(නිමන්ති රණසිංහ)

දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් විකුණමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 94ක මුදලක් වංචා කළ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ මුදල් ලබාදෙන බවට පවසමින් මෙම සැකකරැ අදාල මුදල වංචා කර ඇත්තේ වාහන අමතර කොටස් මෙරටට ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරු අද 21 ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.