මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා මංගල්‍යය අද ඇරැඹිණි.
කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී මේ කෝවිලට පැමිණි බව කියති.
මුලතිව් ආරක්ෂක සේනා අඥාපති ජගත් ඩයස් මහතාගේ දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
බාර හාර ඔප්පු කිරීම සඳහා උතුරේ බොහෝ පිරිස් මෙහි එති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්ධ භක්තිකයෝ. (දී)
ලැබූ නිදහසින් උපරිම ප්‍රයෝජනය මේ අහිංසක ජනයාට ලැබෙන එක මොනතරම් වටිනවද? දැන් තමයි ඒ මිනිසුන් ජීවත් වෙන්නේ.රට නිදහස් කරදුන් විරුවනේ, අපි ඔබට සදා ණයගැතියි. (නි)
ඉතා වටිනා ඡායාරූප ටිකක්(නි)
මෙම පින්තුර යුරෝපයට ගෙන ගොස් ද්‍රවිඩ ජාතිකයින්ට පෙන්වා කරදර කරනවා කියා කියනවා.(නදී)
ජාතික සමගියට සන්හිදියාවට ලොකුම දෙයක් මෙය. අපේ හමුදා විරයන්ටත් දෙමල අහිංසක ජනතාවටත් නිදුක් නිරෝගී සුව අත්වේවා (නදී)
සෙන්පති ජගත් ඩයස් මහතාට තෙරුවන් සරණයි! (නි)
සෙන්පති ජගත් ඩයස් මහතාට නිදුක් නිරෝගී දිර්ගයු ලැබේවා (දී)
ජගත් ඩයස් මහතාට අපේ ප්‍රණාමය! (නි)
මිනිසුන් නිදහසේ ජිවත් වෙනවා (දී)
හරිම භක්තියක් ඇතිවෙනවා (නි)
මම නම් කියන්නේ තමන් හොඳට ජීවත් වෙනවා නම් එපමණයි ඕනෑ කියායි (නි)
වටිනා ලිපියක් (නි)
රටට ජාතියට නිදහස ලබාදීමට දායක වූ ජගත් ඩයස් රණවිරුවාණනි. ඔබට සම්මා සම්බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි! (නි)
අර නොදරුවා කොපමණ බයවෙලා ඇද්ද? (නි)
හමුදාවේ මහත්වරු රාජකාරියට යන විදියට නැතුව සාමාන්‍ය ඇඳුමින් උත්සවයට ගියා නම් ඉතාමත් අපුරුයි. (ස)
හරිම වටිනා ඡායාරූප ටිකක් (නි)
අනේ පවු මේ ජනතාව ඒ කාලේ කොච්චර දුක් විඳින්ට ඇත්ද? දැන්නම් බොහොම නිදහසේ ආගම අදහාගෙන ඉන්නවා. මේ සාමකාමී තත්වය උතුරේ පමණක් නොව මුළු ලංකාව පුරා සැමදාම තිබේවායි පතමි. (ස)
මෙම ඡායාරූප සමහරකින් මා අතීතයට රැගෙන ගියා වගේ දැනුනා (නි)
මම නම් ප්‍රභාකරන් කියන නමවත් මතක් කරන්න අකමැතියි (නි)
ඇත්ත තමයි. හොඳ ඡායාරූප එකතුවක් (නි)
මෙහි මිනිසුන් ඉතා සාමකාමීය. දෙවියන් අදහමින් අනුන්ට ගරු කරමින් සහ උදවු කරමින් සතුටින් සිටිති. ත්‍රස්තවාදය හෝ යුද්ධය ගැන ඔවුන් කතා කරන්නේ නැත. රජය ගැන කතා කරන්නේද නැත. "අපිට හොඳ පහසුකම් තිබෙනවා. අපිට ඕනෑ දෙවියන් එක්ක සතුටින් ඉන්නයි.." මේ කීප දෙනෙකු කී කතාවයි.ජගත් ඩයස් මහතාගේ ක්‍රියාව අගය කරමු. (නි)
හිතේ භක්තිය තමයි හැමදේකටම වැඩිය වැදගත් (නි)
දැන් මේ උත්සවයේ ඡායාරූප පෙන්නලා ත්‍රස්තවාදී සංවිධාන මොන මොන වැරදි තොරතුරු පතුරුවයිද කියලයි මට බය (නි)
සතුටු කඳුළු හෙලමින් වීඩ්යෝ එක බැලුවා. මට පුංචි කාලේ දැක්ක හින්දු උත්සවය සිහි උනා . බෞද්ධ කෙනෙක් විදියට සියලු ආගම වලට ගරු කල යුතුයි. ගරු ජගත් ඩයස් මහතා ඇතුළු සියලු නිලදාරී තුමන්ලාට තෙරුවන් සරණයි (දී)
මේවා දකිද්දී දෙමල සන්ධානයට ඉරිසියා ගහයි (දී)