ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුවාය.
ගින්නෙන් විනාශයට ලක්වූ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළද මහතුන් හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීමේ උත්සවය අද (28) කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයට එක්වෙමින් විජයකලා මහේෂ්වරන් මහත්මිය මේ අදහස් පලකර සිටියාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මෙසේද කීවාය.
‘ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය සමගින් එකතු වී යහපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම රජයේ අරමුණයි. අප ඡන්ද ගැනීමේ අරමුණින් මේ දේ සිදුකරන්නේ නැහැ. මෙලෙස වන්දි ලබා දීම සදහා මුදල් වෙන් කරගන්න අප හුගක් මහන්සි වුණා.
ඇතැම් ද්‍රෝහීන් අප ද්‍රෝහීන් කරනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙහි සිදුවුණේ මොනාද කියල හැමෝම දන්නවා. උතුරේ අවංකව වැඩ කරන ග්‍රාම නිලදාරීන් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියල සේවයෙන් පහ කර දැමුවා. දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියා සමහර අයට විදුලිය ලබා දීම නතරකර දැමුවා. නමුත් අද මොවුන් විසින්ම ඔවුන් නායකයින් යැයි පෙන්වන්නට උත්සහා කරනවා.
ශ්‍රී ලංකාවේත් ලෝකයේත් පෞර්ෂත්වයකින් හා වීරත්වයෙන් පරිපූර්ණ හොදම නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන්. වඩමාරච්චි කියන්නෙ නම් දැරූ වැදගත් ප්‍රදේශයක්. ඔහු හිටියෙ කොහොමද. අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා බැලුවොත් ප්‍රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ. ඔහු අද ජීවතුන් අතර සිටියා නම් අගමැති වී සිටින්නට ද ඉඩ තිබුණා. නැතිනම් මන්ත්‍රීවරයෙකු වශයෙන් හෝ ඉන්නට තිබුණා. නමුත් අපගේ අවාසනාවට එසේ වූයේ නැහැ.
මෙම උත්සවය සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනය දිසා ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වන්දි පිරිනැමීම සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 74ක් වෙන්කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑටම දහස් ගණනක් මිනීමරපු අළුගෝසු ප්‍රභාකරන් ගැන වර්ණනා කරන අපූරුව! (නි)
ඇය මෙසේ කියන්නට පෙළඹුන නිවට වාතාවරණය සකසා දී ඇත්තේ අපේම පාලකයෝය. ඒ අය සමඟ සංසන්දනය කළවිට ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා බොහෝ දෙනෙකුට වීරයෙක් වෙන්න පුළුවන්. දෙමළ හෝ වේවා සිංහල වේවා, පොදු නිවටකමට බෙහෙත්, වාර්ගීය භේදයකින් තොරව අනාගතයේ නැඟීසිටින සැබෑ හෙළදරුවන් පිරිසක් විසින් සපයාදෙනු ඇත. එතෙක් අප ඉවසා සිටිමු. (නි)
කොන්දක් කෙසේවෙතත් හොඳ මැර කල්ලි නායකයෙක් බව නම් කිවයුතුයි. හැංගිලා ඉඳලා දස දහස් ගණන් අම්මලා, තාත්තලා, බඩදරු අම්මලා, කිරිසප්පයෝ කපල කොටලා, වෙඩිතියලා දාන්න කියලා තමන්ගේ රැහේ අයට කියන්න පුළුවන් ඉතින් මැර කල්ලි නායකයෙකුට මිසක් හිතක් පපුවක් තියෙන ලෝකෙට ඕනෑකරන නායකයෙකුට නොවේ (නි)
ඔව් ඔව් කරුණා, දයා මාස්ටර්, කේපී, පිල්ලෙයාන්, කොටි නැව් දහතුනට වුණ දේ බලනකොට එයත් ඉතින් රජගෙදර හරහා පාර්ලිමේන්තුවට තමයි යන්න තිබුනේ. (නි)
හොඳ හොඳ සෙල්ලම් තියෙයි තව ඉස්සරහට (නි)
අා නියමයි, ඔය කියන්නේ. ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ නිකුත් කරන ඇමති කෙනෙක් තියාගෙන ඉන්නවා කියන්නේ ආණ්ඩුව පැත්තේම කෙනෙක් නිසානේ. ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් මෙම ඇමති වහාම අස්කළ යුතුයි (නි)
