ප්‍රභාකරන්ට බැරිවූදේ දේශපාලනය මගින් කරගැනීමට ඇතැම් පිරිස් දැන් සැරසෙන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අද (5) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති දේශය සුරැකීමේ ජාතික සුරැකීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ දේශනයක දී පැවසීය.
‘අලුතින් ගෙන ඒමට සැරසෙන ව්‍යවස්ථා මර උගුල පටන් ගත්තේ ප්‍රභාකරන් මැරුණු දවසේ ඉඳලා. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් අපි මේ ව්‍යවස්ථාව ගෙන ඒමට විරුද්ධව කටයුතු කළ යුතුයි. සමහර පිරිසක් මේ පිළිබඳ දැනුවත් නෑ‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය අවුලන්න එපා... (නි)
අනේ මේ රටට සාමය සහ සියළු ජනතාවගේ අයිතීන් ලබාදීමේදී විරෝධය පා කොරහේ කිඹූලන් දකිමින් කරන කටයුතු නතර කරන්න. රටට සාමය අවශ්‍යයි. (නි)
ලංකාවේ දේශපාලනේ කියන්නේ අවස්ථාවදියෝ. (ර)
අනාවැකි නම් මමත් දැන් දශක ගණනාවක සිට අහනවා. තවම නම් එකම අනාවැකියක්වත් හරිගියේ නැත. (නි)
නැවත යුද්ධයක් ඇතිවුවහොත් පෙරමුණට යන්නේ ඔය කෑගසන අයගේ දරුවන් නොවන බවද, එසේ යන්නේ අසරණ දුප්පත් සිංහල දමිළ මුස්ලිම් දෙමව්පියන්ගේ දරුවන් බවද සිත්හි තබා ගතයුතු කරුණකි (නි)
සුරනිමල, 2009 මහින්ද රාජපක්ෂ රජය පරාජය කළේ ත්‍රස්තවාදයයි. ගුණදාස අමරසේකර ශුරීන් කියන්නේ හරි දෙයයි. මහා ත්‍රස්තවාදියාට කරන්න බැරිවුණ දේ අද පාර්ලිමේන්තු ත්‍රස්තයන් කරන්න හදන්නේ. මේ පුංචි රටට මොන ව්‍යවස්තාද? තියන නීති තුළ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. එදා ජනපතිට විධායක බලය නොතිබුනා නම්, ත්‍රස්තයන් පරදන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා සිංහලයන්ට තියන එකම රට බෙදන්න කවුරුහරි උත්සාහ දරනවා නම්, එ්කට විරුද්ධ වෙන්න ඕනෑ (නි)
කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ මේක තමා. (නි)
ගුණදාස අමරසේකර මහත්තයා කවදත් කියපු කිසිදෙයක් වුණේ නැහැ. එයා කියපු සේරම දේවල් එක අන්තයකින් දකින දේවල් මිසක් ස්වාධීන මත නොවෙයි (නි)
මෙතුමා හැමදාමත් කිවුවේ මේ වගේ දේවල්මයි (නි)
මේ සිංහල අයිතිය අසිංහලයනට පාවාදෙන්න හදනවුන් කුමන හේතුවක් නිසාවත් තම පවුලට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව රැක ගන්නවනේ. ඒ වගේ තමා අපිත් මේ සිංහල රට රැකගන්න හදන්නේ. දැන් අහන්න එපා මම හමුදාවට ගියේ නැත්තේ මොකද කියලා. මම එක වරක් කැඩෙට් නිළධාරියෙකු වශයෙනුත්, වරක් ගුවන් හමුදා පියාසර නිලධාරියෙකු වශයෙනුත් තේරී, එහෙත් මගේ එදා සිටම තිබු මේ ජරා කට සහ දෙමළ විරෝධය නිසා,පොලිස් වාර්තාව අසතුටුදායකවී එම අවස්ථාව නැතිවූ කෙනෙක්. යම් විදිහකින් එදා මට අවස්ථාවක් ලැබුනා නම් අද යුද ඉතිහාසය මීට වෙනස් වන්නටත් ඉඩ තිබුනා. මම අද මහල්ලෙකු වශයෙන් සිංහල ද්‍රෝහියන්ගෙන් පළිගත හැකි ආත්මයක් මගේ මරණින් පසු ලැබේවා යනුවෙන් පතන කෙනෙක්. