(අකිල බද්දෙවිතාන)
පසුගිය මාර්තු 12 වන දා සිට සතියක් රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා බස්රථ ධාවනය සඳහා ප්‍රමුඛතා මංතීරු වෙන් කිරීම සාර්ථක බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙය ක්‍රියාත්මක කර දෙවැනි දිනයේ ප්‍රතිඵලය දැඩි විවේචනයට ලක් වූ බවත් ඇතැමුන් මෙය අසාර්ථක යැයි හුවා දැක්වූ නමුත් මාර්තු 14 වැනි දා සිට 19 වැනි දා දක්වා මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය එම මාර්ගය භාවිත කරන සියලු දෙනාට දැක ගත හැකි වූ බවත් ඇමැතිවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
සාමාන්‍යයෙන් පැයට කි.මි. 20-21 ක සාමාන්‍යයකට යටත්ව ධාවනය වන වාහනයක් මෙම කාලයේ දී 17 වැනිදා වන විට පැයට කි.මි. 30 ක සාමාන්‍යයක් දක්වා වර්ධනය වූ බවත් එම කාලසීමාවේදී සිදුකළ අධ්‍යනයේ වාර්තාවලට අනුව මාර්තු මස 14 වැනි දා නියමු ව්‍යාපෘති වපසරිය තුළ ගමන්ගත් බස්රථ 1,049 කින් මගීන් 32,650 දෙනෙක් ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 19,238 ක් වන කාර්, වෑන්, ත්‍රීවීල් සහ යතුරුපැදි එකතුවෙන් ගමන් පහසුකම් ලබාගෙන ඇත්තේ 28, 851 ක් පමණක් බවත් මාර්තු 15 වන දින වන විට බස්රථ 1,253 ක් දක්වා වර්ධනය වී මගීන් 42, 440 ක් සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවත් ඔහු කීවේය.
ඒ අනුව ප්‍රමුඛතා මංතීරු ක්‍රමය විධිමත් ලෙස ඉදිරි වසර ඇතුළත කි‍්‍රයාත්මක කරන බව ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියන මන්තිරුවලින් ප්‍රමුඛතා මංතීරු ගැහීම ලොකු දක්ෂකමක් නෙවෙයි. වැඩක් වෙන්නනම් අලුතින් මංතීරු හදල ඒවා ප්‍රමුඛතා මංතීරු කරන්න. ඔයාල යනකොට වාහන පෝලිමක යනවා මිනිස්සුන්ට ගෑස් පෙන්නගෙන, රටේ මිනිස්සුන්ට තමන්ගේ වහනෙක යන්න බැරි වෙන්න විදිහක් නැහැනේ. අනිත් එක අපේ රට වගේ පොදු ප්‍රවාහන සේවය අන්තිම පහත් තත්වයක තියන රටක මිනිස්සුන්ට පොදු ප්රවාහනේම යන්න කියන එක මොනතරම් නින්දිතද? ඉස්සෙල්ල ඒවායේ තත්වය උසස් කරලා ඉන්න.
මොකක් හරි වැඩක් කරන්න එපැයි.
මහත්තයෝ ඔබ විදුලි ඉංජිනේරුවෙක් එම නිසා විදුලි දුම්රිය , මෙට්‍රෝ දුම්රිය ගැන හිතන්න මුදල් රවී මහත්තය ගෙන් නම් ලැබෙන එකක් නැහැ ඔක්කොම ඉවර වෙලා චීනය සමග සාකච්චා කරලා බලන්න ඉරි මාරු කිරීම , මංතීරු ඒවා යහපාලන බොරුකාරයන්ගේ වැඩ ඔබ හරිදේ කරන්න
ඉතා හොඳ වැඩ පිළිවෙලක්.අගයමි.කහ ඉරි වෙනුවට මගී පාලම් සහ කෙටි දුර රෛල් bus සේවාවක් ගැන සිතන්න.
රාජගිරියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ප්‍රමුකතා මං තීරුව ඉතාම හොදයි. නමුත් ඊට පෙර අපට යනෙනකොට දකින්න ලැබුන දෙය තමයි බොහෝ වෙලාවට පොලිසිය අක්ක්‍රමවත් ආකාරයට colour light හසුරනවා. මෙම ක්‍රියාවන් අවම කලොත් මාර්ග තදබදය ඉතාම අවම මට්ටමක පවත්වාගත හැකි බව පසුගිය සතියේ පෙනී ගිය කරුණකි. රජය මේ ගැන අවදානය යොමුකොලොත් මහජනතාව ඉතා අගය කරවී.
හිතා ගන්න බැහැ ඉගෙන ගෙන තියෙන අයත් කරන වැඩ. 1) පොදු ප්‍රවාහනය දියුණු නොකර මංතීරු දැම්ම කියල කාර් ගෙදර තියෙල බස් වල යනවද. පොදු ප්‍රවාහනය දියුණු කරන්න මොනවද කරලා තියෙන්නේ? ඒ/සී බස් ඔක්කොම 90 මුල ආපුව. එක බස් එකක් පාරට දන්නේ නැහැ බස් මර්ෆිය එකට බයේ. 2) පලවෙනි දවසට වඩා ට්‍රැෆික් අඩු උනේ දෙකක් නිසා. එකක් කට්ටිය උදෙන්ම එන්න ගත්ත. අනෙක වෙන පාරවල් වලින් යන්න ගත්ත. මොලේ කඳුලක් හරි තියෙන මනුස්සයෙක්ට තේරෙන්න්න ඕන ලේන් එකක් අඩු කරාම ට්‍රැෆික් අඩු වෙන්නේ කොහොමද කියල. කල යුතුව තිබෙන්නේ, මීගමුව පාරේ කරපු දෙය, බස් ,ලොරි, ත්‍රිවීල් වගේ ඒවා ලේෆ්ට් ලේන් එකේ විතරක් යන්න දාන එක. මේක හරියට අටුව කඩල පුටුව හැදුව වගේ.