ප්‍රභාකරන් නන්දිකඩාල් වලදී ජීවග්‍රහණයෙන් අල්ලාගනු ලැබුවේ නම් ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ඉන්දියාවේත් සිරකරුවෙක්. තත්වය මෙසේ තිබියදී රාජ්‍ය ඇමතිනියක් කර ඇති මේ බරපතළ ප්‍රකාශය ගැන ඇයව නෛතිකමය අභියෝගයකට ලක් කළ යුතුමය. උතුරෙන් සමාව අයදින්න බලාගෙන ඉන්න දකුණේ පාලකයින්ගෙන් මෙවැන්නක් ඉටුවේයැයි සිතිය නොහැකි නිසා එඩිතර පුරවැසියෙකු විසින් මේ කටයුත්ත කරනවා නම් යහපති. (නි)
ත්‍රස්වාදියෙක් අගමැති කමට හොඳයි කියන මේ ඇමතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරිය යුතුයි. මෙයා මොනවා කරනවා ඇත්ද උතුරුකරේ. ප්‍රභා එක්කම ඉන්න යවන්න බැරිද ? (බ)
කොන්දක් තියා ඔලුවවත් තිබිලා නැති ත්‍රස්තවාදියෙක් රටක පාලකයෙක් වුණා නම් ඉතින් වෙන දේ කියන්න ඕනෑ නැහැනේ. සංහිඳියා සීතාම්බර පට්ටයෙන් තම නිරුවත වසාගෙන සිටින පවතින රජයේ සමහරුන්ට රාජ්‍යද්‍රෝහී කතා කියන්න ඉඩ දීලා ඉන්න නායකයින්ට නම් කොන්දක් තියනවද මන්දා. මේ අපේ අහිංසක සිංහල දෙමළ ජනතාවට කරන අපහාසයක්. (නි)
හා හා මැඩම්, බය වෙන්න එපා. එයාට ‘අරෙහේ‘ පාර්ලිමේන්තුව ඔයාලගේ පාර්ලිමේන්තුවට වඩා හොඳ ඇති. (නි)
එල්ටීටීඊය තවමත් තහනම් සංවිධානයක්. ඒකට සහයෝගය දැක්වීමත් වරදක්. පොලිස්පතිතුමනි, නීතිය කෙළින් ක්‍රියාත්මක කරන්න, නවන්නේ නැතුව. (නි)
කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත. අපේ බොහෝ අයට වඩා කොන්දක් තිබුනා. ප්‍රභාකරන් තමන්ගේ ජාතිය ගැන බැලුවා. (නි)
දැන්වත් තේරුම් අරන් අපේ සිංහල ජාතියෙන් සිදුවූ වරද නිවැරදි කරගන්න බලමු (නි)
මේ කාරණය ඇත්ත. ප්‍රභාකරන් දක්ෂ මෙහෙයවන්නෙක්. ඉතාම පොඩියට පටන්ගත් සංවිධානය දශක ගානකට පසු හොඳ ශක්තිමත් පරිපාලන ජාලයක් සහිත තත්වයකට ගෙන්න ඔහුට හැකිවුණා. එම ජනතාවගේ සහයත් තිබුනා. ඒත් ඕනෑම සංවිධානයකට කැරලි ගසමින් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඊටපස්සේ දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න ඕනෑ. ප්‍රභාකරන්ට වැරදුනේ දිගටම අවි බලයට විශ්වාසය තබන්නට යෑම. එසේ නොමැතිව යම් අවස්ථාවකදී දේශපාලනයට පිවිසුනා නම් සෑහෙන ගමනක් එන්නට තිබුනා. (නි)
ඔව් සහතික ඇත්ත. නුඹලාට හිටියේ එකයි. අපිට දුසිම් ගණන් වීරයෝ හිටියා. එ්කයි අපි දිනුවේ (නි)
දැන් අපේ කට්ටිය කණගාටු වෙනවා ඇති. ඒත් අපි දැනගෙන හිටියා මේවා ජනවාරි 8 වෙනිදාට කලින්ම. (නි)
ඔවු, අගේ ඇති මනුස්සයා ඒ තනතුරට! (නි)
වෙනස මේකයි. ත්‍රස්තවාදී මිනීමරුවෙකුට සම්මාන දෙන්නයි රට ජාතිය බේරාගත් නායකයෙක් හොරෙක් කියලා හංවඩු ගහන්නයි ඉඩදෙන්න තරම් අපේ පාලකයන්ගෙ තියන යහපත් හා නිර්භීතකම (නි)
එයාගේ අවාසනාව, රටේ වාසනාව...! (නි)
කොන්දක් තිබුනා නම් දෙවන පෙළ නායකයෝ මරා දමනවද? තමන්ට තර්ජනයක් වෙන සාමාජිකයෝ මරන්නේ කොන්දක් නැති අය. ඉන්දියාව බලපෑම් නොකළා නම් 1987 දීම මැරෙනවා. එයට පසුව පන බේරාගත්තේ කොන්ද තිබිලා නෙමෙයි. අපේ හිටපු නායකයන්ට කොන්ද නොතිබුණු නිසා (නි)
මෝඩයෝ එකතුකරගන්න හරි ලේසියි. අනෙක විදෙස්වල ඉන්න අහිංසක ජනතාවගෙන් මාසිකව මුදල් මංකොල්ල කාලා, තම කල්ලිය වර්ධනය කරලා තමයි ඔය සංවිධානය වර්ධනය කළේ. විදේශගතව ඉන්න ඒ ද්‍රවිඩ ජනතාවට ආයේ තව රටක් උවමනා නැහැ. ඒ ඒ තැන්වල සතුටින් හිටියත් ඒකටත් ඉඩ දුන්නේ නැත්තේ ඔය වීරයාගේ හෙන්චයියෝ තමයි. එහෙවු නායකයෙක් තමයි මේ කොන්දක් තියනවා කියන්නේ.
