(සෙනරත් බණ්ඩාර)
සම සෞඛ්‍ය පිඨ සිසුන්ට සායනික පුහුණුව සදහා රෝහල් ලබා නොදීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පිඨ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක් කළේය.
සුභසාධක ගැටළු රාශියක් සදහා විසදුම් ලබා නොදුන්නැයි ද විරෝධතාකරුවෝ කියති.
අලුතින් ඉදිකළ පොදු ගොඩනැගිල්ලේ සිවිලිම සිසුවෙකුගේ හිස මතට කඩාගෙන වැටුන බවත් වසර හතරේම සිසුන් පොදු ගොඩනැගිල්ලට පැමිණිය හොත් සිසුන්ට එය ඉඩ මදි වෙන බවත් විරෝධතාකරුවෝ පවසති.
ලබා දී ඇති සායනික පුහුණුවල ප්‍රමිතියක් නොමැති බව එම සංගමයේ සභාපති මනෝජ් විජේසිංහ පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ.වී.පේ හා අන්තරය රටේ අධ්‍යාපනය කාදමනවා. මේවා පාරට බහින්නේ නැතිවම සමතයකට පත්කර ගන්නම බැරිද?
බලනකොට ප්‍රමිතිය නැති ර ජයේ විශ්ව විද්‍යාල තියනවනේ. කව්ද එතකොට සායනික පුහුණුවට ඉඩ දෙන් නැත්තෙ. ඔන්න බළලා මල්ලෙන් පනින්නයි හදන්නේ.
අහවල් කට්ටිය තමයි මෙයාලගෙ සායනික පුහුණුවටත් හරස් කපන්නෙ.
සයිටම් වහපියව්. සම සෞඛ්‍ය සිසුන් කට වහපියව්
මේ සිසුන් ඉගෙනගන්නේ ඉඩ කඩයකද? නැත. ඔවුන්ට සායනික පුහුණුව ලබාදීමට අකුල් හෙලමින් සිටුන්නේ කවුරුන්ද? GMOA දොස්තර නඩය. GMOA කට්ටියට තිබෙන අමාරුව තීරණය කීරීම මෙය කියවන ඔබට බාරය.
ළමයි හැමදා උදේ 5.30 ට කුරුණෑගල යනවා හවසට එනකොට 6.30 වෙනවා . සමහර ළමයින්ට කොළඹ ගිහිල්ලා සායනික පුහුණුව ලබාගන්න වෙනවා. එ්කට ගොඩක් මුදලක් වැයවෙනවා. ලංකාවේ දෙවෙනි තැනට විශාලම රෝහල නුවර තියෙනකොට එ් දිහා බලාගෙන ඉගෙන ගන්න තියෙන කාලෙත් නැතිකරගෙන දුක් විදින අසරණ ළමයි පිරිසක් වෙනුවෙන් නුවර පේරාදෙණිය රෝහල් සායනික පුහුනුව ලබාදෙන්න
ලබාදී ඇති සායනික පුහුණව ප්‍රමිතියක් නැති නම් ඉතින් අහිංසක රෝගී ජීවිත අනතුරේ නොහෙලනු.
ලබාදී ඇති සායනික පුහුණව ප්‍රමිතියක් නැති නම් ඉතින් සයිටම් වගේම මේකත් වසා දමනු.
රෝහල් ලබා නොදීමද, එහෙම නැත්නම් නුවරයි පේරාදෙණියයිම ඉල්ලලද? වෛද්‍ය සිසුන්ට වෛද්‍යවරුන් තනා දුන් විවේක කාමරම ඉල්ලා අරගල කරන්නේ කුමන හේතුවකටද? මොවුන්ට අවශ්‍ය සායනික පුහුණුව නොව වෛද්‍ය සිසුන් සමග ඇති ඇරියස් පියවා ගැනීමයි.
ළමයි හැමදා උදේ 5.30 ට කුරුණෑගල යනවා හවසට එනකොට 6.30 වෙනවා ඇයි ඒවායේ සායනික පුහුණුවට යන වෛද්‍ය සිසුන් වගේ බෝඩ් වෙලා ඉන්න බැරි තරමට සමසෞඛ්‍ය කට්ටිය ඉන්නේ උඩින්ද?