(මොහොමඩ් ආසික්)
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙනු ලබන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසත් දැනට මාස කිහිපයක් තිස්සේ නැවතී ඇති ශිෂ්‍යාධාර වහාම ගෙවන ලෙසත් ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) පේරාදෙණිය ගලහ හන්දියේදී පැවැත්විණ.
මෙම විරෝධතාවයට විශ්ව විද්‍යාලීය භික්ෂූන් වහන්සේලා ප්රමුඛ විශාල සිසුන් පිරිසක්ද එක්ව සිටි අතර මෙහිදී සිසුහූ ප්‍රකාශ කළේ, මහපොළ ශිෂ්‍යාධාර ඇතුළු සිසුන්ට හිමි ශිෂ්‍යාධාර මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති බැවින් එම ශිෂ්‍යාධාර ඉතා ඉක්මනින් ගෙවන ලෙසයි. මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් දසදහස (10,000)දක්ව ඉහළ නංවන ලෙසත්ඔවුහු ඉල්ලා සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පෝ. නිකන් ඉගෙනගෙන උපාධිය ගන්නත් සල්ලි ගෙවන රටේ ආර්ථිකයට කිසිම වැඩක් නැහැ.
ඔක්කොටෝම ඉස්සෙල්ලා මේ හාමුදුරු නඩේ යවන්න.
මේ අයට 10,000 ඉල්ලන්නේ මොබයිල්වලට රී ලෝඩ් දාගන්නයි. දෙන්න එපා අනික ඩිග්රි එක අරගෙන පිටරට යනවා.
දැන් කදුළු ගැස්, වතුර ගහපු කලේ ඉවරයි මල්ලි... පළවෙනියාට රබර් බුලට්, ඊට පස්සේ ඇත්ත ඒවා. කන්න එපා හොඳේ...
අපි හිතුවේ මේ ආණ්ඩුවෙන් ඔක්කොම ඉල්ලපුවා ලැබිලා නිශ්ශබ්දව ඉන්නවා කියලා. අපොයි දෙයියනේ ආයෙමත් බැහැලා තියෙන්නේ පාරට. ගෝඨාගෙන් හම්බුවෙයි හොද ශිෂ්‍යත්වයක් .
රජයට බලකරලා ඉල්ලනවා කියන්නේ මෙරටේ මහජනතාවගෙන් බලෙන් ඉල්ලනවා කියාලයි. බලකරලා ඉල්ලන්න දෙයක් නැහැ. මහජනතාව දේවි. තමුන්ගේ උපාධිය ලැබෙනකල් නොමිලේ තමුන්ට උගන්වන්නෙත් මෙරට මහා ජනතාවයි. ඊට කලින් ජනතාවට රටට තමුන් මොනවාද කරන්නේ කියාලා කියාලා ඉන්න. එහෙම නැතිව රටෙන්ම ඉල්ලන එක තමුන්ට හොඳ මදි.