මිනීමරු ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කරන්න තිබුනේ තමන් වටා කිසිම ආරක්ෂකයෙකු නැතුව, ඔහු නිසා තම දරුවන් සහ දේපල අහිමිවූ අනාථයින් සිටින කඳවුරක ඉඳගෙනයි. එහෙනම් විජයකලාට ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා බලාගන්න තිබුන. (නි)
ප්‍රභාකරන් ජනපතිවෙලා ෆොන්සේකා අගමැති වුණා නම්...? අනේ මන්දා. මට නිකන් පිස්සු වගේ (නි)
කෝ මේකේ යහපාලනෙට කඩේ යන අයගේ කොමෙන්ට් ....මහින්ද මහත්තයාගේ මොකක් හරි දැම්මොත් ...... පිටු ගණන් බන්නිනේ ...(බ)
මේ වගේ නායකයෝ ඉන්නකම් මේවගේ උන් උඩයනවා. හොරු හොයන්න ඇවිල්ලා දැන් මුන් හොරු වෙලා ලැජ්ජයි (බ)
හොදම උත්තරය දීල තියෙන්නේ සෙනරත් ..(බ)
ප්‍රබකොරන්ට මැතිතුමා, මිස්ටර් ප්‍රබාකරන් කියන්නට තරම් නිවට සිංහලයින් ඉන්න රටේ විජයකලා මහේෂ්වරන් එහෙම කියන එකේ පුදුමයක් නැත (බ)
මම ලංකාදීප පත්‍ර කලාවේදීන් ඇතුළු සියළුම මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලීමක් කරනවා මාධ්‍ය සාකච්ඡාවකදී දැනට ආණ්ඩුවේ වගකීමක් දරණ ඉහල පුද්ගලයෙකුගෙන් හෝ කිහිප දෙනෙකුගෙන් මේ ගැන ගැඹුරින් ප්‍රශ්ණ කර ඔවුන්ගේ මේ පිළිබඳ මතය හොඳින් සමාජයට හෙළි දරව් කරගන්නා ලෙස. (බ)
ළමා හා වනිතා කටයුතු භාර ඇමතිනියක්, දරුවන් ළමා සොල්දාදුවන් ලෙස යොදාගත් හා කාන්තාවන් බෝම්බ කාරිනියන් ලෙස යොදාගත් නායකයෙක්ව අගය කිරීම ඉතාම කණගාටුදායක කාරණාවක්. (බ)
ලක්ෂ 62 ඔබට සතුටුයිද දැන් ? ප්‍රබාකරන් කියන මිනීමරු ද්‍රෝහියා ඔවුන්ට අදටත් වීරයෙක්..ඒ මිනීමරුවාගෙන් රටක් ජාතියක් බේරාගත් නායකයින් අද අපේම මිනිස්සුන්ට ද්‍රෝහීන් වෙලා..සිංහලයාගේ ගුණමකුකම (බ)
කේ.ලැන්රොල් ඔව් ඇත්ත නේන්නම් දිවත් හොඳටම එලියට ඇවිල්ල වතුරට බයයි බයයි වගේ නේද මම හිතුව ඔහොම වෙයි කියල ඔය විදිහට හිතන කොට. (බ)
එයාගේ අවාසනාව, රටේ වාසනාව...! (බ)
ලක්ෂ 62 ඔබට සතුටුයිද දැන් ? ප්‍රබාකරන් කියන මිනීමරු ද්‍රෝහියා ඔවුන්ට අදටත් වීරයෙක්..ඒ මිනීමරුවාගෙන් රටක් ජාතියක් බේරාගත් නායකයින් අද අපේම මිනිස්සුන්ට ද්‍රෝහීන් වෙලා..සිංහලයාගේ ගුණමකුකම (බ)
එක දෙයයි අහන්නේ සිරිසේන සර්ට දැන් හරිද කියල....සංහිඳියාව (බ)
එතකොට මෙච්චරකල් අපේ රට පාලනය කරපු සහ කුරිරු යුද්ධය ඉවර කරපු නායකයින්ට කොන්දක් නැහැ කියලද කියන්නේ. අපේ රට නිසාම හොඳයි. අරාබිය වගේ රටක ඔහොම කිව්වා නම් මෙලහකටත් වියයුතු දේ වෙලා (නි)
