එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මළ සිරුරු දුටු විට කනගාටුදායක හැඟීමක් ඇති වූ බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ උපනායක රාහුල් ගාන්ධි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (11) වාර්තා කළේය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රජිව් ගාන්ධි හා ඔහුගේ බිරිඳ මෙන්ම ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකාව වන සෝනියා ගාන්ධිගේ පුත්‍රයා ද වන රාහුල් ගාන්ධි ඒ බව පවසා ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයේ වධෝදරා හිදි ව්‍යාපාරික ප්‍රජාවක් අමතමිනි.
හිටපු අගමැති රජිව් ගාන්ධි ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට චෝදනා එල්ල විය. එම සංවිධානය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ ළාබලතම අග්‍රාමාත්‍යවරයා වූ රජිව් ගාන්ධි ඝාතනයට ලක්වූ අතර එම ප්‍රහාරයෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පුත් රාහුල් ගාන්ධි මෙසේ ද පවසා තිබේ.
“ අපේ පවුල මහත්මා ගාන්ධි අනුව කටයුතු කරන පවුලක්. මම මගේ තාත්තාගේ ඝාතකයගේ සිරුර දැක්කා. ප්රභාකරන්ගේ සිරුර දුටු විට මට කනගාටුවක් ඇති වුණා. මම ඒ ගැන ප්රියංකටත් කිව්වා. ප්‍රියංකත් කිව්වා ඇයටත් කනගාටුවක් ඇති වූ බව”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිදේ. ශ්‍රේෂ්ට බුදු රදුන්ගේ වදනකි. නමුත් අපි?
කන්න හිතුනාම කබරයත් තලගොයා වගේම මේ උන්නැහෙලටත් පෙනෙන හැටි.
එතකොට ඔබේ පියා වන රජිව් ගාන්ධිගේ සීසී කඩවී, විශාල ප්‍රදේශයක් පුරා විසිරි තිබුන සිරුරේ කොටස් දැක්කම කණගාටු හිතුනේ නැද්ද ? ශ්‍රී ලංකාවේ දරුණුම ත්රස්තවාදියාවූ වේලුපිල්ලේ ප්රභාකරන් මරු දුටුවේ රජිව් ගාන්ධි වගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් නොවන බව රාහුල් ගාන්ධි දන්නවාද ? ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එල්ලකරන ලද එක වෙඩි පහරකින් මේ ත්‍රස්තයා මෙලොවින් චුත කර රටට සාමය උදා කර දුන්බව ඉන්දියාවේ නායකත්වය ලබාගැනීමට සිහින මවන රාහුල් දැන ගත යුතුවෙනවා... ඔහුගේ පියාගේ "ගුවනින් පරිප්පු" සංග්‍රාමය අවසන් කර, ත්‍රස්තවාදී කොටි සංවිධානය මුලිනුපුටා දමා, ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදා එක්ව, ශ්‍රීලංකාව එක්සේසත් කල බවත් ගාන්ධි පුතා ඉගෙන ගත යුතු වෙනවා ! ත්‍රස්තවාදියෙක් වෙනුවෙන් කඳුළු හලන මෙයා මොන නාඩගමක් නටන්න හදනවාද කියා අප විමසිල්ලෙන් සිටිය යුතුය !!!!
තම පියාව ඝාතනය කල ඝාතකයා පිළිබඳව මෙලෙස සිතීම අප රටේ ජාති ආගම් කුලබේද හිසේ දරාගෙන ප්‍රතිවාදීන්ට හිංසා කරන කරන්න පොළඹවන වුන්ට කදිම ආදර්ශයක් .
සම්පුර්ණයෙන්ම දේශපාලන කථාවක්. මම පෞද්ගලිකව අවිහිංසාව ප්‍රිය කලත්, ප්රභාකරන් වැනි දරුණු, මිලේච්ඡ ත්රස්තවාදියෙකුගේ මළසිරුර දැකීමෙන් සතුටටත් වඩා සැනසීමට පත්වූවෙකි. රාහුල්ට , මොහුගේ ප්‍රහාර වලින් මියගිය අසරණයින්ගේ සිරුරු වල පින්තූර දැකීමට සැලැස්විය යුතුයි.
