එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් සමඟ වැඩි කලක් ගත කිරීමට නොහැකිවීම ගැන තමන් කනස්සල්ලට පත්වන බව නෝර්වේ හිටපු අමාත්‍යවරයකු සහ සාම නියෝජිත එරික් සොල්හයිම් මහතා පවසයි.
එලෙස ඔහුව ඇසුරු කිරීමට තමන්ට ඉඩ ලැබුනේ නම් ඔහුගේ ආකල්ප වෙනස්කොට බලපෑමක් සිදුකිරීම සඳහා තමාට හැකියාවක් තිබූ බව එරික් සොල්හයිම් මහතා ඉන්දීයාවේ ඩබ්ලිව්.අයි.ඕ.එන් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවෙමින් පවසා තිබේ.
ප්රභාකරන් සමඟ විශේෂිත සබඳතාවක් ගොඩනගා ගත් බවත් , එසේ වූවත් නෝර්වේ රාජ්‍ය හෝ තමා සාම සාධක මෙහෙවරේදී එක් පාර්ශවයක් ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සොල්හයිම් මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
සාම සාධක මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් නොමැතිවීම තීරණාත්මකව බලපෑ බවද හෙතෙම පවසා තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ළමා සොල්දාදුවන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා ගැනීම වැනි යුද අපරාධ සිදුකළ බව පිළිගත් සොල්හයිම් මහතා යුද්ධයෙන් දකුණේ තරුණයන් දහස් සංඛ්‍යාත පිරිසක්ද අහිමි වූ බවත් පවසයි , ඒ අනුව යුද්ධය නිසා දසදහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මියගිය බව පැවසිය හැකි යැයි සොල්හයිම් මෙහිදී කියා සිටියේය.
සාම මෙහෙවර අසාර්ථකවීම පිළිබඳව නොව එලෙස ශ්‍රී ලාංකිකයන් මියයාම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන්නේ යැයි ද හිටපු නොර්වේජියානු සාම නියෝජිතවරයා පෙන්වා දෙයි.
යුරෝපා රටවල කොටි හිතවාදීන්ට වැඩි අනුකම්පාවක් හිමිවන්නේ එම රටවලට මෙම කලාපය පිළිබඳව වැඩි අවබෝධයක් නොමැතිවීම නිසාවෙන් යැයි පෙන්වා දුන් සෝල්හයිම් මහතා වැඩිදුරටත් කියා සිටියේ තමාට ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ පාර්ශවයක් ගැනීමට කිසිදු හේතුවක් නොපැවති බවය.
එසේම ශ්‍රී ලංකාව තමාගේ දෙවැනි නිවහන ලෙස සැලකිය හැකි බවත්, නැවතත් ලංකාවට පැමිණෙන්නේ නම්, ඒ මෙතෙක් මිතුරුදම් ගොඩනගා ගත් පිරිස් හමුවීමේ අදහසින් බවත් එරික් සොල්හයිම් මහතා එහිදී සඳහන් කර තිබෙන බවද ඉන්දීය ඩබ්ලිව්.අයි.ඕ.එන් පුවත්සේවා වාර්තාවේ සඳහන් වෙයි.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයා නාවට කමක් නෑ.
ඇයි දන්නේ නැහැ... බින් ලාඩන් එක්ක සම්බන්ධයක් ගොඩ නගාගෙන ඔහුගේ අාකල්ප වෙනස් නොකළේ...
ඔව්,.. මේ උන්දෑ තාමත් අපේ රඟමඬලේ රඟන්න පුදුම ආසාවකින් ඉන්නේ.
ඇත්තටම කටින්ද කතා කරන්නේ?
එහෙම වුණානම් මරාගෙන මැරෙන බෝම්බයක ඉලක්කයක් වෙලා බොහෝකල්...
මෙයා කියන විදියට කරන්න ගියානම් අපට අදටත් යාපනේ පැත්ත පළාතක යන්න බැරි වෙනවා. පසුගිය අවරුදු 7-8 තුල තවත් 30000 - 50000 පිරිසක් මැරිලා, ඩොලර් කොටි 1000 ක විතර දේපල විනාශ වෙලා, තවත් " ඊනියා සම බ්රෝකර්ලගේ" සහ රාජ්‍ය නොවන සංවිධාන වල ලොක්කන්ගේ සාක්කු වලට තව ඩොලර් කෝටිගාණක් වැටිලා, අපේ රටේ ආර්ථිකය තවත් පහළට වැටිලා...
මාළු ටික ලාබෙට අරන් යන්නද එන්නේ? ලංකාව ඔයිට වඩා ආගමන විගමන කටයුතු පාලනය කළොත් හොඳයි. සුද්දෝ ඇවිල්ලා රට සුද්ද කරලා යනකන් බලන් ඉන්නේ නැතිව...
