2016-06-01-ent-59

 

2016-06-01-ent-58පළමු නිර්මා‍ණයක් විදියට නිකුත් වුණු බොහෝ නිර්මා‍ණ යම් යම් අසාර්ථක භාවයක් පෙන්වූ අතර, ඒ තුළ අත්දැකීමේ සහ තාක්ෂණයේ මද බව කැපීපෙනුනා. එහෙත් මෙලෙසින් අප ඔබ වෙත ගෙනන වීඩියෝව මෙතෙක් ක්ෂේත්‍රයේ සිටි පිරිසටද නව අත්හදා බැලීම් කරන්නට බලකිරීමක් විය හැකියි. "සාරවිට" හරහා පළමුවෙන්ම නිකුත් වන මෙම වීඩියෝව ප්‍රසිද්ධ වේදැයි වර්තමාන රසික මනස අනුව අපට තීරණය කළ නොහැකි මුත්, දුටු මිනිසුන් අතර මෙය ජනප්‍රිය වනු ඇති බව සාරවිට මතයයි. නදීෂ් දික්කුඹුර සිය පළමු මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණ කටයුත්තට අතගසා කෙරෙන මෙම නිර්මාණය ටෙලිය වෙනුවෙන් ඔහු තුළ වූ නිර්මාණාත්මක අදහස් එළියට ගෙන තිබෙනවා. එයට "ඇන්ඩ් කොම්පැනි" හී දෙබස් සහ "අද" පුවත්පතෙහි "ගෙයිහාමි" සහ "පිංහාමි" තීරු ලිපියද සාක්ෂි සපයනු ඇති. "ප්‍රේමණීය මිනිසා"පිළිබඳ එහි අධ්‍යක්ෂක නදීෂ් දික්කුඹුර "සාරවිට" සමග පැවසුවේ මෙවැන්නක්.

"ප්‍රේමණීය මිනිසා" ගීතය සඳහා නිර්මාණය කරන ලද වීඩියෝව විශාල මහන්සියක් දරලා කරපු නිර්මාණයක්. ගීතය සඳහා රූප රචනයක් කරන්න මට ආරාධන කළේ මෙහි සංගීතය නිර්මාණය කරපු ඩිනාල් රූපසිංහයි. මෙහි පද රචනාව රුවන් නන්දිකගෙන්. "ප්‍රේමණීය මිනිසා" ගීතයේ පද රචනාවත්, සංගීතයත් ඉතාම උසස් මට්ටමක තිබුණා. වෙනස් ගීතක් කියලා අහද්දීම මට තේරුණා. යථාර්ථයට මේ මොහොතේ මනුෂ්‍ය ජීවිතය නිරූපණය කිරීමේ අවුලක් තියෙනවා කියලා මට කාලෙක ඉඳලා දැනිච්ච දෙයක්. ඒනිසා යථාර්ථය ඉක්මවා යන දෙයක් කරන්න ඕනේ කියලා හිතුවා. මොන තරම් විවේචන අඩුපාඩු තිබුණත් අපි සමාජවාදී හීන ඇතුළෙ ජීවත් වන මිනිස්සු. මේ සිස්ටම් එක ඇතුළෙ ජීවත් වෙමින් මේකෙ වෙනස් දකින්න කැමති මිනිස්සු. තනි රූප රාමුව තුළ අදහසක් ගොඩනැංවීම ගැන තමයි මම හිතුවේ.

මේ සඳහා විශාල පිරිසක් මහන්සි වුණා. විශේෂයෙන්ම ඩිනාල් වගේම, මෙහි සංස්කරණය වෙනුවෙන් හෂාන් වරුසවිතාන පුදුම තරම් මහන්සියක් වුණා. මේ වගේ වෙනස් රූප රචනා ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඕනෙම කෙනෙකුට මාව සම්බන්ධ කරගෙන තමන්ගේ ගීත සඳහා රූප රචනා කරගන්න 0771300126 මේ අංකය ඇමතීමෙන් පුළුවන්.