හිටපු ජනාධිපති හෝ ඔහුගේ පවුලේ අය කෙරුවයි කියන්නේ, රජයේ මුදල් හොරකම් කළා කියලනේ. ඔහු කළ වරද එපමණි. නමුත්, මේ යහපාලකයෝ හොරකමුත් කරනවා- සිංහල ජාතියත් නසනවා. මහින්ද මහත්තය මොනවා කළත් රට ආරක්ෂා කළා (බ)
කවුරුත් කලබල වියයුතු නැහැ. එයා කියලා තියෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කෙනෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද කියලා විතරයි. (නි)
ලැජ්ජයි අපිට නම් මේවා ඇහෙද්දී (නි)
පිටිගල, ඇත්ත තමයි ඔබේ කතාව. (නි)
ශීත කාමරවල ඉඳගෙන අණදීපු උදවිය රටේ වීරයෝ වෙනකොට හැබැහින්ම තමන්ගේ ජාතියේ නිදහස උදෙසා යුද්ධ කරපු ප්‍රභාකරන්ලා ඒ අයට වීරයෝ තමයි. හැමදාමත් අපේ දේශපාලුවෝ කළේ, සුළු ජාතිකයින් තලා පෙලා, තමන් ඉපදී අවුරුදු සිය දහස් ගණන් ජීවත්වූ තම මාතෘ භූමියේදීම තමන්ගේ මුලික අයිතීන් හෝ නොදීමයි. ඒ නිසාමයි කාලයක් තිස්සේ ඔවුන්ගේ හිත්වල කැකෑරෙමින් තිබු නිදහසේ සිහිනය යුද්ධයක් කරන්න තරම් වර්ධනය වුණේ. මේ ඇමතිතුමියගේ නිර්භය අදහස් වලට මාගේ ප්‍රණාමය! (නි)
වීරයෙක් හින්ද වෙන්න ඇති, හමුදාවට සල්ලි රත්තරන් පෙන්නලා පැනල යන්න අවසර ඉල්ලුවේ. කොන්දක් තියෙනවනන් පාලකයින්ට මේ කියමනම ඇති මේ ගෑණිව ඇතුලට දාන්න. (බ)
සිංහල බෞද්ධයාට හිටපු එකම ජාතික නායකයා පරාද කළාට පස්සේ ,මුන්ට මෙහෙම කතාකරන්න අද ශක්තිය තියෙනවා.නිවට පාලකයෝ ඉදිරියේ මේ එවුන් අද මෙහෙම කතාකරන එක පුදුමයක් නොවේ (බ)
මට දැන් හිතෙනවා ප්‍රභාකරන් මෙයාව හොරෙන් තියාගෙන ඉන්න ඇති කියලා (බ)
රටේ නායකයෝ කෙසේවෙතත් අපි මහින්දගෙන් අහමු මේ ගැන මොකක්ද එතුමාගේ අදහස කියලා (බ)
2015 ජනවාරි හිටපු පුංචි පැලය ලොකු වෙලා. දැන් ලොකු ගහක් වෙන්න පටන්ගෙන, වෙනසක් බලාපොරොත්තුවූ අපේ මෝඩයෝ වවුලෝ වගේ ඒ ගැහෙ එල්ලිලා යනවා. දැන් වත් අපි කියන දේ හිතට ගනිල්ලා යාලුවනේ (බ)
පිස්සු පූසි. (බ)
යහපාලනය යටතේ කිසිම හොරෙකුට,කම්බා හොරෙකුට,මෙගා හොරෙකුට දඩුවම් ලැබෙන්නේ නැහැ කියන එක ඉර හද වගේ විශ්වාසයි. ඔන්න ඉතින් පිලිපීනයේ අලුතින් පත් වුන ජනාධිපති වගේ කොන්ද කෙලින් තියන් නිර්භීත තීන්දු තීරණ ගන්න පුළුවන් නායකයෙක් අපිටත් ලැබුණානම් අපිට ඒ ගැන විශ්වාසය තියන්න තිබුන.මම හිතන්නේ අපි ලබා උපන් හැටි වෙන්න ඇති. (බ)
මම ලංකාදීප පත්‍ර කලාවේදීන් ඇතුළු සියළුම මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලීමක් කරනවා ,මේ පාටක අපි ලියන අදහස්ටික ඔය රට පලනයකරන, ජනපතිතුමා,අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය දර්ශනය වෙන්න ක්‍රමවේදයක් සකසන්න කියලා. එවිට රටේ ජනතාවගේ අදහස් එසැනින් ඔවුනට දැනගත හැකිවේවි (බ)
