(චමිල් රුපසිංහ)
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට අද (26) පැවැසිය.රට ගොඩනැගිමට ඇති එකම විසදුම මහින්ද රාඡපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරිම බවද මන්ත්‍රිවරයා පැවැසිය.
දුමින්ද දිසානායක තම පියාට සිදුවු අසාධාරණයට නැගි සිටියාක් මෙන්,හිරුණිකා තම පියාට වු අසාධාරණය වෙනුවෙන් නැගි සිටියා මෙන් වත්මන් රඡය විසින් තම පියාට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නැගි සිටිමට තමන්ටද හයියක් ඇති බව ප්‍රමිත බණ්ඩාර මහතා කිය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිනන දක්ෂ අය පක්ෂයෙන් එළවා දමා පරදින ඡනයා 100 යක්වත් එකතු කර ගන්නට බැරි උදවිය තනතුරු වලට දැමිම හාස්‍ය ඡනක බවත් මගේ පියා සියා වැනි පක්ෂය වෙනුවෙන් ඡිවිතය කැප කළ අය පක්ෂයෙන් එළවා දමන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කිරිමේ අරමුණින් බව මේ වන විට ඡනතාව තේරුම් ගෙන ඇති බවද මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඒ පැත්තේ තමයි හිටියේ. දැන් නිල වශයෙන් ගියා. වෙනස එපමණයි.
හොඳ තීරණයක්, ජයවේවා
කාටහරි පන්දමක් නැතිනම් මෙයාලට යන එන මං නැහැ... මාධ්‍ය ඉදිරියේ සිංහ ටෝක් දැම්මට...
මොවුන්ට දේශපාලනයෙන් බඩවියත රැකගන්නවා මිස අතපය සොලවා ජීවිතය සරිකර ගෙනීමට නොහැකිය. එ්කනේ මෙතනින් නෙරපා ඇරියම රට ගිලපු රොත්තට එකතු වුණේ.
එලවනකම් ඉදල යන්නේ නැතිව මුලින්ම ගියානම් හොදයි නේද.
අවරුදු ගණනක් තම ආර්ථිකය සංවර්ධනය කරගත්ත මිස රටට කරපු දෙයක් නොමැත , අපට පවු නොදී යන දේවාලයක යන්න , පවුල්වාදය අපට එපාවී ඇත ,
දේශපාලනයෙන් ජීවිතයම ගෙවන්න පුරුදු වෙලා ඉන්න කෙනා එකතැනකින් පැන්නුවාම තවත් තැනට පැනගන්න එක අරුම පුදුම දෙයක් නොවේ. එහෙම නැතිනම් ජීවත් වෙන්න බැහැ නොවැ
ඕක තමයි ඔයාලාගෙ තියෙන ප්‍රතිපත්තිය ඔයාලාට බරක් නැහැ මහන්සියක් නැහැ ජනතාව ඔයාලාව නඩත්තු කරන කෝටි ගණන් වියදම් කරලා , ඉතින් ඔයාලාට මොන ප්‍රශ්නද ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්දකරන අතරතුර, තරුණ උගතුන් පපක්ෂයට ගෙන ආ යුතුයි. ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය.