(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ‍්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය.
මීට පෙර අවස්ථාවකදී ද රුපියල් මිලියන 360 ක මුදලක් ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා වන්නේ යැයි පැවසු අල්විස් මහතා මෙම මුදල හා සැසදීමේදී නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන 11.06 ක මුදල ඉතාම ඉහළ අගයක් ගන්නා බවද බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
COMMENTS
අනේ පව් අහිංසකයෝ...සල්ලි නැතුවම ඇති.ඒකයි ඔය.කීයක් හරි (බිලියන 10ක්) පිනට දෙන්න.
මෙම බැඳුම්කර මගඩිය සහ සයිටම් මගඩිය නිසා මෙම රජය ඉක්මනින්ම ගෙදර යාමට නියමිතයි.
හොරු අල්ලන කොට ආණ්ඩුව ගෙදර යවන්න ලු....හොරු අල්ලන්නේ නැතිව හිටියා නම් ආණ්ඩුව තියාගන්න කියලාද කියන්නේ.?
පාර්ලිමේන්තුවේ ඉන්න වාචාල ඇමැත්තෝ දැන් ගොළුව කසාය බිවුව වගේ.
සශික සමග මාත් ඉන්නවා. මේ අහිංසකයෝ ඕකෙන් ඕනනම් කෝටි හාර පන්සීයක් කට්ටියගේ සාක්කුවලට දාන්න ඇති. ඉතින් එහෙම දුන්නත් පිනක් නේ. අපිත් ඔය පිං කැටවලට කාසි දාන්නේ එහෙනම්.
මේක හරියට " ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවා වගේ ". අන්තිමට දෙපැත්තෙන්ම පාඩුවෙලා තියෙන්නේ පොදු ජනයාට.
මටත් බැරිද මහා බැංකුවෙනුයි සේවක අර්ථසාදක අරමුදලෙනුයි සල්ලි ටිකක් ණයට ගන්න ? අබ සරණයි ශ්‍රීලංකා !!!!!!
තමන්ගේ ඇහේ තියන පරලේ නොපෙනෙන ආණ්ඩුවක්ද මේ ?
අනේ, මේවාද අපි ජනවාරි 8 දා බලාපොරොත්තු උනේ. හරියට කැහි ගෑනි දීලා හොටු ගෑනි අරගත්තා වගේ නේද කියල හිතෙනවා දැන්.
ප්‍රාථමික අලෙවිකරුවන්ට රෙපෝ පහසුකම යටතේ මහ බැංකුවෙන් ණය පහසුකම් ගන්න පුළුවන්. ඒත් මෙතන ගැටළුව ඒ ණය ආපසු ගෙවලා නෑ කියන එක දැන්ද මතක් වුනේ කියන එක. බැංකුවක ණය ගෙවන්න ප්‍රමාද වුනොත් වෙන්නේ මොකද කියලා දන්නවනේ. මේ කොමිසමේ කටයුතු මාධ්‍ය වල පළ කරන නිසා සමාගම කෙසේ වෙතත් මහ බැංකුවේ නිලධාරීන්ගේ වැඩ නම් එළියට එනවා.