(ඩයනා උදයංගනී)
පර්පචුවල් ටේරෂරීස් සමාගම මගින් කල්කුඩා ප්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට යන බවත්, එයට ඉඩ නොදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙය ආරම්භ කිරීමට ඉඩ දුනහොත් යාපනයේ තල් අරක්කු කර්මාන්තයේ නියුතු ජනතාවගේ ජීවනෝපායට ගැටලූ ඇතිවන බවත්, එම කර්මාන්තයේ නියුතු ජනතාව දැනටත් මුදල් අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා පීඩාවට පත්ව සිටින බවත් බණ්ඩාර මහතා කියයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමට එරෙහිව පරීක්ෂණ සිදුකෙරෙමින් තිබියදීත් ඔවුන්ට බදු සහන ඇතුළු සියල්ල ලබා දෙමින් යාපනයේ ජනතාවගේ කර්මාන්තයට පහර ගසන්නට මුදල් අමාත්‍යාංශය හා සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ගැටලූවක් බවද සභාපතිවරයා පවසයි.
යාපනයේ ජනතාව ඉල්ලන්නේ ෆෙඩරල්, ඉඩම් බලතල හෝ පොලිස් බලතල නොව තමන්ට පවතින මෙවන් ගැටලූවලට විසඳුම් බව කි ශාන්ත බණ්ඩාර මහතා ඒවා විසඳන්නේ නැතිව සංහිඳියාව ගැන කතා කළ නොහැකි බවද ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය කියන්නේ මේ වගේ දේවල් වලටද?
පසුගිය අයවැයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව ආයෝජන කරන සමාගම්වලට බදු සහන දෙන්න යෝජනාවක් ගෙනාවා, ඒ ප්‍රදේශවල ආයෝජනය අඩු නිසා. ඒ යටතේ තමයි මේ ස්ප්‍රීතු කම්හලක් පිහිටුවන්න යන්නේ. ඒක කරන්නේ මේ බැඳුම්කර ආයතනය නෙවෙයි, ඒ හිමිකරුවො ඉන්න වෙනත් සමාගමක්. මේ කෑ ගහන අය මන්ත්‍රීවරුන්ගේ බාර් පර්මිට් ගැන නැතුව තල් අරක්කු ගැන කියවන්නේ වෙන සෙල්ලමකට.
හරි ෂොක් මතට තිත නෙමෛ හොඳට මත
වැඩි හරියක් ඉන්නේ බාර් ලයිසන් තියෙන දෙසපලුවෝ. රට හදන්ඩ කතාව ඔය හදන්නේ විරුද්ධ පක්ෂයට (යු.එන්.පි.) එකට මඩ ගහන්න මිසක් වෙන කැක්කුමක් නැ
හිමාල් කඩේ යන්නේ කාටද? අයිතිකාරයෝ කවුද කියල ඔක්කොම දන්නවා. මේ සල්ලි රාජසන්තක කරන්න ඕනේ.
ඔය කව්රුත් කැහගහන්නේ තමන්ගේ වාසියට විතරයි බාර් ලයිසන් හොරු වගේම තමයි බදුන්කර හොරු දැන් තරගේ තියෙන්නේ වැඩිම කුට්ටිය කඩා ගන්නේ කව්ද කියන එකට විතරයි.
ආණ්ඩුවට මුක්කු ගසාගෙන ඉන්න අය කියන ඒවා වැදිබයිලා.
දේශපාලන බේදයෙන් තොරව අප වෙනුවෙන් දුක් කරදර වින්ද ඇප කැප වී සිටින ලාංකීය ජනතාවට අපේ ප්‍රණාමය