(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සහ වනජීවී අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සංචාරයට බාධාවක්ව තිබු දෙබර කුඩු බදාදා (24) රාත්‍රීයේදී ඉවත් කෙරිණ.
උද්භිද උද්‍යානයේ තල්ගස් පේලියේ දිරා ගිය අතු එක්කර බැඳ තිබූ මෙම දෙබර කුඩු එහි නිලධාරින්ටද විශාල ගැටළුවක් වී තිබිණ.
නියෝජ්‍ය උද්‍යාන අධ්‍යක්ෂවරිය විසින් ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානයෙන් කරන ලද ඉල්ලීමක් මත එම සංවිධානය විසින් දෙබර කුඩු ඉවත් කරනු ලැබීය.
බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් බණ්ඩාර තබවිට , මහින්ද විජේසිංහ යන මහතුන්ගේ මෙහෙයවීමෙන් එහි තාක්ෂණ ශිල්පී නුවන් කීර්ති මහතාගේ නායකත්වයෙන් විදුලි බල මණ්ඩලයෙන් සපයන ලද දොබකරයක අධාරයෙන් අඩි 100ක් පමණ උස තල්ගස් වල තිබු මෙම කූඩූ ඉවත් කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරියේ සිටි දෙබරුන් සී සී කඩ එලවා කල දරුණු අපරාදයේ ප්‍රතිපල තමයි මේ
ඉවත් කලේ කොහාටද?
පලවෙනි පරිච්ඡේදය කියවා තේරුම් ගන්න... හොඳ වෙලාවට ඔය ඇමති නිරීක්ෂණයකට ආවේ... ලැජ්ජා විය යුතු කරුණක්.....
මිනිසුන් ගැවසෙන තැන්වල ඇති දෙබර කූඩු ඉවත් කිරීම මිනිසුන්ට මෙන්ම දෙබරුන්ටත් හිතකර දෙයකි.
නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට... කෙසේ වෙතත්, වනජීවී අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සංචාරයට ඇනපු නිසා ඉක්මනට සිය වාසභවන් වලින් මේ අහිංසක සතුන් පිට කර දැමීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දී සිටිමු. ඇන්නම ඉදිමෙන්නේ, රිදෙන්නේ ඇමතිවරුන්ට විතරද? උද්භිද උද්‍යානයේ තල්ගස් පේලියේ දිරා ගිය අතු ඇමතිවරයාගේ සංචාරයට පෙර කපා ඉවත් කළානම් මෙවැනි සංදර්ශනයක් බලන්න තිබුණු අවස්ථාවක් නැතිවී යන්න තිබුණා නේද? ඒකෙත් නඩත්තු මන්දගාමී විදියට යනවා වගෙයි! මේ කුඩා සතුන්ගේ දෙබර කූඩු එහි නිලධාරින්ට මෙතරම් විශාල ගැටළුවක් වී තිබුනා නම්, මීට වඩා ලොකු ප්‍රශ්නයක් ආවානම්, කවර කතාද? එහෙනම් උද්භිද උද්‍යානය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි නියෝජ්‍ය උද්‍යාන අධ්‍යක්ෂවරිය විසින් කඩිනම් තීරණයක් ගන්නවා නියතයි !!!