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කුලසේකර, මෙයා කියන්නේ හරි දේ නම් ඔයා මෙයාගෙන් අහලා බලන්න මෙයාගේ දරුවෝ කී දෙනෙක් යුද්දෙට ගියාද කියලා. අනෙක පාර්ලිමේන්තුවේ හැම ජනතාවක්ම නියෝජනය කරන ජනතා නියෝජිතයෝ. (නි)
වෙස් මුහුණු බැඳන් ආවට අපි නැහැ රැවටෙන්නේ. (නි)
චානක, අපේ ජාතිය රට ගැන කතා කළොත් ඒක ජාතිවාදයද? (නි)
සෙනෙවි, සාමය අවශ්‍යයි කියල රට පාවාදෙන්න හදන්න එපා. දුන්නොත් අපසු ගන්න බැහැ. ඉඩම් බලතල සහ පොලිස් බලතල දෙන්න එපා. අපි සිංහලයෝ එයට විරුද්ධයි (නි)
රටක් ගැන අනාවැකි කරන්නේ අවුරුද්දකට දෙකකට නෙමෙය්. අවුරුදු විස්සකට,පනහකට, සීයකට. මේවා කාලගුණ අනාවැකි වගේ නෙමෙයි. (ම)
අනේ ඇත්තද (හේ)
මොනවද මේ නිකන් තේරුමක් නැති කතා ? මේවා ඒකාධිපති වාදයට රුකුල් දෙන ඒවා, ඔබ එදත් කිව්වේ ඕවා, දැනුත් එ්වමයි, බොරු නැතිව ඉන්න මහත්තය.(බ)
මට තිබෙන ගැටලුව තමයි ඔය කියන දෙමළ ජනයාට තිබෙන දේශපාලන ගැටලුව කුමක්ද කියන එක. ඔය ඔවුන් විදින මුහුණදෙන බොහෝ ගැටලුවලට සිංහල ජනයාත් මුහුණ දෙනවා.ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට කියා රටක් කෙසේ හෝ නිර්මාණය කරගැනීම පමණි. (ම)
අතුල, මෙයා කියන දෙය හරි කියලා අද ලංකාවේ පොඩි දරුවෙක් පවා තේරුම් අරගෙන තියෙන්නේ.පර ගති තියෙන නිවටුන් රට පාලනය කරන තාක් කල් උතුරේ සමහරු ප්‍රබාකරන්ගේ සිහිනය දකින්න බලාගෙන ඉන්නවා. ඔක්කොම සිංහල මිනිසුන්ගේ දරුවන් යුද්දෙට යනවා කියලා දෙයක් නේ. යුද්ද කෙරුව රණ විරුවෝ අප සේවොමගේම දරුවෝ (බ)
ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් ඔබට , මට අවශ්‍යද? මේවා තනිකර බලය ආරක්ෂා කරගන්න උපාය මාර්ග. මේවාට කොපමණ මහජන මුදල් වැය කරනවද. මීට වඩා හොද නැද්ද රටේ ප්‍රවාහන කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය වැනි ජනතාවගේ ජීවන තත්වය උසස් වන දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න. (බ)
ප්‍රභාකරන්ට බැරිවූදේ දේශපාලනයෙන් කරනවා එ්ක අපට පැහැදිලිව පෙනෙනවා. එ්ක තේරුම් ගන්න බැරි අය අපි අතර බොහොම ඉන්නවා. මොනවා කොරන්නද අපේම කරුමේ. තමන්ට පුද්ගලිකව කරදරයක් නැතිනම් රට මොකට ගියත් ඒගොල්ලන්ට කාරිනැත .(බ)