බෙදුම්වාදී අන්තවාදී කොටි සංවිධානය 2009 යුද්ධයේදී නැත්තටම නැති කිරීම නිසා ඇමරිකාවේ බලාපොරොත්තු බිඳවැටි ගිය බව ඇමරිකා විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ විශ්‍රාමික දේශපාලන උපදේශකයකු වන දයා ගමගේ පොතක් ලියා ඇත.
‘‘දෙමළ කොටි ඇමරිකාවට ණය ගැත්තෝය‘‘ යන නමින් ඉංග්‍රිසියෙන් ලියා ඇති මෙම පොති විජිත යාපා සමාගම ප්‍රකාශයට පත් කරයි.
26 වසරක් කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රි ලංකා හමුදාව ගත් උත්සහයන් ඇමරිකාව විදේශ පිළිවෙතේ සට කපට හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ගද එමනිසා ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදී සටන අඩාල කිරීමට ඇමරිකාව ගත් උත්සහායේදී විදේශ ප්‍රතිපත්තියේ දියාරු හා නැවෙන සුළු පිළිවෙතින් කොටි සංවිධානය බේරා ගැනීමට කැසකැවු සැටිත් ශ්‍රි ලංකාව එයින් බරපතල උභතෝ කෝටිකයට මුහුණ පෑ හැටිත් මෙම පොතේ කර්තෘ වරයා විස්තර කරයි.
කොටි සංවිධානයේ නායකයා මරණයෙන් බේරා ගෙන වෙනත් ස්ථානයක රඳවා ගනිමින් අවශ්‍ය වූ විට ශ්‍රි ලංකා රජයට බලපෑම් එල්ල කිරීමේ පීඩන කණ්ඩායමක් ලෙස ඔවුන් යොදා ගැනීමට ඇමරිකාව අවසන් මොහොත දක්වාම උත්සහ ගත් බව කර්තෘ වරයා හෙළි කරයි.
ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඒ සඳහා ගෙය ගිය කූට හා කයිරාටික උපක්‍රම ආදිය මෙම පොතෙන් විස්තර කරයි.
ශ්‍රි ලංකාවේ යුද්ධයට අතහිත දෙමින් දර දිය අදිමින් සිටි දෙමළ ඩයස්පෝරාවට පණ නළ පිදීමේ වොෂින්ටන් පිළිවෙත විවේචනයට ලක් කරන මෙම ග්‍රන්ථය පෙන්වා දෙනුයේ ඇමරිකාව කොටි න්‍යාය පත්‍රය අනුව හැමවිටම ක්‍රියා කළ බවයි.
ඇමරිකාවේ උත්සාහය වී ඇත්තේ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කීරීමේ ජගත් රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් කොටි සංවිධානය නමින් පිහිටුවා ගැනීමයි.
ඒ සඳහා ඔවුන් කෙතෙක් දුරට ක්‍රියා කළේදැයි පෙන්වා දෙන කර්තෘ වරයා නන්දිකඩාල් කලපුවට කොටුවී සිටි ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් බේරාගෙන ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමේ කූට සැලැස්මක් ඇමරිකාව සතුව තිබූ බවද කියයි. ඔවුන් ඒ සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය පවා ඔවුන්ගේ ක්‍රියාවලියට යොදා ගැනීමට ක්‍රියා කර ඇත.
කොටි සංවිධානයේ දුෂ්ට හා කුරිරු පිළිවෙත් ගෙනහැර දක්වන කර්තෘවරයා පවසනුයේ තම පොත ලිවීමට ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ තම හිතුවතුන් කිහිපදෙනෙකුගේ උනන්දුව හා මඟ පෙන්වීමද ලැබුණ බවයි.
ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ඇතුළේ කියුම් කෙරුම්ද ඔහුගේ ග්‍රන්ථයෙන් විවේචනය කරයි.
