ඕනෑම කෙනෙකුට තමුන් කැමති පරිදි අධ්‍යාපනය ලැබීමට අයිතියක් තියෙනවා. එක රජයේ විශ්ව විද්‍යාලෙකින් වෙන්න පුළුවනි නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාලෙකින් වෙන්න පුළුවනි. රටට අවශ්‍ය උපාධිධාරීන් බිහි කරන ආයතනවල තිබිය යුතු ප්‍රමිතිය නියම කිරීම රටේ රජයෙන් කල යුතු දෙයක්. කිසි කෙනකුට කියන්න අයිතියක් නැහැ අර විශ්ව විද්‍යාලයන් මේ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ගන්න බැහැ කියාලා. ඒ වගේම යම්කිසි රජයකින් මේ රටේ නීතියානුකුලව ඇති කරපු සයිටම් එකෙත් ඉගෙනගන්න කාට හරි අවශ්‍යනම් ඒක ඒ තැනැත්තා සතු නීත්‍යනුකුල අයිතියක්. එකෙන් ඉගෙන දරුවන්ටත් නිසි පරිදි පහසුකම් සැපයීම රජයේ වගකීමක්. ඒ දරුවන්ට සායනික අධ්‍යාපනය ලබන්න රෝහල් වෙන්කර දෙන එකත් රජයේ වගකීමක්. ඒ සායනික අධ්‍යාපනය ලබාගන්න අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සපයාදීමත් රජයේ වගකීමක්.
කොහමටත් අපේ වගේ දුප්පත් රටක ජනතාවට මෙතරම් සල්ලි දීල ඉගෙන ගන්න බැහැ. මේක අමු අමුවේ රටේ දුප්පතුන් පාගා දමන්න කරන මහා සාපරාදී සහාසික දඩයමක් මේ සල්ලි වලට දොස්තරලා බිහිකරන ක්‍රමයේ ආරම්භය පමණි. ඊට පස්සේ හොද හොද සෙල්ලම් ඒවි
සයිටම් එකෙන් දොස්තර කෙනෙක් වෙන්න නම් ඒ ලෙවල් පාස් වෙන්නම ඕනේ. ඉතින් ඒ ලෙවල් පාස් අය කියන්නේ ගොඩක් උගත් අය නේද?
මෙතන කමෙන්ට්ස් දාල තියෙන උදවිය එම කමෙන්ට්ස් දිහා බැලුවම පැහැදිලිවම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තාමයි අධ්‍යාපනයක් ලබපු අය සහ අධ්‍යාපනයක් නොලබපු අය. මේවගේ මහා ලෝකයම පිලි ගත්තු මහාචාර්යවරයෙකුට වෛද්‍ය විද්‍යාව ගැන උගන්නන්න එන්නේ ලෝකයෙම ඉන්න මෝඩයෝ තමයි. මහාචාර්යතුමනි ඔබට දීර්ගායු!
මැතිඳුනි ඔබතුමාට අපගේ උපහාරය පුදකරමින් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. වාර්ෂිකව මැදපෙරදිග ගෘහසේවයට යන අයගෙන් ලැබෙන ආදායමට වැඩිමුදලක් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සිසුන් වෙනුවෙන් වියදම් වෙනවා එම මුදල් රටේ ඉතිරිකර ගත්තොත් රට දියුණු කරන්න උපකාර වේවි එනිසා ඒ සඳහා ක්‍රමයක් සකස් කරනවානම් හොඳය
රජයෙන් වෛද්‍ය සංගම් දෙකක් හදිය යුතුයි. රාජ්‍ය සහ පෞද්ගලික කියලා. ආණ්ඩුවේ අයට ආණ්ඩුවේද , පෞද්ගලික අයට පෞද්ගලික අංශයේ පමණක් වැඩ කළ හැකි විදියට නීති හැදිය යුතුයි.
හොඳ තීරණයක්.
මහාචාර්යතුමා කියන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතියට වඩා ඇමෙරිකාවේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය අඩු කියලද?
ඔබතුමා හරි. එත් මේ ළමයින්ට සායනික පුහුණුව ලබා දීමට ක්‍රමවේදයක් සැකසීමේ වගකීමක් මගහරින්නේ ඇයි.. රට වෙනුවෙන් ඒ සඳහා ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගන්න.
ගරු මැතිතුමනි ඇයි 2009 දී ඔබල නිහඩව හිටියේ. මේ සැරේ මේකට සාධාරන විසදුමක් දෙන්න. වෛද්‍ය පාදෙනියට වර්ජන සාධාරණ නැති බව කියන්න. අහිංසක ජනතාව පිඩාවෙන් බේරා ගනිමු.
මහාචාර්යතුමනි කඩිනම් විසදුමක් හැටියට පුද්ගලික ඉගෙනගත් ළමයින්ට සායනික පුහුණුව විධිමත්ව ලබා දෙන්න. මෙම ආයතනය රටේ රාජ්‍ය ආයතනයක් බවට පත් කරමු. රජයට පමණක් මෙය කල නොහැකියි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ට රජයේ විභාග සඳහා පෙනී සිටිමට ඉඩ දෙමු. එකම විභාගයක් ගුණාත්මක වෛද්‍යවරයෙක්.
දිගින් දිගට ඔය වර්ජන කරහම මැරෙන්නේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න දුප්පත් මිනිස්සු , පෝසත් මිනිස්සු පුද්ගලික රෝහලෙන් ප්‍රතිකාර කරගනීවි , අන්තිමට ලංකාව දුප්පතුන්ගෙන් තොර රටක් කරන්නද ඔබතුමාලගේ උත්සාහය ?
පළමුව නිදහස් අධ්‍යාපනය භාණ්ඩයක් ලෙස විකිණීමට දානවද? දැනට යම් ප්‍රමාණයකට දාලා තිබෙනවා. එය තවත් එහාට ගෙනියනවාද කියන කාරණය. දෙවනුව මේ ප්‍රශ්නය බැඳෙන්නේ සමාජයේ ස්ථරයන් අතර තිබෙන සමතුලනයන් සම්බන්ධයෙන්. අ.පො.ස උ.පෙළින් ඉහළම ලකුණු ගත් සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවාගනු ලබනවා. සයිටම් කියන්නේ මේ නිර්ණායකයට හුඟක් ආසන්නව විශ්විද්‍යාලයට බඳවා නොගත් විශාල සිසුන් සංඛ්‍යාවක් සිටිද්දී ඒ අය අතහැර සල්ලි තිබේද නැද්ද යන පදනමින් වෙනත් කොටසක් ඇතුළත් කරගන්නා තැනක්. එය කොයිතරම් සාධාරණද? සීමිත සම්පත් තිබෙන රටක මේ අසාධාරණය ඉතාම බරපතළ අසාධාරණයක්.
ඉතා හොඳ තීරණයක්. ඔබතුමාට අපගේ ආචාරය.
මෙතුමා රජයේ ඉත්තෙක් පමණයි. අවසානයේ සයිටම් ආයතනය නීත්‍යනුකුල වෙනවා නියතයි.