මාතර දික්වැල්ලේ දී මාර්ග නීති උල්ලංඝණය කරමින් ගිය ප්‍රභූ වාහන පෙළකට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
‘ටෙල් අයිජීපී‘ සේවාව ඔස්සේ වේරගොඩ මහතා සිය පැමිණිල්ල සමග එම වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් යන අයුරු දැක්වෙන ඡායාරූපද යවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.
එම පැමිණිල්ල විමර්ශනය කළ මාතර සහකාර පොලිස් අධිකාරී (1) දන්වා ඇත්තේ ප්‍රභූ වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇත්තේ පොලිසියේ දැනුම්වත්කමින් බවයි. මාතර දික්වැල්ලේ වෙරහරක් වීදි සංචාරය කරන නිසා දික්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාතර සිට දික්වැල්ලට එන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවා ඇතැයි ද, දික්වැල්ල සිට මාතර දෙසට එන වාහන පමණක් ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය කරවා ඇතැයි පොලිස් මූලස්ථානය නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතාට ලිඛිතව දන්වා තිබේ.
ප්‍රභූ රථ පෙළ හුනාගැනීමෙන් පසු ඉදිරියෙන් මන්දගාමීව යන රථ පෙළට යාමට පොලිසිය විසින් ඉඩ සලසා ඇතැයි ද, මෙම ස්ථානයේ හෝ ආසන්න ප්‍රදේශයේ සංඥා පහන් නොමැති නිසා රියදුරන් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කටයුතු කර ඇතැයි ද, එබැවින් ඔවුන් කිසිදු රථවාහන වරසක් සිදුකර නැතැයි ද පොලිස් මූලස්ථානය දන්වා ඇත.
wpKX 5292, wpCA0223, wpGC9714, NWcat2929, wpKX2389,wpCAJ292 අංක සඳහන් වාහන හය පාරේ සුදු ඉරි කපාගෙන යාම, දහවල් කාලයේ ඇති මාර්ග නීති කඩ කිරිම, සමස්ත මාර්ගය පුරාම ගමන් කිරිම, පොලිස් වාහන පසු කර යාම යන වැරදි කඩ කර ඇති බව නිතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
දේශපාලකයන්ට හට එක නීතියකුත් මහජනතාව හට තව නීතියකුත් නැති බැවින් ප්‍රභූ වාහන පෙළට නීතිය ක්‍රියාමක කරන ලෙස වේරගොඩ මහතා ඉල්ලා තිබිණි.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හදිසි නීතියක් රටේ නොමැති නිසා ද්විත්ව ඉරි කපාගෙන මෙහෙම කලබලකාරී ලෙස යන්න දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැත. පැමිණිල්ල කරපු පෙරකදෝරු මහතාගේ තර්කය හරි. ඔය පොලිසිය කෝවේ දමා මකා ගත්තත් හදන්න බැහැ. කොහෙද අපිට ඉන්න "යස් සර් ඔවු සර් ඇරෙස්ට් කරන්නේ නෑ සර්" යන මන්ත්‍රය දවස තිස්සෙම කියවන නිලධාරීන්ගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (නි)