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ගමන් මගේ පූරෝගාමියකු ලෙස දෙමළ ඩයස්පෝරාව (එතෙර වාසය කරන ශ්‍රි ලංකා දෙමළ වැසියන්) වෙනුවෙන් ඔවුන්ගේ සිතැගි පරිදි ඊළමක් බිහිකර දීමට ඇමරිකාව ගත් උත්සාහය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වැලැක්වූ සැටියේ කොටියා යුද්ධයෙන් පරාජය නොවුයේ නම් කොටි ඩයස්පෝරාව (දෙමළ) ජගත් රාජ්‍ය තාන්ත්‍රික බලවේගයන් බවට පත් කිරීමට ඇමරිකාව සිය විදෙස් පිළිවෙත ඔවුනට ඕනෑ ඕනෑ විදියට වෙනස් කළ බව කර්තෘවරයා කියයි.
බටහිර රටවල ආණ්ඩුවල උදව්වෙන් දෙමළ ඩයස්පෝරාව කක්ෂගත කර එය රට දෙකඩ කිරීමේ ගාමක බලවේගය කර ඔවුන් පත් කර ගැනීමේ මූලික උත්සාහය වැරැදි ගිය සැටිත් පොතේ විස්තර කරයි.
කොටියා යුද්ධයෙන් පරාජය වීමත් සමඟ වොෂින්ටන් විදෙස් පිළිවෙතේ ගමන් මගේ ඉලක්කය වැරදී ඇතැයිද ඉන්පසුව අවුරුදු 26ක් තිස්සේ ත්‍රස්තවාදය එරෙහිව රට බේරා ගැනීමට ක්‍රියා කළ හමුදා නායකයින් හා රට වැසියන් යුද අපරාද කළැයි හන්වඩු ගැසීමට ඇමරිකාව ගත් වෑයමද මෙම පොතේ විස්තර වේ.
ඒ සඳහා වූ ඇමරිකාව ජාත්‍යන්තර මානුෂික නීතියට මුවා වූ හැටිත්, එමගින් දෙමළ ඩයස්පෝරාවට උත්තේජනයක් ලබා දීමට ක්‍රියා කළ හැටිත් විස්තර කරන කර්තෘ වරයා ඇමරිකා විදෙස් පිළිවෙතේ නිරුවත හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ග ගත් හැටිත් ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා ලිබියාවේ ආණ්ඩුද ආක්‍රමණය කරමින් එම රටවල් සිදුකළ අතීත ඔලමොට්ටලකම් නොතකා ශ්‍රී ලංකාවටද අත පෙවීමේ උත්සාහයේදී දෙමළ ඩයස්පෝරාවට තුරුම්පුවක් කර ගත් ආකාරයක් කතුවරයා හේතු සාධක ඇතුව විස්තර කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමෝම පොත් ලියනවා වගෙයි (නි)
සමහර ලාංකිකයන්ට නොපෙනෙන ඇත්ත පහදාදීම ගැන ඔබට පින්! (නි)
අම්මෝ ඕව ලියන්න එපා , ඔබාමා එන්න නේද හිටියේ. (බ)
රුවන්, හැමෝම මෙන්න මේ වගේ පොත් ලියන්න ඕනෑ. ඇමෙරිකාව වන්දනා කරන අපේ රටේ ලොක්කන්ටත් සොක්කන්ටත්, කාටත් ඇස් ඇරෙයිද කියලා බලන්න. (නි)
ප්රභාකරන් බේරාගන්න ඇමරිකාව වලිකෑවාට අපේ වාසනාවට හිටියා මහින්ද මහතා. (නි)
අැමෙරිකාව පරාද වුණ වියට්නාම් යුද්ධය ගැන චිත්‍රපටි, පොත්, නවකථා තාම ලියනවා. අපි ලංකාව දිනපු යුද්ධය ගැන පොත් දාහක් ලිව්වත් මදි. මේ පොත පාසල් වලට නිර්දේශ කිරීම අත්‍යවශ්‍යයි. (නි)
සත්‍යය නොබියව එළිකිරීම ගැන ඔබට තුති. (නි)
