ප්රභූ රථ වාහන හා ප‍්‍රභූ ආරක්ෂක වාහනවලින් සිදුවූ අනතුරු හා වැරදි සහ ඒවාට නීතිය ක‍්‍රියාත්මක නොවූ අවස්ථා පිළිබඳ තොරතුරු සොයා බලා ඒවා රටට හෙළි කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසන එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියනුයේ බස් රථ හා වෙනත් වාහන මගින් සිදුවන රථ වාහන වැරදි පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මෙවර අයවැයෙන් රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළ නැංවීමට කර තිබෙන යෝජනාව සාධාරණීයකරණය කිරීමට ප‍්‍රවාහන අමාත්‍යවරයා ගත් උත්සාහය හෙළා දකින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැරදි පෙන්වාදෙන මාධ්‍යකරුවන්ට රතු වරෙන්තු දෙන පුද්ගලයන්ටයි වරෙන්තු නිකුත් කරන්න ඕනෑ. මාධ්‍ය දඩයමක ලකුණු පේනවා. එහෙම වුණොත් ඔවුන්ගේ පැවැත්මට තිත තියාගන්න එක ඔවුන් විසින්ම කරගන්නවා කියලයි අපිට හිතෙන්නේ (නි)
නිර්භීත මාධ්‍යකරුවෙකු බිහිවෙනවා දකින්න දේශපාලකයා නොකැමැත්තේමය. හේතුව එය ඔවුන්ගේ අයහපත් පැවැත්මට මඟ අහුරන බැවිනි... (නි)
හැබැයි පරිස්සමින් අැමතිතුමා, දඩය 25000 කරයි. බස් ගැමුණුතුමා වෘත්තීය අයිතිය ඉල්ලා ගත් තෑග්ග නිසා අපි නාගත්තා... (නි)
මේක පාර්ලිමේන්තුවේදි අහන්න. 2005 සිට 2016 දක්වාම තොරතුරු දෙන්න කියන්න. එතකොට දැනගන්න පුලුවන් හැමෝගෙම විස්තර. (නි)
ආන්දෝලනාත්මක නීති ටිකක් ගෙනල්ලා ජනතාව අන්දන්න යන්නේ නීතිය දැන් අකුරටම වැඩ කියලා. එ්ත් දවසින් දවස නීතිය වළපල්ලට යනවා. (නි)
වාහන අනතුරු නවත්තන්න නම් රටේ රියදුරු පුහුණුව නිසි ප්‍රමිතියකින් යුතුව කරලා රියදුරු බලපත් දීම ඉතා හොඳ පරීක්ෂණයකින් පසුව කරන්න ඕනෑ. වාහන අනතුරු නවත්තන්න කියලා රටේ අවශ්‍යතාවයන්ට සෑහෙන තරම් හොඳ මාර්ග පද්ධතියක් නැති රටක මිනිසුන්ට ඉහිලුම් නොදෙන දඩ මුදල් ගහලා හරියන්නේ නැහැ. මොන බොරු තර්ක දැම්මත් විශාල දඩ මුදල් ගහන්නේ කරගන්න බැරුව දඟලන අාර්ථිකයට තව සල්ලි ටිකක් එකතු කරගන්නනේ (නි)
රටේ සාමාන්‍ය ජනතාවට ඉහිලුම් නොදෙන දඩ ගැහුවට තමන්ට ප්‍රභූන් කියාගන්නා ඇමතිලා මන්ත්‍රීලා පාරේ යන හැටි බලන්න එපැයි! එක ඇමතියෙක්ගෙ වාහනයක් එක දවසකට කඩන මාර්ග නීති සංඛ්‍යාවට හරියට දඩ ගැහුවොත් එක දවසට ලක්ෂ 10ක් 15ක් ගෙවන්න වෙයි දඩ. යන්නේ පාරේ අනිත් පැත්තෙන්, සියලු මාර්ග නීති බල්ලට දාලා, සාමන්‍ය මිනිසුන්ට ගෙම්බර් දාගෙන. (නි)
අනේ මහත්තයෝ, අපරාදේ ඔබතුමාගේ වටිනා කාලය, ශ්‍රමය. ඇමතිලා දන්නවා දඩ මුදල් වලින් මාර්ග අනතුරු අඩුකරන්න බැරි බව. දඩ මුදල් වැඩිකළේ ගෙනියාගන්න බැරුව හත්පොළේ ගාගෙන අමාරුවේ වැටිලා ඉන්න ආණ්ඩුවේ ආර්ථික අාදායම වැඩි කරගන්න. (නි)
බමුණු, ඉස්සර නම් ඉල්ලීම ඉටුවෙන්නෙත් නැහැ. ඉල්ලපු කෙනාට වුණ දෙයක් දන්නෙත් නැහැ. (නි)
ඔය ඇමතිලා යන වාහන මාර්ග නීති කඩකරපු අවස්ථා ගැනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නම් හොඳයි නේද?? (නි)
නියමයි ඔහොම යනකොට ඒවගේම ආරක්ෂක අංශ වාහන වලින් ඒවත් (බ)
ප්‍රභූවරු වෙහෙසෙන්නේ හුදු මහත් ජනතාව වෙනුවෙන් නිසා එම වැරදි නොසලකා හරින ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි. (බ)
මාර්ග නීති කඩන්නන්ට දැඩි දඩුවම් දිය යුත්තේ ,ඔවුන් සිහිනෙන්වත් නැවත එම වරද කිරීමට බිය වන ලෙසය.මේ දඩ වලට විරුද්ධ වන්නේ මාර්ග නීති කඩන්නවුන්ය.මාද 1974 සිටම බර වාහන බලපත් හිමියෙකි. (බ)
ඇමතිලා යන වාහන මාර්ග නීති කඩකරපුවම පොලිසියේ රාළහාමිලා අහක බලා ගන්නවා, නැත්නම් ගල් ගැහිලා වගේ බලා ඉන්නවා (හේ)
නියමයි .. මමත් මේ යෝජනාවට උපරිමයෙන්ම සහය දෙනවා .. (ම)
රටට හෙළි කරයි බලාගෙන ඉන්න (ම)