බස් වර්ජනය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන කැඳවූ සාකච්ඡාවට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමය, සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ සමාගම් සම්මේලනය සහ දකුණු පළාත් පෞද්ගලික බස් රථ සංගමය සහභාගී නොවීය.
මේ සාකච්ඡාව සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පමණක් සහභාගී වූ අතර ඔවුහු බස් වර්ජනයට එක්නොවන බව ප්‍රකාශ කළහ.
ලංගමය හෙට වර්ජනයට සහභාගී නොවන බවත් දිවයින පුරා සිකුරාදා (2) අතිරේක බස් රථ යොදවන බවත් කියයි. දිනකට ධාවනය වන ලංගම බස් රථ සංඛ්‍යාව 6000 දක්වා වැඩි කරන බවද ලංගම සේවකයින්ගේ නිවාඩු දින 7ක් යනතුරු අවලංගු කළ බවත් ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙමගින් අසරණ වන්නේ දුප්පත් ජනතාව (ර)
සියලුම බස් රථ රජයට පවරගන්න. විනයක් ඇති, මිනිසුන්ගේ ජීවිතවලට වගවිය හැකි ලංගමයක් නැවත ස්ථාපිත කරන්න. (ර)
අහිංසක දුප්පත් ජනතාව පීඩා විදිනවා. පවුල් කීයක් අද තුන් වේලම කනවද? (ර)
බස් රජයට ගන්න කියලා ඔයාලා කියනවා රෝහල් වර්ජනය කරන කොට මොකුත් කතා නැ නේද (ර)
මාර්ග නීති කඩන එක ගැන විතරයි කතා කරන්නේ. මාර්ග නීති රකින අයගේ නිතිගරුකභාවය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ (නි)
බස් රථහිමියන් ත්‍රීවීලර් රථහිමියන් කියන විදිහට රට පාලනය කරන්න පුලුවන්ද. (ර)
දුප්පත් ජනතාව අසරණ නොකරන්න (ර)
මාර්ග නීති කඩ කරන්න ඉඩ දෙන්නැයි කියා වර්ජනය කරන එකම රට.(හේ)