ප්‍රභාකරන්, පොට්ටුඅම්මාන් වැනි අය මිය ගියා කියා ඔවුන්ට අරමුදල්, අවි සැපයූ අයට, වාහන, උපදේශන සැපයූ අයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අයට වැරදිවලින් ගැලවීමක් නෑ යැයි මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (24) බත්තරමුල්ල ජාතික හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
යුද අපරාධ පිළිබඳ නීතිය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රියාත්මක වූ බවත් මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තරයට දුන් පොරොන්දු අනුව ශ්‍රී ලංකාව එල්.එල්.ආර්.සී වාර්තාව වැනි වාර්තා ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම හෙළ උරුමයෙ කතාවක් මෙතුමට අමතක වෙලා පක්ෂය මාරුකළ බව. කටට බොරු කීමට වුවමනා වුණත් දිව ඇත්තම කියලා (අ)
මේ නම නොකියා කියන්නේ කවුරු ගැනද කියලා අපි දන්නවා. එතුමා සල්ලි දුන්නා කියමු. ප්‍රතිඵලය ලෙස මිනීමරු ත්‍රස්තවාදයට මොකක්ද වුණේ? (නි)
දැන් හුඟක් පරක්කු වැඩියි (නි)
නැවත හෙළ උරුමයට ගිහිල්ලද (ම)
හොද කතාවක්.ඒත් කියන විදියටම වෙනවා නම් ගොඩක් හොදයි.(හේ)
ඕවා ගැන හොයලා බලන්න විෂයට අදාළ අය ඉන්නවානේ... (නි)
මහින්ද මහතාට විරුද්ධව දැන් කතාකරන අය ඒ කාලේ නම් කිසිම සද්දයක් නැහැ. අර යුද්ධය දිනන්න බැහැ කියලා කියපු අය එහෙම... (නි)
මේවා ප්‍රතිපත්තියක් නැති අයගේ කතා (ම)
අනෙක් කොටින්ට උදව්කළ අයටත් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන දඬුවම් කරන්න. (නි)
හෙළ උරුමය අපිටම කරුමයක් වෙලා (ම)
බොහොම හොඳයි (නි)
නියමයි. ජයවේවා! (නි)
මේ කතා දැන්නම් අපිට ඇතිවෙලා. (නි)
බොහොම හොඳයි. අගය කළයුතු වැඩක් (නි)
ඒක නම් හොඳයි (නි)
ආයෙමත් බෙදුම්වාදයට උඩගෙඩි දෙන කාට වුණත් අපි කැමති නැහැ (නි)
ප්‍රවේශමෙන් හොඳේ! (නි)
අංශක 360 ක් ම ආපසු හැරිලා සමහරු කොහෙද මේ යන්නේ?? (නි)
ගරු ඇමතිතුමනි, ඉතාමත් වැදගත් කතාවක්. අනිවාර්යෙන්ම තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි. හොඳ වැඩක් ඇමතිතුමනි (නි)
2020 දී ජනාධිපති අපේක්ෂක වෙන්න හිටපු අපේ ඉංජිනේරු ඇමතිතුමා කොළඹ බුද්ධිමත් ජනතාව බොහොම පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කළා , අවුරුදු ගානක් ප්‍රබල කැබිනට් ඇමති කම් දැරු , බලයේ හිටපු පක්ෂෙන් ඇමති කෙනෙකු වශයන් ඉඩ කොළඹට තරගා කළා , පක්ස්තෙත් දිනුවා , නමුත් මෙතුමා ගිය පාර ගත්තා වගේ භාගයයි ගත්තේ , නමුත් මෙතුමා ට වඩා වයසින් අඩු දේශපාලන අත්දැකීම වලින් අඩු උදය ගම්මන්පිල මහතා පළමු වතාවෙන්ම මෙතුවා වගේ දෙගුණයක් කොළඹින් ගත්තා පතාක යෝදයන් සගම තරග කර . ඉතින් හිතා ගන්න පුළුවන් නේ බුද්ධිමත් පාටකයන්ට මෙතුමා ගැන දැන් මිනිසුන් ගේ තියෙන පිළිගැනීම .අපරාදේ හොද දේශපාලන අනාගතයක් නැති කර ගන්නේ ප්‍රතිපත්ති පාවා දීම නිසා (බ)
කේ.පි. ට විරුද්ධව සාක්කි නැහැ කීවේ එසේ දඩුවම් ලබා දෙන නිසාද? (බ)
මෙතුමාගේ ඇතුලේ ඉන්න යකා දැක්කේ පහුගිය කාලේ. වෛරයේ උපත, මෙතුමාට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තියනවා හිටපු ජනාදිපති තුමාව නැති කරන්න. (අ)
ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණාගාරය විරුධාවත් කටයුතු කරන්න (අ)
අපිටනම් පෙන්නේ එකේ අනිත් පැත්ත..ප්‍රභාකරන්ගේ ජීවිතය ගත් එවුන්ගේනුයි එලව එලව පළිගන්නේ..ඔබ ගැන දැන් අපි දන්නවා මහත්තයෝ..යු අන් පි එකෙන්ම ගොඩ එන්න බලන්න.ආයේ ඔහෙට මේ රටට අාදරේ මිනිස්සුන්ගේ ඡන්ද නැහැ.. (බ)
මිල මුදල් , අවි ආයුද , ගඩොල් සිමෙන්ති වගේ දේවල් දුන්න උදවිය ගේ විස්තර තියෙනවා එවෙකට ඉන්දියන් සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරී වී පී සින්ග් මහතා ලියපු පොතේ . පහසුවන් අදාළ සාක්ෂි ගන්න පුළුවන් , මට මතකයි මීට මාස 3 4 කට කලින් ලංකාවේ පුවත් පත් වලත් ඒ ගැන තිබුනා , රුපවාහින් ප්‍රවෘත්ති වලත් ගියා . ඒ වගේම කොටි ත්‍රස්තවාදීන් ට ගුවන් යානා හා අධි තාක්ෂණික සන්නිවේදන පහසුකම් සැපයු උදවියටත් දඩුවම් දෙන්න . මේ සම්බන්ධව සාක්ෂි ඔබතුමා 2014 ඔකොත්ම්බර් මාසෙට කලින් කළ වොයිස් කට්ස් හා පුවත් පත් සම්මුඛ සාකච්ඡා , මැතිවරණ ප්‍රකාශන රැලිවල කරපු කතා වලින් ගන්න පුළුවන් . හොද වැඩක් ඉංජිනේරු ඇමතිතුමනි (බ)