රාහුල්! ඔබගේ පියාගේ සීයා වන ජවහල් නේරු බෞද්ධ පිළිවෙතට ගරු කරමින් දේශපාලනය කල අපේ යුගයේ සිටි ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඒ නිසාම ඔබගේ මිත්තනියටත් ඒ ශ්‍රේෂ්ඨ ගති උරුම වී තිබුණා. නමුත් ඔබගේ මහප්පා වන සංජේ හා ඔබගේ පියා සම්බන්ධයෙන් බැලූ විට ඔවුන් දෙදෙනාම අනුගමනය කළ අමනොඥ ක්‍රියා පටිපාටිය නිසා ජීවිත වලින් වන්දි ගෙවන්න වුණා. ප්රභාකරන් ගැන කනගාටුව ඇතිවුනේ සතුරාට වුව මෛත්‍රී කළ යුතුයි කියන ප්‍රතිපත්තිය මත නම් එහි ඇති වැරැද්දක් නැහැ. නමුත් මේ ප්‍රකාශය පිටුපස ප්රභාකරන් වීරයෙක් ලෙස සළකන දකුණු ඉන්දියානු වැසියන්ගේ හිත දිනාගෙන ඒ තුලින් කොන්ග්රස් පක්ෂයට සහයක් ලබා ගැනීමේ යටි අදහසක් වීනම්, ඔබ ඔබගේ පියාගේම අඩි පාරේ යන තවත් එක් අයෙක් කියා අකමැත්තෙන් වුවත් කියන්න සිද්ධ වෙනවා.
ඔබට කණගාටු හිතුනේ නැද්ද ලංකාවෙ අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු පවුල් පිටින් බෝම්බ වලට අහු වෙලා මිය යනකොට, දහස් ගනන් අබ්බගාත වෙනකොට, පොඩි අය බෝම්බ බයට බංකර් වලට රිංගනකොට, අවුරුද්දකට 8000ක් මිනිස්සු මැරෙන එකට තමන්ගේ තාත්ත මරපු එකට දුක නැද්ද.
මැරුන කෙනෙක් දිහා බලල සතුටු වෙන්නේ සුළු පිරිසක් හැබැයි තමන් අනෙකෙකු විසින් ඝාතනය කරන තත්වයට පත්කරගන්නේ බොහො විට තමන් විසින්මයි. ප්රභාකරන් ඒ අතින් ඉහලින්ම සිටි ත්‍රස්තයෙක්
ජිවිත දස දස ගණනකගේ සහ තම පියගේ මිනි මරුවාගේ සිරුර දුටු විට කනගාටුවක් ඇතිවූ බව කියන්නේ වෙන කිසවක් නිසා නොව දෙමල චන්ද ටිකට ඇති පෙරේත කම නිසා
දේශපාලකයෝ ඉන්දියාවේ හෝ ලංකාවේ කියල වෙනසක් නැහැ කට ඇරියොත් කියන්නේ පට්ටපල් බොරු තම පිය මරවපු මිනීමරුවාගේ මිනියේ ෆොටෝ එක දැක්කහම දුක හිතෙන්න මෙය සෝවාන් වෙලා නැහැනේ
ප්‍රබාකරන් නැමැති මස් වැද්දා විසින් අමානුෂිකව ගාතනය කල ලක්මවගේ දුදරුවන් පිලිබදව එදිනවල මේ උන්දැට කිසිදු කණගාටුවක් ඇතිවුනේ නැත්තේ වඩදිය බාදිය නිතර පිටවෙන නිසා වෙන්න ඇති.
සිරුර ද සිරුරේ චායාරුපයක්ද
එල් ටී ටී කොටි පැටියන්ට කිරි පොවලා හැදුවේ ඔබේ තාත්තයි ආච්චියි දෙන්න. ප්රභාකරන්ගේ මිනිය දකිනකොට ඔබට දුක හිතෙන එක ඇත්ත. ඔබේ තාත්ත ලංකාවට පරිප්පු හෙළුව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරලා. ජේ ආර්ඒ එක්ක රහස් ගිවිසුම් ගහල මෙහෙදී ගුටි කෑව. ඔබත් එල් ටී ටී ඊ හිතවාදී ගාන්ධි පවුලේ කෙනෙක් නිසා ඔහොම තමයි. ඔබට ජීවිතාන්තය දක්වා ඉන්දියාවේ විපක්ෂයේ ඉන්නට ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි.