ඔබාමාගේ බංකොලොත් විදේශ පිළිවෙත නිසා බොහෝ රටවල් විනාශයට පත්වුණා. (නි)
මෙහිදී රුසියාව හා චීනය දුන් සහයෝගය අප අගය කළයුතුයි (නි)
කාලීනව ඉතා වැදගත් දෙයක් (නි)
වටිනා ග්රන්ථයක්. අපේ රටට ඇඟිලි ගහලා ඒ අය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා පොතේ තියෙනවද? (නි)
පිලිපීන ජනාධිපති වගේ එක්සත් ජාතීන්ගේ සංගමය ඇමතීමට ලංකාවේ කෙනෙක් නොමැතිවීම ගැන කණගාටු වෙමි. (නි)
මෙය ඔබ ජාතියට කළ උත්තමාචාරයක්! (නි)
ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් ගැන පොතක් ලිවීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි (නි)
යුද්ධය නැතිවුණාම කොහොමද මේගොල්ලන්ගෙ ආයුධ ටික විකුණා ගන්නේ? (නි)
ඔබගේ සත්‍ය හෙළිදරව්ව අගයමු. (නි)
කමල් ගුණරත්න මහතාගේ ‘අධිෂ්ඨානය‘ නම් පොතේ ඇමරිකාව යුද්ධය අවසන් කිරීමට උදව්වුන හැටි විස්තර කරනවා. අනේ මන්ද කවුරු ඇත්ත කියනවද කියල? (බ)
ඇමරිකාව, ඉරාකය, ලිබියාව වගේ රටවලත් මෙවැනි කූට සටකපට වැඩ කර ඒ රටවල් අස්ථාවර කර, ලක්ෂ ගණන් මහජනතාව අමු අමුවේ මරාදැමු හැටිත් අපට තවම අමතක වී නැහැ. තමන් කැමති පාලකයන් පත්කරගෙන එම රටවල් සිය ග්‍රහණයට ගෙන, රූකඩ බවට ඇමරිකාව පත්කර ගත් අවස්ථා ඉතිහාසයේ ලියවී ඇත. ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් උදාකර ගැනීමට නොහැකිවීම ඇමරිකාව ඇතුළු ඔවුන්ගේ එහෙයියන් ලබාගත් බලවත්ම පරාජයකි. එවැනි තත්වයක් උදා නොවීමට කටයුතු කිරීම සඳහා රජයත් ජනතාවත් පෙළගැසිය යුතු වේ. (නි)
මේ පොතේ පිටපතක් ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබාදීමට කටයුතු කරන මෙන් ද අපේ රටේ ඡන්දය දුන් සාමාන්‍ය ජනතාවට කියවිය හැකි පරිදි සිංහලට නගන ලෙසද ඉල්ලමි (බ)
අපේ සමහරු ඇමෙරිකාවට ආවඩනවා දැන් තේරුනා නේද මේ අය මොකද්ද කළේ කියල. අැමරිකාවට ඕන වුනේ උතුරට සහ බටහිරට වෙනම කලාප දීල ඉන්දියාවට වගේම චීනෙට පාඩම් උගන්වන්න. (බ)
දේශපාලන වශයෙන් ත්‍රස්තවාදය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන අතරම රහස් ඔත්තු සේවය හරහා එම කණ්ඩායම් පෝෂණය කරනවා. ඇමරිකාව හැම රටක් එක්කම කළේ සහ තවමත් කරන්නේ ඔය සෙල්ලමමයි. ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව ඊට හොඳ නිදසුන්. දැන් සිරියාවේ වෙන්නෙත් ඒදේමයි. (නි)
දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය ඉටු කිරීමට ගිය ඇමෙරිකානු හස්තයෙන් අපි එදා මිදුනෙමු. එහෙත් චීන හස්තයට අපි ගොදුරු වී ඇත්තෙමු.එය කාගේ පුද්ගලික අවශ්‍යතාවයක් මත පටන් ගත් වැරදි ක්‍රියා කලාපයකින් ඇති වුනාද? ඒ ගැනත් පළ වෙන පොත් යුගයේ අවශ්‍යතාවයකි. (බ)
එහෙවු අැමරිකාවනේ ඉතින් අද මේ රට අනියමින් පාලනය කරන්නේ. (නි)
එහෙම කළ ඇමෙරිකාවේ පදයට ලැජ්ජා නැතුව ඩෙගා නටන හැමෝටම ඔය පොතෙන් පිටපත බැගින් දෙන්න ඕනෑ! (නි)
යුද්ධය දිනවන්න ඇමරිකානු ඔත්තු සේවා අපට දුන්න සහයෝගය ගැන මම අසා තිබෙනවා (නි)
අර එඩ්වඩ් ස්නෝඩන් වගේ ඇමරිකාව වැරදි වැඩ කරන වෙලාවෙම එළියට බැහැලා මේක ලිව්වා නම් තමයි ඔවුන්ගෙ රෙදි ගැළවෙන්නෙ. (නි)
යුද්ධයේ පරාජයෙන් තමන්ගේ අදහස් මුදුන් පමුණුවාගැනීමට නොහැකිව වියරු වැටුණු ඇමෙරිකාව 2015 දී මහින්දව ගෙදර යවා කරන්න යන ඊළඟ මෙහෙයුම ගැනත් අවධානයෙන් හිටියොත් හොඳයි. (නි)
ඇමෙරිකාවේ දේශපාලකයින්ගෙන් හිලරි වැනි අය තමයි ඕනෑම රටක අවුල් වලින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මිලිටරි නායකයෝ නිතරම මහින්දගේ උත්සාහයට පුර්ණ සහයෝගය දුන්නා. ඒ අයටත් කොටියාගේ හා අල්කයිඩා ත්රස්තයන්ගේ වෙනසක් පෙනුනේ නැහැ. මේ වෙනස අපි තේරුම් ගතයුතුයි. (නි)
විශ්‍රාම ගියාට පසු කළ රැකියාවේ ක්‍රියාවලියට අදාළ පොතක් මිසක වෙන දෙයක් ලියන්න දේශපාලන උපදේශකයන්ට බෑ. ලංකාව ග්‍රහණයට රැගෙන මොනවද ගන්න තියෙන්නේ . (ම)
ඔය එළිවෙන්නේ කාගේ කාගේත් කෙරුවාව ....(බ)
ප්රභාකරන් බේරුනා නම් ඇමරිකාවට කඩේ යමින් මෙහි අදහස් ඉදිරිපත්කළ අයගෙන් බොහෝ දෙනෙක් අද වනවිට දකුණේ දුම්රියක හෝ බසයක අටවන ලද කොටි බෝම්බයකට අසුවී පරලොව ගිහින් ඉන්නත් ඉඩ තිබුණා (නි)
වින්සන්ට්, ඔබතුමා චීන "හස්තයක්" ගැන කතා කරනවා. මතක තියාගන්න, චීනය අපේ රටේ අවංක මිතුරෙක්. එහෙම අය අපට අඩුයි. අපි බලවත් රටක් නෙමෙයි. අපට බැහැ පිලිපීන ජනාධිපතිට වගේ එක්සත් ජාතීන්ගේ මහා ලේකම්ට කතාකරන්න. ඒ නිසා අපි කුහක නැති කාගේහරි උදව් ගත්තාට කමක් නැහැ (නි)
සිරි, බොහෝ රටවල රාජ්‍ය නායකකාරකාදීන් තම තමන්ගේ රාජ්‍ය මෙහෙයුම් ක්‍රියාවලියේදී තම දකුණතින් එක් ක්‍රියාමාර්ගයකුත් වමතින් උපක්රමශීලීව තවත් ක්‍රියාමාර්ගයකුත් අනුගමනය කරන බව තමයි දක්නට ලැබෙන්නේ. එය බොහෝවිට රටට, ලෝකයට කෙසේවෙතත් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර සාක්ෂාත් කරගැනීමේ පරම පවිටු චේතනාවෙන් ක්‍රියාකරන බවයි මගේ ටිකිරි මොළයට නම් වැටහෙන්නේ. (නි)