ප්‍රභාකරන්, පොට්ටුඅම්මාන් වැනි අය මිය ගියා කියා ඔවුන්ට අරමුදල්, අවි සැපයූ අයට, වාහන, උපදේශන සැපයූ අයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අයට වැරදිවලින් ගැලවීමක් නෑ යැයි මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (24) බත්තරමුල්ල ජාතික හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
යුද අපරාධ පිළිබඳ නීතිය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රියාත්මක වූ බවත් මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තරයට දුන් පොරොන්දු අනුව ශ්‍රී ලංකාව එල්.එල්.ආර්.සී වාර්තාව වැනි වාර්තා ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ප්‍රභාකරන් මැරුණත් උදව් කළ අයට ගැලවීමක් නෑ‘
ජ.නුවන් Friday, 25 September 2015 06:01 AM
නියම හෙළ උරුමයෙ කතාවක් මෙතුමට අමතක වෙලා පක්ෂය මාරුකළ බව. කටට බොරු කීමට වුවමනා වුණත් දිව ඇත්තම කියලා (අ)
මහානාම - කඳාන Thursday, 24 September 2015 05:14 PM
මේ නම නොකියා කියන්නේ කවුරු ගැනද කියලා අපි දන්නවා. එතුමා සල්ලි දුන්නා කියමු. ප්‍රතිඵලය ලෙස මිනීමරු ත්‍රස්තවාදයට මොකක්ද වුණේ? (නි)
සාලිය Thursday, 24 September 2015 08:44 PM
දැන් හුඟක් පරක්කු වැඩියි (නි)
වසන්ජය Thursday, 24 September 2015 09:58 AM
නැවත හෙළ උරුමයට ගිහිල්ලද (ම)
ලලිත් Sunday, 27 September 2015 09:30 AM
හොද කතාවක්.ඒත් කියන විදියටම වෙනවා නම් ගොඩක් හොදයි.(හේ)
සුදත් ශ්‍රී Thursday, 24 September 2015 10:42 PM
ඕවා ගැන හොයලා බලන්න විෂයට අදාළ අය ඉන්නවානේ... (නි)
බමුණු ආරච්චි Thursday, 24 September 2015 11:18 PM
මහින්ද මහතාට විරුද්ධව දැන් කතාකරන අය ඒ කාලේ නම් කිසිම සද්දයක් නැහැ. අර යුද්ධය දිනන්න බැහැ කියලා කියපු අය එහෙම... (නි)
විජිත Thursday, 24 September 2015 10:34 AM
මේවා ප්‍රතිපත්තියක් නැති අයගේ කතා (ම)
රාධා Friday, 25 September 2015 12:13 AM
අනෙක් කොටින්ට උදව්කළ අයටත් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන දඬුවම් කරන්න. (නි)
සිසිර Thursday, 24 September 2015 11:02 AM
හෙළ උරුමය අපිටම කරුමයක් වෙලා (ම)
වසන්ත Friday, 25 September 2015 01:36 AM
බොහොම හොඳයි (නි)
කපිල Thursday, 24 September 2015 11:26 AM
නියමයි. ජයවේවා! (නි)
චන්ද්‍රා Friday, 25 September 2015 02:28 AM
මේ කතා දැන්නම් අපිට ඇතිවෙලා. (නි)
වීරකෝන් Friday, 25 September 2015 03:04 AM
බොහොම හොඳයි. අගය කළයුතු වැඩක් (නි)
විජිත Friday, 25 September 2015 03:04 AM
ඒක නම් හොඳයි (නි)
ප්‍රසන්න Thursday, 24 September 2015 01:20 PM
ආයෙමත් බෙදුම්වාදයට උඩගෙඩි දෙන කාට වුණත් අපි කැමති නැහැ (නි)
කුමාර් Thursday, 24 September 2015 01:23 PM
ප්‍රවේශමෙන් හොඳේ! (නි)