ප්‍රභාකරන් වැනි අය වුණත් වැරදි පිළිඅරගෙන ජීවිත හදාගෙන ආචාර ධර්ම වලට යටත්ව පාර්ලිමේන්තුවට එන එකේ වරදක් නැහැ. කරුණා අම්මාන් අාවා වගේ. නමුත් එවැනි අයගේ පසුගිය ජීවිත ක්‍රියාකලාපය විජයකලා මහේෂ්වරන් වැන්නවුන් ඇගයීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ මුල් සැළසුම් තාමත් ඔවුන් තුළ ඇති බවයි. (නි)
මෙයාලා ගමන් බිමන් යන්නේ එයාෆෝස් හෙලිකොප්ටරයෙන්ද. මේවා මහජන මුදල් නේද. දෙන්න එපා මිටපස්සේ. (නි)
ප්‍රභාකරන් අපිට ද්‍රෝහියෙක් වුණාට දෙමළ ජාතියට වීරයෙක්. එ්ක මහින්ද හිටියත් රනිල් මෛත්‍රී හිටියත් එහෙම තමයි. මේ කාන්තාව ගැන අපිට පැහැදීමක් නැහැ. මේකට යහපාලනයට බනින අයත් ඉන්නවනේ. (නි)
තමිල්නාඩුවේද? (නි)
දැන් ඉන්න ඇමති මණ්ඩලයේ කෙසේවෙතත් ප්‍රභාකරන් යටත්වුණා නම් ඔහුට පහුගිය රජයේ ඇමති මණ්ඩලයේ ලෝකු තනතුරක් ගන්න තිබුනා. අන්තිම මොහොතේ ජීවිතය බේරගන්න අවස්ථාව තිබියදී මරණය දක්වා සටන් කරපු නිසා ඔහුට කොන්දක් තිබුනා කියලා මම පිළිගන්නවා. නැතුව ඔහුගේ තිරිසන් මිනීමැරුම් අනුමත කරන්න නොවේ. (නි)
නැවත ප්‍රභාකරන් කෙනෙක් බිහිකිරීමට ජනතාව පෙළඹවීමක්. දරුණු වරදක්. (නි)
අයියෝ! මොනවද මේ කතා? (නි)
හොඳට කියවලා බලන්න මෙයා කියන එක. දෙමළ සන්ධානය ආණ්ඩුව එක්ක එකතු වී ඇති බවක් කියන්නේ නැහැ. එතකොට කවුද ආණ්ඩුව දැන් කරන්නේ කියලා හොඳට පේනවා. මේවා අහන්න අපිත් ජීවත්වෙලා හිටියනේ. (නි)
කියලා වැඩක් නැහැ. පිස්සුද මන්දා. මහින්ද නැවත බලයට ගෙන ආ යුතුයි (නි)
හරිනම් ත්‍රස්තවාදීන් සමරන අය අත්අඩංගුවට අරන් පරීක්ෂණ කළ යුතුය , කොහෙද ඉතින් අපේ පොලිස් ලොක්ක ගේ කටේ තිබෙන්නේම නෑ සර් , ඇරෙස්ට් කරන්නේ නෑ සර් , ප්‍රොමිස් යු සර්නේ " (බ)
එක්සත් ජාතික පක්ෂය මෙතරම් ප්‍රපාතයට වැටෙන්න මෙයා වගේ අය පක්ෂයේ තියන් ඉන්න නිසා. කාලයක් දොස්තර ජයලත් ජයවර්ධන මේ කාර්ය බාරය කළා. පක්ෂයෙන්ම අතුගායුතුමයි. මෙයාගේ මහත්තය මහේස්වරන් කාලයක් කොටින්ට බයවෙලා කොළඹ දිස්ත්‍රික්කයේ තරග කළා. ඒවා මෙයාට අමතක වෙලා. (බ)
ප්‍රභාකරන්ට අපේ අය මිස්ටර් කියපු එකේ මේක එච්චර දෙයක්ද? අනික දැන් නායකයන්ගේ කශේරුකාව ගැන මෙයාලත් හොඳට දන්නවා (නි)
මොකක් ද මේ කියන්නේ? එතකොට කවුද දෙමළ සන්ධානය එක්ක එකතුවෙලා තියෙන්නේ? (නි)
දැන් අපායේ (බ)
ඉතින් එයාට ත්‍රස්තවාදය නොකර ඡන්දෙ ඉල්ලන්න තිබුනනේ නෝනේ. (නි)
වහාම විනය ක්‍රියාමාර්ග ගතයුතුයි. වගකිවයුතු රජයේ අැමතිවරියක් ලොවම අප්‍රිය කළ ත්‍රස්තවාදී නායකයෙක්ව මේ විදිහට හඳුන්වාදීම ඉතාම විනයවිරෝධියි. මේක වර්තමාන අගමැතිතුමාටත් කළ අපහාසයක්. (නි)