අපේ රටේ සියලු පුරවැසියන් ආදර්ශයට ගතයුතු සිද්ධියක්. වේරගොඩ මහතාට අපේ ප්‍රණාමය! (නි)
මොනවා කළත් ඔවුන් පාර බදු අරන් යන එක නවතින්නේ නැහැ. නාලගිරියට රා පොවලා එව්වා වගේ ප්‍රයිවට් බස් රියදුරෙකුට කාලක් බාගයක් අරන් දීලා පාරේ අනික් පැත්තෙන් ඉස්සරහට එවුවා නම් ඉවරයි. (නි)
මේ වාහන වලට නීතිය ක්‍රියාත්මක කළොත් අන්න නියම යහපාලනය! (නි)
ප්‍රභූවරුන්ට කියා වෙනම නීති නැහැ. නමුත් ඔහුගේ රාජකාරි අවශ්‍යතාවයට නිසි වෙලාවට නිසි තැනට යාමට සිදුවේ. එවිට මාර්ග නීති පිළිබඳ තැකීමක් සිදුනොවේ. මේක කාලවේලාව අතර ගැටුමක් බව මතක තබාගන්න (නි)
ඕක ඉතින් අමුතු දෙයක්ද මේ රටේ? (නි)
මහජනතාවට හිරිහැර කරන පොලිසිය සහ රජයක්. මෙවැන්නක් ලෝකයේ කිසිම රටක නොවන්නේය. කෝ නීතිය සහ මානව හිමිකම් අයිතිය? (නි)
මේ රටේ මිනිස්සු සහ පාලකයන් නටන්නේම පිස්සු තමයි. (නි)
නීතීඥ මහතා කර ඇත්තේ වටිනා දෙයක්. ඇමතිලාට මන්ත්‍රිලාට වෙනම නීතියක් මොකටද? (නි)
ලංකාවේ මහාමාර්ග නීතිය පොලිසියට වෙනස් කරන්න බැහැ. එහෙනම් නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැනේ. ඒකත් පොලිසියටම බාර දෙන්න තිබුනානේ. අත්‍යවශ්‍ය, අනතුරුදායක, ජීවිත රැකගැනීමේ පරමාර්ථයෙන්, පොලිසියට මාර්ග නීති වලට පටහැනිව රථ ධාවනයට ඉඩදීමට නීතියෙන් අවසර තියනවා. නමුත් දේශපාලකයින් තමන්ගේ එදිනෙදා ගමන් බිමන් යාමේදී සාමාන්‍ය මාර්ග නීතිය රකින්නේ නැත්නම් පොලිසිය ඒකට වගකිවයුතුයි. මේ නඩුව ගොනුකළ ශිෂ්‍යයාට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා හෝ ගොස් යුක්තිය අයුක්තිය පෙන්නුම් කරදීමට හැකියාව ලැබේවා කියා පතමි! (නි)
නැවත බලයට එන්න ඕනෑ කියලා පොළවේ පස් කන්නේ මෙයාලම නේද? බලය නැතුව ඔහොම නම් බලයට ආ දාට කොහොම නීති කඩයිද. එදත් එකයි, අදත් එකයි. ඔහොම ගියදෙන්! (නි)
මේ ප්‍රභූන්ද? අනේ මොකටද මගේ කට! (නි)
මගේ මතය නම් ඔය කවුරු මොනවා කිව්වත් මේ රටේ ලොක්කො රකින නීතිය තාම වෙනස් වෙලා නැහැ කියායි, කවුරු ඔටුන්න දාගත්තත් (නි)
මොවුන්ට ප්‍රභූන් යැයි කියන්නේ කුමන හේතුවකටද? ජනතාවගේ මුදලින් යැපෙන යාචකයන් හට සමාන පිරිසක් බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් හැටියටයි මම මේ සිද්ධිය දකින්නේ. කුමන ආණ්ඩුව බලයට ආවත් මෙවැනි නීච ක්‍රියා වෙනස් කිරීමට උත්සාහ කිරීම බලු වලිගය උණ පුරුකේ දැමීමක් වැනිය. (නි)
