පේරාදෙණි සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිගයෙන් රෝගීන් දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇතැයි රෝගීහු මැසිවිලි නගති.
හදවත් කැතිටර් කරන ඒකකය සහ එම් ආර් අයි ස්කෑන් සදහා ලබාදුන් නිර්වින්දන සේවා මුළුමුනින්ම නැවැතී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සේවා කොලඹ හැරුණු විට පේරාදෙණියේ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හදවත් කැතිටර් කරන ඒකකය විවෘත කිරිමේ උත්සවයේදී පසුගිය දා පැවසීය.
රෝහලේ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හදිසියේ මාරු කිරිම කර ඇත.
වෛද්‍ය වරුන්ගේ දැඩි හිගයක්ද පවතින බවත් මීට මාස 6 ට පමණ ඉහතදි මෙම රෝහලට විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු අනුයුක්ත වූවත් නිර්වින්දන වෛද්‍ය වරුන්ගේ හිගය බරපතල බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසක් ඉන්න. ඉට්කා අාවහම සියලු ප්‍රශ්න විසඳෙයි (නි)
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)