සිරි Thursday, 24 September 2015 01:36 PM
අංශක 360 ක් ම ආපසු හැරිලා සමහරු කොහෙද මේ යන්නේ?? (නි)
මහානාම - කඳාන Thursday, 24 September 2015 02:03 PM
ගරු ඇමතිතුමනි, ඉතාමත් වැදගත් කතාවක්. අනිවාර්යෙන්ම තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි. හොඳ වැඩක් ඇමතිතුමනි (නි)
මහානාම - කඳාන Thursday, 24 September 2015 02:09 PM
2020 දී ජනාධිපති අපේක්ෂක වෙන්න හිටපු අපේ ඉංජිනේරු ඇමතිතුමා කොළඹ බුද්ධිමත් ජනතාව බොහොම පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කළා , අවුරුදු ගානක් ප්‍රබල කැබිනට් ඇමති කම් දැරු , බලයේ හිටපු පක්ෂෙන් ඇමති කෙනෙකු වශයන් ඉඩ කොළඹට තරගා කළා , පක්ස්තෙත් දිනුවා , නමුත් මෙතුමා ගිය පාර ගත්තා වගේ භාගයයි ගත්තේ , නමුත් මෙතුමා ට වඩා වයසින් අඩු දේශපාලන අත්දැකීම වලින් අඩු උදය ගම්මන්පිල මහතා පළමු වතාවෙන්ම මෙතුවා වගේ දෙගුණයක් කොළඹින් ගත්තා පතාක යෝදයන් සගම තරග කර . ඉතින් හිතා ගන්න පුළුවන් නේ බුද්ධිමත් පාටකයන්ට මෙතුමා ගැන දැන් මිනිසුන් ගේ තියෙන පිළිගැනීම .අපරාදේ හොද දේශපාලන අනාගතයක් නැති කර ගන්නේ ප්‍රතිපත්ති පාවා දීම නිසා (බ)
සෙනරත් Thursday, 24 September 2015 02:48 PM
කේ.පි. ට විරුද්ධව සාක්කි නැහැ කීවේ එසේ දඩුවම් ලබා දෙන නිසාද? (බ)
කසුන් Friday, 25 September 2015 04:35 AM
මෙතුමාගේ ඇතුලේ ඉන්න යකා දැක්කේ පහුගිය කාලේ. වෛරයේ උපත, මෙතුමාට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තියනවා හිටපු ජනාදිපති තුමාව නැති කරන්න. (අ)
ගුණසේන Friday, 25 September 2015 04:42 AM
ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණාගාරය විරුධාවත් කටයුතු කරන්න (අ)
පිවිතුරු යහපාල Thursday, 24 September 2015 03:30 PM
අපිටනම් පෙන්නේ එකේ අනිත් පැත්ත..ප්‍රභාකරන්ගේ ජීවිතය ගත් එවුන්ගේනුයි එලව එලව පළිගන්නේ..ඔබ ගැන දැන් අපි දන්නවා මහත්තයෝ..යු අන් පි එකෙන්ම ගොඩ එන්න බලන්න.ආයේ ඔහෙට මේ රටට අාදරේ මිනිස්සුන්ගේ ඡන්ද නැහැ.. (බ)
මහානාම - කඳාන Thursday, 24 September 2015 03:39 PM
මිල මුදල් , අවි ආයුද , ගඩොල් සිමෙන්ති වගේ දේවල් දුන්න උදවිය ගේ විස්තර තියෙනවා එවෙකට ඉන්දියන් සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරී වී පී සින්ග් මහතා ලියපු පොතේ . පහසුවන් අදාළ සාක්ෂි ගන්න පුළුවන් , මට මතකයි මීට මාස 3 4 කට කලින් ලංකාවේ පුවත් පත් වලත් ඒ ගැන තිබුනා , රුපවාහින් ප්‍රවෘත්ති වලත් ගියා . ඒ වගේම කොටි ත්‍රස්තවාදීන් ට ගුවන් යානා හා අධි තාක්ෂණික සන්නිවේදන පහසුකම් සැපයු උදවියටත් දඩුවම් දෙන්න . මේ සම්බන්ධව සාක්ෂි ඔබතුමා 2014 ඔකොත්ම්බර් මාසෙට කලින් කළ වොයිස් කට්ස් හා පුවත් පත් සම්මුඛ සාකච්ඡා , මැතිවරණ ප්‍රකාශන රැලිවල කරපු කතා වලින් ගන්න පුළුවන් . හොද වැඩක් ඉංජිනේරු ඇමතිතුමනි (බ)