ඕස්ට්‍රේලියාවේ නම් ප්‍රභූන් කියලා මනුස්ස කොටසක් නැහැ. මාර්ග නීති කාටත් එකයි. මේතරම් දුප්පත් රටක මේ මිනිස්සු ගමන් කරන මිල අධික සුපිරි වාහන, ඒ මදිවට ඔවුන් ආරක්ෂා කරන්න මුර බල්ලෝ කණ්ඩායමකුත්... මොවුන් බලය ගත්තේ දුප්පත් මහජනයා හට සේවය කරන්නද? එහෙමත් නැත්නම් සුරලොව සැප විඳින්නද?මේ ළඟදී ජනාධිපති කිවුවා නේද ප්‍රභූන් කියන පිරිසට මාර්ග නීති වෙනසක් නැහැ කියලා (නි)
ඔන්න ඕකට තමයි කියන්නේ නීතිය නවනවා කියලා (නි)
අයියෝ! ඇයිද කලබල? මේවා කවදද නැතිවුණේ? (නි)
පෙරහරක් යාම වැනි දෙයක් නිසා මාර්ගයේ එක පැත්තක් අවහිරවී ඇති විට, මාර්ගයේ විශාල රථ වාහන අනතුරක් වී තිබෙනවිට, මාර්ගයේ කොටසක් අබලන් වී ඇති විට දෙපසින්ම එක වාහන විදිමත් විදිහට ධාවනය කිරීම සඳහා පොලිසියට විශේෂ රථවාහන ධාවන සැළැස්මක් ක්‍රියාත්මක කළහැකිය. සමහරුන්ට මේවා තේරුම් ගත නොහැක (නි)
ආයෙත් මොකද මේ වෙන්න යන්නේ? අපේ අප්පච්චි ළඟදීම එනවා. (නි)
මේ යන්නේ මහජනතාවට සේවය කරන්න. ඒ කියන්නේ නව කර්මාන්ත ඇති කරන්න, වරායවල් හදන්න, එයාර්පොර්ට් හදන්න, රට සංවර්ධනය කරන්න. ජය වේවා අපේ ප්‍රභූවරුන්ට. මාව යට කරගෙන ඔය වාහන පෙළම ගියත් අනේ අම්මෝ මම නම් තරහා නැහැ (නි)
සමහර දෙනෙක් පොලිසියේ කතාව විශ්වාස කළාට මම නම් මේ පින්තූර වල හැටියට ඒක විශ්වාස කරන්නේ නැහැ. පාරේ වම් තීරුවේ යන වාහන එහෙමමයි. දකුණු තීරුවෙන් යන්නේ ඔය කියන ප්‍රභූ වාහන නේද? පොලිසිය ඒක නිවැරදි කරන්න උත්තර දෙනවා. " වැටත් නියරත් ගොයම් කා නම් - කාට පවසමි ඒ අමාරුව" (නි)
මේ ළඟදි ජනාධිපතිතුමා කිව්වේ මේකද? මම දැන් තමා තේරුම් ගත්තේ! (නි)
නීතිය හරියට සාධාරණව ක්‍රියාවේ යෙදෙන්නේ නැත්නම් මිනිසුන් විසින් යුක්තිය පසිඳලන අධිකරණ වටලා විරෝධතා දක්වන කාලය වැඩි ඈතක නොවනු අතර, ඒ ගැන පුදුම විය යුතුද නැති බව මගේ හැඟීමයි. (නි)
පොලිසිය අහිංසක අපිව විතරක් අල්ලන්නේ, ඔවුන්වත් අල්ලන්න බැරිද? (නි)
මට නම් මේ පොලිසිය මකලා හූරලාවත් හදන්න බැහැ වගේ පෙනෙන්නේ (නි)
වහාම අත්අඩංගුවට ගතයුතුයි නේද? (නි)
ලෝයර් මහතා ආරක්ෂා වේවා කියා පතනවා (නි)
සමන්, විධිමත් විදිහට ධාවනය කිරීම සඳහා පොලිසියට විශේෂ රථවාහන ධාවන සැළැස්මක් ක්‍රියාත්මක කළහැකි බව නොදන්නවා නොවේ. මෙතන වෙන්නේ දෙසපලුවට පොලිසිය අවිධිමත් විදිහට පාරේ ඉඩ අරන්දීමයි. දැන් දකුණෙන් එන වාහනය කාණුවට දමන්නද? මෙයට ප්‍රධාන හේතුව මිනිසුන් දේශපාලුවන්ව ඉහළට ගෙන සැළකීමයි (නි)
අපිත් බලාඉන්නේ ඔය නීතිය ක්‍රියාත්මක වෙනකම් තමයි. (නි)
සියල්ලටම පෙර මේ ප්‍රභූන් කියන ලේබලය ගලවන්න ඕනෑ. මේ මහජන ඡන්දෙන් පත්වුණු මහජන නියෝජිතයෝ. අර හිමින් ගමනකුත් නැහැ බල්ලට ඇති වැඩකුත් නැහැ කිව්වා වගේ මේ කට්ටියට හෙමින් ගමනකුත් නැහැ කරපු වැඩකුත් නැහැ. (නි)
අනේ ඔය ටික රේල් ගේට්ටුවක් නැති පාරකදී කෝච්චියක් එනවිට යවන්නකෝ (නි)
ඔය පෙන්වන්නේ යහපාලන ආණ්ඩුවේ නිරුවත හෙවත් "අවසන් ජවනිකා" පෙළයි. අපි දකිනවා කාට කාටත් මුල අමතකවෙලා. යහපාලන ආණ්ඩුවේ ඉන්න රාජපක්ෂවරුන්ට කත්ඇදපු ඇමතිවරුන්ගේ ඕනෑ එපාකම්වලට නටන චරිත බවට බලධාරීන් පත්වීම ඉතාමත් ශෝචනීයයි. (නි)
මේ අය තෝරන්නේ තවත් මේ වගේම කට්ටියක්නේ (නි)
මහජනයාගේ සල්ලි වලින් ජීවත්වෙවී මහජනයාටම කරදරකාරිව හැසිරෙන හැටි? (නි)
මේ සිදුවීමෙන් ගම්‍යවෙන්නේ, පැරදුනත් තමන්ගේ ගමන් බිමන් යන්නේ තමන්ට ඕනෑ විදිහට කියලද..? ඔන්න රටේ "ප්‍රභූ හොරුන්ගේ' ආදර්ශය. යහපාලනයේ සහ පොලිසියේ කොන්ද පණනැතිකම නිසයි මේ වගේ දේවල් අපිට බලන්න දකින්න තරම් අපි අවාසනාවන්ත වෙලා තියෙන්නේ. මොවුන් නේද රටේ බලය ගන්න තැත්කරන්නේ (නි)
අපි මොකටද මෙයාලා ගැන කතා කරලා වටිනා කාලය නාස්තිකර ගන්නේ? (නි)
සත්‍යපාලගේ කතාව හරි (නි)
කොහොමත් ලංකාවේ නීති එක එක්කෙනාට එක එක විදිහටනේ ක්‍රියාත්මක වෙන්නේ (නි)
මෙහෙම පාරේ වැරදි පැත්තේ ගිහින් තව වාහනයක හැපුනොත් මුලින්ම කරන්නේ පාරේ නිවැරදිව ගිය රියදුරාවත් රිමාන්ඩ් කරන එක. මේක නොවේ අපි යහපාලනෙන් බලාපොරොත්තු වුණේ. (නි)
බොරුව වංචාව නිසා පාරේ යන්න බයයි. මොකට කරනවද දේශපාලනය? කට විතරයි. ලැජ්ජා නැද්ද මන්දා. යන්නකෝ බස් එකේ නැත්නම් කෝච්චියේ. (නි)
අවුලක් නැහැ, ලංකාවනේ. (නි)
අහවලාගේ වාහනයනේ මේ. මට මතකයි මේ සිදුවීම. (නි)
ඔය වාහනයම පුතෙක් බලන්න වැලිකඩට යන පින්තූරයකුත් පත්තරේ තිබුනා වගේ මතකයි මට. (නි)
මේගොල්ලන්ට ගහන දඩය කීයද? 25000 ද? 250 ද? පව් අනේ, පාරේ ඔට්ටු සෙල්ලම් කරනවා වෙන්න ඇති (නි)
ලංකාවේ ප්‍රභූ තමයි ලෝකයේ නියම ප්‍රභූ... (නි)
දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මේවට තමා (නි)
ජනාධිපති කිව්වා නේද මෙහෙම යන්න එපා කියලා. (නි)
කවුද මේ මාර්ග නීති කඩකරමින් ගාල කඩාගෙන යන්නේ? (නි)
අනේ ඔයගොල්ලෝ ලංකාවේ නොවෙයිද ඉන්නේ? දන්නේ නැද්ද ප්‍රභූවරුන්ට වෙනම නීතියක් තියනවා කියලා. ඒ නිතිය තමයි කිසිම නීතියක් එයාලට බලපාන්නේ නැහැ කියන එක. (නි)
ගිය ආණ්ඩුවට වඩා කිසි වෙනසක් නැහැ. හැබැයි කහ ඉරි සුදු පාට වෙලා. එච්චරයි. (නි)
ලංකාවේ දේශපාලනයත් එක්ක පොලිසිය අසරණවෙන අවස්ථා එමටයි. නීතිය ක්‍රියාත්මක කළොත් එක්කෝ ඈතකට මාරු කරයි. නැත්නම් වෙනත් දඬුවමක්. ඒ නිසා තමයි එයාලා ඒ හැම නීතියක්ම සාමාන්‍ය ජනතාව පිට පවරන්නේ. මේක අද ඊයේ සිදුවන දෙයක් නොවෙයි (නි)
මේ වෙලවටයි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙන්න ඕනෑ යන හැටි බලන්න (නි)
දකුණු පැත්තෙන් එන වාහන කොහෙන්ද යන්නේ. (නි)
එංගලන්තේ වගේ රටවල් වල අගමැතිවරයා තනිවම පාරේ ගමන් කරනවා. ඔහු ජීවත්වන නිල නිවසත් පාරත් අතර මිදුලක්වත් නැහැ. ජර්මනියේ ඇමතිවරු පාර්ලිමේන්තු එන්නේ පොදු ප්‍රවාහන සේවා වල. සමහරු එන්නේ පාපැදි වල. ත්‍රස්තවාදය තුරන් කරපු අපේ රටේ දේශපාලකයෝ පෙර ගමන් රථ පසු ගමන් රථ පිරිවරාගෙන මාර්ග නීති කඩමින් ගමන් කරන්නේ ඔවුන් කරන දුෂණ වංචා නිසා කුපිතවන ජනතාව ඔවුන්ට පහරදේවි කියලා බියෙන්ද කියලා මට හිතෙනවා (නි)
කවුද මෙයාලට ප්‍රභූන් කියන්නේ. නීති කඩන අයට කියන්නේ වෙන නමක්. (නි)
අපි දන්නා තරමින් නම් ප්‍රභූන් කියන්නේ උගත්, බුද්ධිමත්, යහපත් චරිතයක් ඇති මිනිසුන් (නි)
කව්ද මොවුන්ට ප්‍රභූන් කියලා කියන්නේ. (නි)
කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුනලුනේ (නි)
ඇත්තටම අපේ මහජන ඡන්දෙන් පත්වුණච මේ මිනිසුන්ට මොකක්ද මේ හැදිලා තියෙන අසනීපය? අපේ අහිංසක ඡන්දෙ අරගෙන මේ කරන මහා අපරාධය මොකක්ද? අැයි එයාලට මේ තරම් මහා ලොකුවට වාහන පේලියක් වගේ යන්න ආසා? දැන් යුද්ධයත් නැහැ. ඉතින් එක වාහනයක් ගියාම ඇති නේද? අපිටත් මේවා හොඳ පාඩම්. හරි බලමුකෝ? (නි)
ඔවුන්ට නීති අදාළ නැතුව ඇතිනේ (නි)
පොලිසිය කොහොමද මාර්ග නීති කඩන්න අවසර දෙන්නේ? පොලිසියට විරුද්ධව නඩු පවරන්න ඕනෑ. (නි)
ජනාධිපති කිවුවනේ මාර්ග නීතිය කාටත් එකයි කියලා. මේ මොකද්ද එතකොට? (නි)
ලංකා ප්‍රභූන් තරම් හොරු වෙන කොහේවත් නැහැ (නි)
ඔහොම ගියා නම් පොලීසිය අපිට මොනවා නොකරයිද? කිතුල් ගහට ගිය මිනිහටත් උත්තරයක් තිබුනලුනේ. (නි)
