
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සුභ උපන්දිනයක් වේවා ප්රභාකරන් අයියා- සභාපතියනුවෙන් සඳහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි බව කියන 43 හැවිරිදි කාන්තාවක් මඩකලපුව කොක්කඩිචෝලේපොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා26 සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සන්තකයේ මෙම උපන්දින කේක් දින කේක් ගෙඩිය ට අමතරව පොපිමල් පොල් තෙල් ඉටිපහන් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද තිබී පොලිස් භාරයට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නැගෙනහිර පළාත මුදා ගැනීමේ මෙහෙයුමේදී ආරක්ෂක හමුදා සමඟ සටන් වැදී මියගිය එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් භූමදානය කර ඇතිමා වාඩි මුම්මාරි සුසාන භූමිය අසල මාර්ග පාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මහවිරු දිනය වෙනුවෙන් ටි වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය සැමරීම සඳහා සුසාන භූමියට ගොස් කේක්කපා ඔහුට සුබ පැතීමට ගිය බව මෙම කාන්තාව ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
ප්රභාකරන්ගේ උපන්දින උත්සවය සැමරීමේ උත්සවයට තවත් අයද මෙම සුසාන භූමියට පැමිණීමට නියමිතව සිටි ඇති බවත්මෙම කාන්තාව එම උපන්දින කේක් ගෙඩිය ඇතුළු ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීම නිසා එය වැළකී ගොස් ඇති බවත් පැවසේ.
එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළේ යැයි කියමින් මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් කාන්තාව වාලච්චේන ප්‍රදේශයේම පදිංචි පදිංචි කාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං ඉතින් කට්ටියම කේක් ගෙඩිය බිම තියලා රෙද් ටිකක් උස්සගෙන ඒක උඩ වාඩි වෙන්න තමයි තියෙන්නෙ . පරභා අයියා ඉන්න තැන ඉඳන් ගිනි පුළිඟු අතරින් බලං ඇති.
යකෝ ඕනෑ තරම් වීඩියෝ තියෙන්නෙ you tube එකේ ප්‍රබාගේ උපන් දිනේ මහ ඉහලින් සමරනවා...උන්ට මොකුත් නැද්ද