(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද සවස සිට රාත්‍රිය දක්වා පැය කිහිපයක් දුම්රිය ධාවනය බාධා සිදු විය .

දුම්රිය පීල්ලේ කැඩී ඇති ස්ථානය දැකීමෙන් පසු පස්වරු හයේ පමණ සිට මෙසේ දුම්රිය ධාවනය ඇන හිටියේය.

කොළඹින් පිටත්ව මීරිගම පසුකර ගමනාන්ත කරා ගමන් කරවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය රැසක් මීරිගම සිට වේයන්ගොඩ ගම්පහ පෙදෙස් දක්වාම අතරමඟ නතර කර තිබීමට සිදු වූ බව දුම්රිය බලධාරීහු සඳහන් කළහ .

රාත්‍රී අට පමණ වන විට දුම්රිය ධාවනය යථාවත් කිරීමට හැකි වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය .