(යොහාන් භාසුර)
පාරිභෝගික අධිකාරියේ බව පවසමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වලට සහ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ භාණ්ඩවල ගැටලු ඇති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නියමිත බව සඳහන් කරමින් මුදල් ඉල්ලා තර්ජනය කිරීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණි කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරියකු බව ප්‍රකාශ කරමින් ව්‍යාපාරිකයන්ට සහ නිෂ්පාදකයින්ට දුරකථන ඇමතුම් දෙමින් මුදල් ඉල්ලා තර්ජනය කරන බවට පැම්ණිලි ලැබි ඇති බවත් කිසියම් ව්‍යාපාරිකයකුට හෝ නිෂ්පාදකයෙක්ට එවැනි දුරකථන  ඇමතුමක් ලැබුණ හොත් ලඟම පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියේ 1977, 0112445897, 0771088922 යන අංක වලට දැනුම් දෙන ලෙස එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.