එතකොට CAD 0223 රථය නියමිත ප්‍රමිතියෙන් තොර අංක පුවරු සහිතව ධාවනය වුණේත් පොලිසියේ අනුදැනුම ඇතුවද? (නි)
මම නොදන්න නිසා අහන්නේ. පොලිසිය දැනුවත්කර නීතිය කඩන්න පුලුවන්ද? එහෙනම් මරුනේ..! (නි)
මොවුන්ට වෙනම නීතියක් තිබුනේ අද ඊයේ ඉඳලා නෙමෙයිනේ (නි)
මේක ඉතින් අනාදිමත් කාලයක සිටම මෙහෙමනේ (නි)
කවුද අප්පේ මේ යන්නේ? (නි)
කවුද ඔය මාර්ගනීති කඩකරමින් ගාල කඞාගෙන යන කෙනා? රටට ප්‍රයෝජනයක් වෙන කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
මේ වගේ දෙයක් කරන්න රටේ නිදහස සැමදෙනාටම තිබීම ගැන සතුටුවන්න ඕනෑ. ඉස්සර ප්‍රභූ වාහන වලින් ඇවිල්ලා මිනිස්සු මරලා ගියත් කට අරින්න පුළුවන්කම තිබුනාද (නි)
මේක මාර කතාවක්නේ. එතකොට පොලිසියේ ඕඅයිසීට ඕනෑ විදියටද මාර්ග නීති ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මෝටර් රථ පනත අනුව රටේ මාර්ග නීති ක්‍රියාත්මක වෙනවා කියලනේ. (නි)
මේ රටේ නීතිය වළපල්ලට ගිහින් දැන් (නි)
මම නම් කියන්නේ ඔය අනවශ්‍ය වැඩ වලට ඇඟිලි ගහන්න එපා කියායි (නි)
මෙහෙම තමා වෙන්න ඕනෑ. රට කනවා. ඔක්කොම පන්නලා දාන්න ඕනෑ (නි)
දීකිරට බළල්ලුත් සාක්කිලුනේ! (නි)
හරියට හරි. මමත් මීටපස්සේ පොලීසිය දැනුවත් කරලම මාර්ග නීති කඩනවා. (නි)
මේ ආණ්ඩුවේ අය, පොලිස්පති ඇතුළු ලොක්කෝ සියල්ලම කරන්න බැරි දේ කියන්නේ නැතුව ඉන්න එක හොඳයි. අපිටත් බැරිද පොලිසියේ අනුමැතියෙන් බැංකුවක් කඩන්න? උතුරට කිරි, දකුණට කැකිරි. දකුණේ ලොක්කන්ට කිරි, දකුණේ මහජනයාට කැකිරි (නි)
ගෝත්‍රිකයින් ජීවත්වන මේ දූපතට මොන නීතිද මහත්තයෝ...? (නි)
දැන් බලමු මේ ආකාරයේ වැරැද්දක් වුණොත් පියවර ගන්නවා කිව්ව එක්කෙනාගේ කථාවයි ක්‍රියාවයි එකක්ද කියලා. (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද...? අපේ රටේ නායකයො කියන අය හැමදාම කළේ අපිව මෝඩයෝ කළ එක (නි)
මේක මහා හතරබීරි කතාවක්. අපි යහපාලනයට ඡන්දෙ දුන්නේ මේවා නවත්වන්න. ජනපතිතුමනි, මේ එකක් පමණි. යළිත් වෙනසකට අත වැනීමක් වෙයි මෙහෙම ගියොත් (නි)
ඔන්න පොලිස්පතිතුමා ගැන ජනතාවට බලාගන්න පුළුවන් හොඳ අවස්ථාවක් උදාකරලා තිබෙනවා, අපේ නීතිඥතුමා. (නි)
මේ අයට විරුද්ධව යහපාලනය වැඩ කළේ නැත්නම් 2020 දී යහපාලනයටත් තෙරුවන් සරණම තමයි. (නි)
මොවුන්ට නීතියෙන් අවුලක් නැහැ. ඒකනේ මෙහෙම යන්නේ (නි)
නියම වැඩක්! (නි)