මහත්තයෝ ඔයා ඔවා කියලා ලංකාවට එන්න එපා තවමත් අපේ නෙවි කොල්ලෝ ඉන්නවා තුවක්කු තියාගෙන
අදහස් දාල තියන අයගේ අදහස් දැක්කාහම පුදුම හිතෙනවා , මෙයා කියන්නේ මෙයාගේ හිතට ආපු දේ වෛරයක් නැහැ කියන එක , ඒක උතුම් ප්‍රකාශයක් ,එහෙම තමයි මිනිස්සු ඉන්න ඕන ,ඒක තමයි නියම ආගමක් අදහනවානම් විය යුත්තේ .
ඒ කාලේ අපේ අහිංසක මිනිස්සුගේ මළ සිරුරු දකිද්දී කණගාටුවක් ඇති උන් නැද්ද දන් නෑ............
ඔබගේ හැගීම් අපිට අදාල නැත. මෙරටේ සිදුවු ඉතා දුක්ඛාන්ත සිදුවීම් වලට මෙම දරුණු ඝාතකයා සෘජුවම වග කියනු ඇත. ඔහු නිසා විනාශ වු පවුල් සහ විදි වේදනා දුක් කන්දරාව ඔබ කිසිදා නොදකිනු ඇත. ඔබේ පියා මැරු තැනැත්තාට සමාව දීම හෝ ඒ ගැන කනගාටු වීම ඔබගේත් ඔබගේ පවුලේත් තීරනයකි. එලෙසම ඔබට දහස් ගනන් ඉන්දියානුවන් මැරු ත්‍රස්තවාදී ඝාතකයන් ගැනත් කනගාටු හිතෙනවද? ඔබ කිසිදා ඉන්දියාවේ අගමැති නොවනු ඇත. ඔබ මෙම කොමෙන්ටුව නොදකිනු ඇත. නමුත් මේ සියලු ලාංකිකයන්ගේ සිතුවිල්ලයි.
ප්‍රබාකරන් නැමැත්තා විසින් අමානුෂිකව ඝාතනය කල ලක්මවගේ දුදරුවන් පිලිබදව ඒ දිනවල මේ කෙනාට කිසිදු කණගාටුවක් ඇතිවුනේ නැත්තේ වඩදිය බාදිය නිතර පිටවෙන නිසා වෙන්න ඇති.
මේ chank කියන කෙනා ලංකාවේ හිටපු නැති කෙනෙක්ද? නැත්නම් විහිලු කාරයෙක්ද?
2006 දී එවකට සිටි රජයට ඕනේ වුනේ යුද්ධයෙන් උතුරේ ප්රශ්නය විසදන්න. එකට ඒගොල්ලෝ කරපු ප්‍රධානම දෙය තමයි මුළු රටම යුද්දෙට තල්ලු කිරීම (war footing). රටේ ඉන්න හැම කෙනෙක්ගේම තිබුනේ යුධ මානසිකත්වයක් .. යුද්ධය පවතින තාක් කල් එවැනි මානසිකත්වයෙන් ඉඳල යුද්ධය ඉවර වුනහම අපේ බහුතරයක් ජනයාට බැරි වුනා නැවතත් පියවි තත්ත්වයට එන්න. ඒකට මූලික හේතුව තමයි යුද්ධය ඉවර වුනාට පස්සෙත් එකල සිටි පාලකයින් ජීවත් වුනේ යුද්ධය විකුණගෙන. යුද ජය මාකට් කරපු එක තමයි කෙරුවේ. අපේ මිනිස්සුන්ටත් එක හරි වින්දනයක් ගෙන දුන්නා.. දැන් අපි යුද්දේ ගැන කතා කරන්න කැමතිත් නැහැ මොකද එක ඒ තරම්ම ව්‍යාකූලයි. විනාශකාරීයි. ඉතින් දැන් තියෙන්නේ තවමත් දෙමල මනුස්සයෙක් දිහා බලන්නේ කොටියෙක් විදිහට.. දෙමල මිනිස්සුන්ගේ ඉඩම් දෙන්න කිව්වහම ඔක්කොම කුලප්පු වෙනවා කොටින්ට අයෙමත් පණ දෙන්න හදනවා කියල.. මුළු රට යුද මානසිකත්වයට තල්ලු කරපු එකේ ප්‍රතිපල තමයි අපි අද විඳින්නේ. ඒක තමයි මෙම ගාන්ධි මහත්මයාගේ කතාව පිලිබඳ ද්වේශයෙන් බලන කට්ටිය වැඩියෙන් ඉන්නේ
සමන් මහතාණෙනි ඔබ හමුදාවේ සිටි කෙනෙක් විය යුතුයි. මමත් වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ද වුන කෙනෙක්. ඔබගේ අදහසට ගරු කරන අතර එම සිදුවීම් තව දුරටත් විස්තර කර පල කරන මෙන් ඉල්ලමි.