කොටියා කැලේ මාරු කළාට පුල්ලි සුදුවෙන්නේ නැහැල්ලු.
ඇසුරු කළා නම් ප්රභාකරන්ට මූදෙ නාන්න බැරි වෙනවා..
එන්.ජී.ඕ. කාරයෝ ටික දැන් රට පාලනය කරන නිසා ඔබ තුමා ඕනේ දෙයක් කියන්න.
මෙයා නමින් විතරයි සාම නියෝජිත. කොටින්ම යුදමය වශයෙන් පරාජය කිරීම එකම සහ සාර්ථක විසඳුම... සාමයෙන් විසඳුනානම් අදටත් කොටින්ගේ අතේ භයානක ගිනි අවි...
යහපලකයනි,සීරුවෙන්,"ගොනා හැරෙන්නේ තැබිලි පැලයටයි".
මුහුදේ නාන්න බැරිවෙන්නේ ප්රභාකරන්ට නොවේ මෙයාට.
ප්රභාකරන් තව දුරටත් ආශ්‍රය කළානම් ඔබටත් වෙන්නේ ඔහුට වුණ දෙය හා සමාන දෙයක්.... කොටින්ට කිරි පොවන්න ගොස් රජීව් ගාන්ධිට වෙච්ච දෙය දන්නේ නැත්නම් දන්නා කෙනෙකුගෙන් අහගන්න..
මේ පුද්ගලයාගේ ඡයාරූප මධ්‍යයේ පලකරන්න එපා
හාහ් හාහ් හා.... ආශ්‍රය කරන්න නොලැබුණු නිසා තමයි ඉතින් ඔහොම හිතන් ඉන්නේ, ආශ්‍රය කළා නම් මෙලහකට ප්රභාකරන් සෝල්හයිම් ආකල්ප වෙනස් කරලා, සෝල්හයිම්ගේ දුව කොටි කෙල්ලෙක් වෙලා, පවුල මරාගෙන මැරිලා, මෙතන එක විජ්ජුම්බරයයි, නොර්වේ ආණ්ඩුවටත් පාන්ඩුව හැදිලා එහෙනම්.
ප්රභාකරන් ඇසුරු කිරීමට තමන්ට ඉඩ ලැබුනේ නම් ඔහුගේ ආකල්ප වෙනස්කොට බලපෑමක් සිදුකිරීම සඳහා තමාට හැකියාවක් තිබූ බව එරික් සොල්හයිම් කියන එකට අප මොකටද කලබල වෙන්නේ?
මෙයා මේ "ශ්‍රී ලාංකිකයන් මිය යාම පිලිබදව තමන් කනගාටු වන බව " කියල කියන්නේ ප්රබ්බකරන් සහ ඔහුගේ නාදය ගැන වෙන්න ඕනේ. එහම නැත්නම් තව සති 2 ක් යුද්ධේ ඇදුනානම් කොටුවෙලා හිටපු අහිංසක දෙමල ජනතාව ලක්ෂ 3 න බාගයක් විතර මැරෙනවා කන්න බොන්න නැතිවම . අද ඒ මිනිසුන්ගේ කකුල් කලා යන්නේ නැහැ, ළමයි බලෙන් යුද්ධෙට බදවා ගන්නේ නැහැ. දෙයියනේ කියල වගාවක් කරලා , රැකියාවක් කරලා ජිවත් වෙනවා. එක මොහුට බලා ඉන්න බැරුව ඇති. අනෙක මොහුට තියා රජිවූ ගාන්දිටත් බැරි උනා ප්‍රබාකරන්ගේ ගතිපැවතුම් වෙනස් කරන්න. එහෙම ඇත්තටම උත්සාහ කලානම් මොහුත් වලපල්ලේ.
මෙයා මේ ආයෙත් මොකාට ද එන්න හදන්නෙ? අපි හැමෝම ප්‍රවේශමෙන්, “ආන්නද සර්පයා දුටුවාද?“, එසේය ස්වාමීනි සර්පයා දිටිමි“.
මේයා එන්නේ ආයෙත් අපේ රටේ ගිනි අවුලන්නයි .. මෙ වැනි ප්‍රකාශ වලින් සුව වූ තුවාල ආයෙත් පාරනවා , තැවුණු සිත් අයෙත් දුකට දානවා ,ඉන්දියාවේ සිට මෙවැනි දේ ප්‍රකශ කලාට කමක් නැහැ, ආයෙ ලංකාවට නම් ගෙන්න ගන්න හොද නැහැ මෙයාව.