ඇඩොල්ප් හිට්ලර්ගේ කිසිම සිහිවටනයක්වත් තබා ගැනීමට යුරෝපයේ රටවල් කැමැති නැහැ. නමුත් අපේ රටේ දැන් ප්‍රභාකරන් මහතා වෙලා. ලංකාවේ හිටපු නායිකාවක් එසේ ආමන්ත්‍රණය කරනවා මට මතකයි. ලංකාවට නම් දැන් දෙවියන්ගේම පිහිටයි. (නි)
ලෝකෙටම කොඩිවිනයක් වෙලා හිටපු ත්‍රස්ත නායකයා අගමැති විය යුතුයි කියන මතයේම ඉන්න මේ ටෝනි ඉතුරුවෙලා ඉන්න ත්‍රස්තයෙක්ද කොහෙද (නි)
මෙන්න වෙනස. සාලාවේ ගින්නෙන් අනාත වූ සිංහලයෝ තවම කූඩාරම් වල. කෝ වන්දි? (නි)
ලංකාවට එරෙහිවූ ත්‍රස්තවාදියෙකු වර්ණනා කිරීමට තරම් නිහීන රජයේ ඇමතිවරු ඉන්න මේ වගේ කොන්දක් නැති පාලක පක්ෂය මේ ගැන මොනවා කියන්නද? මෙයාලට එළියට බහින්න බැරිව හිටිය කාලය දැන් මතක නැහැ (නි)
උතුරේ ආණ්ඩුකාරයා ලැජ්ජා නැතුව මේ කතා අසා මෙතැන සිටියේ කෙසේද? බලපෙරේතකම, තනතුරු පෙරේතකම සේරටම වඩා ලොකුනේ (නි)
ඇය මන්ත්‍රී දිවුරුම අමතකකර රාජද්‍රෝහී ප්‍රකාශයක් කර තිබෙනවා. කථානායකත් අගමැතිත් වෙන වෙනම පරීක්ෂණ පැවැත්විය යුතු කාරණයක්. එහෙම නැත්නම් එජාපය රට බෙදීමට පක්ෂපාතියි කියලා අපිට නිගමනය කරන්න වෙනවා. දෙකෙන් එකක් තෝරාගන්න, ජනතාව මුලානොකරන්න කියලා එජාපයේ නායකයන්ට අපි අවධාරණය කරනවා. ජනාධිපතිත් ආරක්ෂක ඇමති විදියට වෙනම පරීක්ෂණයක් පවත්වා ප්‍රතිඵල රටට හෙළිකළ යුතුයි. (නි)
මේ වගේ කට්ටිය රජයේ කොටස්කරුවන් වෙලා ඉන්න එක ගොඩක් අනතුරුදායකයි. මේගොල්ලෝ කරන්නේ නැවත පාරක් දෙමළ මිනිසුන්ට විෂබීජ පතුරුවන එක. (නි)
අනේ අම්මපා මොකටද මගේ කට! (නි)
අනේ මොකටද මගේ කට! (නි)
ඔබ කියන පරිදි ඔහුට හොඳ පෞරුෂයක් තිබුන බව අපට වඩා උතුරේ ජීවත්වෙන ඔබලා දන්නවා ඇති. (නි)
ඔබේ මහත්තය නැතිවුණාට පස්සේ ඔබට වේදනාව ඇතිවීම සාධාරන බව මගේ හැඟීමයි (නි)
දැන් ඉන්න නායකයෝ කොහොම වුණත්, ඒ කාලේ හිටියේ කොන්ද තිබුන අය. ඔය කියන කතාව මම ඉන්න තැන කිවුවා නම් කරන දේ මටවත් තේරෙන්නෙ නැහැ (නි)
භයානක මිනිමරුවකුට දණ නමස්කාර කරන්නන් යහපත් අය නොවේ. මන්ත්‍රී ධුරයට මේ වැනි අය කිසිසේත්ම නුසුදුසුයි. ලංකාව දැන් උඩු යටිකුරු වී ඇති බව මෙවැනි කියුම් වලින් මනාව දිස්වෙයි. (නි)
මෙයාගේ කටට මොනවා කළත් හිතට මදි මිනීමරුවෙක්ව වීරයෙක් කරනවට... (නි)