මෙයාට දුක ඇති.
මොහු දෙමල ඡන්ද වලින් අන්ධ වෙලා.
කිසි දෙයක් නොවේ. ඕවා ඡන්ද බලාගෙන කරන ප්‍රකාශ. ඡන්දයක්, දෙකක් බලාපොරොත්තුවෙන් කවුරු හරි කෙනෙක් යහපත් කෙනෙක් කියලා කියන්න ඔය දේශපාලකයින්ට පුළුවන්.
ප්‍රියාන් එහෙම නම් ප්රභාකරන් අපිට ගහන වෙලාවේ අපි මොනවාද කරන්න තිබුනේ? බණ දේශනා කිරීමද? මේ බුදුන්ගේ කාලය නොවෙයි. මේ කාලයට අවශ්‍ය "සාමය අවශ්‍ය නම් යුද්දයට සැරසෙනු" කියන කියමනයි. "නමුත් අපි?" අපි හැම තැනම හැම දේටම ප්‍රමාදයි. ඒ නිසයි යුද්දය අවුරුදු 30 ක් ඇදුනේ. අනික අපට හිටිය පාලකයෝ, මහින්ද හැරෙන්නට, නිවට නියාලු අය බව ඉන්දියාව හොඳට තේරුම් අරගෙන තිබුණා. ඒ නිසානේ අපේ කනට ගහලා 13 අපේ කරේ එල්ලලා ගියේ. දැන් ඉන්නේ නිවටකමේ ප්‍රති මූර්ත... ඒ නිසානේ අපි යුද්ධ අපරාධ කලා කියලා කැමැත්තෙන්ම පිළිඅරන් තිබෙන්නේ. රාහුල් ගාන්ධි ඔය ටික කීවේ තමිල්නාඩුවේ ඉන්න ගොයියන්ගේ ඡන්ද ගන්න බලාගෙන අපි ඕව්වා අනුමත කරන්න ඕනේ නැත. ඒ එක්කම ලංකාවේ ඉන්න ද්‍රවිඩ නායකයින් කියන කතා ගැන විමසිල්ලෙන් ඉන්න.
ඔයත් එහෙම හිතනවානම් ඉතින් අයියට වුණු දේම තමයි.
රාහුල්ටත් ප්‍රියංකාටත් දුක ඇති වුණේ ප්‍රභා මැරුණ එකට නොවන බවත්, ප්‍රභා මැරී වැටී සිටි ආකාරය දැකීමෙන් බවත් වාර්තා වේ. එමෙන්ම ගාන්ධී පවුලේ සාමාජිකයින් විසින් ප්‍රභාව ජීවග්රහයෙන් අල්ලා ගැනීමට වැටුප් ගෙවා යොදවා සිටි ඔත්තුකාරයින් විසින් අල්ලා ගැනීමට පෙර ප්රභාගේ මරණය සිදුවීම ගැනත් දුක ඇති වූ බව පසුව වාර්තා කරමි.
මේකේ කොටින්ට කඩේ යන අයට කියන්නේ. අපිට බණ කියන්න එපා පිට රටවල ඉඳන්.
ඔබේ චන්ද ගරාගනීමේ උත්සාහයට අපිට කිසිවක් කියන්න බෑ....ඔබට එක සාදාරන සිතුවිල්ලක් වෙන්න ඇති ..එ්ත් ඉතින් මිලේච්ච කොටියෙක් මහත්මයෙක් කරපු එවන් කාලකන්නි නිදහස් කර නොබෙල් තෑගී වලට කෙල හලන ජනාධිපතිවරු ඉන්න රටක ඔබට ඔබ හරි......එ්ත් මේ.... සසර දනව්වේ..සිංහල රටේ.. සිංහලයන් අසරණවෙලා වගේ ..කියල අපටනම් හිතෙනවා...