විජයකලා මහේෂ්වරන් කියන කතාවෙත් ඇත්තක් තිබෙනවා 2005 වෙනතුරු ප්‍රභාකරන් විරුද්ධව යුද්ද කරන්න පුළුවන් එකම නායකයෙක් සිටියේ නැත. එම නායකයින්ම තව දුරටත් රට පාලනය කළා නම් ප්‍රභාකරන් අද පාර්ලිමේන්තුවේ. සිංහල හමුදාවට අසුනොවී සයනයිඩ් කන්න කියා අනික් අයගේ කරේ සයනයිඩ් බැඳ ප්‍රභාකරන් සයනයිඩ් නොකා සිටියේ මැරෙන්න තිබුන බය නිසා ඒ හේතුවෙන් මෙයා වීරයෙක් නොවෙයි. හිට්ලර් සිය දිවි හානිකර ගත්ත එයාව මරන්න කාටවත් ඉඩ තිබ්බේ නැත. කරුණ අම්මාන් කියන විදිහට මෙයා බය ගුල්ලෙක්. (බ)
මෙවැනි අමන කතා කියන ගෑණු ඇමති පදවි වල තියා ගන්න ඈයින්ට තමයි මඩු වල්ගෙන් තලන්න ඕන (බ)
මේ ගෑනිත් ත්‍රස්තවාදිනියක් (බ)
මේවට මොකුත් කියන්න එපා. මේක සැබෑ වෙනස (නි)
දැන් ඉන්නේ මොනවගේ අයද කියලා අමුතුවෙන් කියන්න ඕනෑද? (නි)
ඔය වගේ කතා කියද්දී අහන් ඉන්න අපේ රටේ තකතීරු නායකයන්ට වඩා ප්‍රබාකරන් කියන ත්‍රස්තවාදියාට කොන්ද පණ තියෙනවා කොහොමත්.....(බ)
මොනවද මේ කියන කතා? අපිට නම් ලැජ්ජයි (නි)
ශ්‍රී ලංකාවට එරෙහිවූ ත්‍රස්තවාදියෙකු රජයේ ඇමැතිවරියක මෙසේ වර්ණනා කිරීම කෙතරම් සදාචාරාත්මකද? (නි)
නුඹ වැනි අයට ඔහු ලොක්කෙක් වුණාට, ඔහුට සුදුසු දඬුවම ලැබුනා. (නි)
අප්‍රමාණ සන්තෝෂයි! (නි)
නියමයිනේ! ඔබට සතුටුයිද දැන්? (නි)
කරුණ අම්මාන් ඇමති කෙනෙක් වුණේ කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණේ කොහොමද? ප්‍රජතන්ත්‍රවාදය පිළිගන්න ඕනෑම කෙනෙකුට දේශපාලන ප්‍රවාහයට එන්න පුළුවන් කියලා රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා (නි)
විජයකලා මහත්මියනි, ඔයාගේ වීරයා මෙතෙක් කල් ජීවත්වුණා නම් තවත් අහිංසක ජීවිත දහස් ගණනක් වළපල්ලට ගිහින්. (නි)
රටේ වාසනාවට එහෙම වුණේ නැහැ. (නි)
මේ කියන්නේ යහපාලන රජයේ ස්ථාවරයද? දැන් යහපාලනයට ප්‍රභාකරන් වීරයෙක්ද? මෙම ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැද්ද? (නි)
එහෙ පාර්ලිමේන්තුවේ හොඳ තනතුරක් දැනටම ලැබිලා ඇති. (නි)
මෙයාලා කවදත් කාටද සපෝට් කියලා පේනවනේ. ලැජ්ජා නැති හැටි? (නි)
එහෙම එයා කතාකරන්නේ අද ප්‍රභාකරන් නැති නිසා. කොහොමත් ආණ්ඩුවට කරන්න හදන සෙල්ලම් කරන්න මහජනතාව ඉඩදෙන්නෙ නැහැ (නි)
ඉතින් කවුද එයාට පාර්ලිමේන්තුවට යන්න තහනම් කළේ? සාහසික ත්‍රස්තවාදියෙකුට, අබ ඇටයක් තරම්වත් මොළයක් තිබෙන ඡන්දදායකයෙක් කතිරයක් ගැසීමට උනන්දු වෙයිද කියා වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති හැටියට ඇයට තේරුම් ගැනීමට බැරිවීම රටේම අවාසනාවක් (නි)
දෑන් මේ චන්ඩි නංගිලා මිනීමරු මස් වෑද්ද ඉන්න කාලේ මීයො වගේ සද්ද නෑතිව හිට්යේ. අරක කරහන් මේක කරහන් කියද්දි මීයො වගෙ ඒව කලේ. විරුද්දව කට හෙල්ලුවනම් මේ නංගිගේ බොඩියක්වත් හොයන්න හම්බෙන්නේ නෑ. සිංහල හමුදාවට පින් සිද්ද වෙන්න උන්ව විනාශ කළාම දැන් එනව ගුණ ගායනා කරන්න. ඉන්දියාවේ මෙහෙම දෙයක් කිව්වනම් ගුටි තමයි. අපේ සිංහල මිනිස්සු හොද වෑඩී එකයි මුන් සද්ද දාන්නේ (බ)
කන්න ඕනෑවුණාම කබරගොයාත් තලගොයා කරගන්නා දේශපාලන පිටියේ ඔය කාරණාව සිදුනොවන්න බැරිකමක් නැහැ. හැබැයි ඔය බලලෝභී පුරුෂයා මියපරලොව ගියේ ඔබ කියන ආකාරයේ වීර පුරුෂයෙක් ආකාරයට නෙමෙ. සැබෑ වීරයෝ කියන්නේ ඔයවැන්නන්ට නෙමෙයි. (නි)
"අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්, කරන්නේ තවත් එකක්. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක් නැති පිරිස් අද රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා....." යැයි මහානායක හිමිනමකගේ ප්‍රකාශය හා ඇමතිනිගේ ප්‍රකාශය ගත්තහම රටේ වෙන්නේ මොනවාද කියා හිතාගත හැක (නි)
ඇමතිකම් දරමින් මෙහෙම කතා කරනකොට අපේ ලොක්කන්ගේ රෙදි ගැළවෙන්නේ නැද්ද? (නි)
මොකුත් වෙන්නේ නැහැ, අපේ අය දණ්ඩ නමස්කාරයෙන් පිළිගනීවි (නි)
මේවා කියනකොට අපේ අය අත්පොළසන් දෙනවා. (නි)
මෙවැනි අයත් මහජන බදු මුදල් වලින් යැපෙන එක ගැන රටක් විදියට අපි දුක්විය යුතුයි. (නි)
මේ ඇමතිවරියට ඔය ටික කියන්න අවස්ථාවක් ලැබුනේ අනිවාර්යෙන්ම ඔහු නොසිටි නිසා තමයි. මෙතන කියන්න දෙකක් තියනවා. ඔහු හිටියා නම් අද අපි නැතුව ඉන්න තිබුනා. ඔහු නැති නිසා අද ලක් ජනතාව බිය සැක නැතුව ගමන් බිමන් යනවා වගේම සැනසිල්ලේ නිදාගන්නවා. හිටියා නම් අද පාර්ලිමේන්තුවක් දකින්න වෙන එකක් නැහැ. උතුරේ ජනතාවගේ පපුවට තට්ටු කරලා බැලුවා නම් නියම ඇත්ත දැනගන්න තිබුනා (නි)
කව්රු කොහොම කීවත් තනි චරිතයක් හැටියට ගත්තම වේළුපිල්ලේ ප්‍රභාකරන් මටනම් වීරයෙක්. වැඩේ තිනියම පටන් ගෙන ලෝකයම තමන් පැත්තට හරවාගෙන ලොකු යුද්දයක් කළා. අපේ නායකයින්ව ලස්සනට රැවට්ටුව, නැතිනම් සල්ලි, සිමෙන්ති සමග ආයුද දේවිද. වේළුපිල්ලේ ප්‍රභාකරන්ට වීරයෙක් වෙන්නට මග පැදුවේ 2005ත කලින් සිටිය අපේ නායකයොයි (බ)
ඒ කතාව නම් හරි. දැනට රට පාලනය කරන නායකයින් දිහා බැලුවහම ‘‘කොන්දක් ඇති එකම නායකයා‘‘ ප්‍රභාකරන්. නමුත් වේළුපිල්ලේ ප්‍රභාකරන්ට රට දෙමු කී නිවටයින් අතරේ චැලේන්ජ් එක දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂ. (නි)
කටේ මසුරන් දාන්න එපැයි ඒ කිවුව කතාවට (නි)
වේළුපිල්ලේ ප්‍රභාකරන්ට කොන්දක් දුන්නේ අපේ සමහර නිවට සිංහල නායකයින්. ඒගොල්ලෝ දැනුත් අපේ කොඳු ඇට ගළවනවා. (නි)