‘මහින්ද පැරදුණානම් යන්න ඕන නම්බුකාර විදියට, මම ගියා. මෙයා ආයෙ ඉල්ලනවා. අනේ මටත් ටිකක් දෙන්න. මොකක්ද මේ. වැඩ කරන්න ඕන නම් ඇවිත් ඔළුව නමාගෙන වැඩ කරන්න.‘ යනුවෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගම්පහදී පැවැති රැස්වීමකදී කීවාය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා කියලා සමහරු කියනවා. අපේ පක්ෂය දෙකට බෙදිලා නැහැ‘ යනුවෙන්ද කුමාරතුංග මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළකම් කාට වුණත් පළදෙනවා (නි)
රාජපක්ෂ රජය සමයේ කළ දූෂණ ගැන මේ වනවිට පරීක්ෂණ ආරම්භ කරලනේ තිබෙන්නේ.... (නි)
රේණුකා ඔයාගේ දේශපාලන අදහස් මෙතන ඔයිට වැඩිය වැදගත් විදියට ලියන්නකෝ. මුඩුක්කුවක අයවත් ඔහොම ලියන්නේ නැහැ. ඔයාගේ පක්ෂේටත් ලැජ්ජයි. (ස)
බිමල් කියන්නේ ඇත්ත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ ජාතිකත්වයයි. ජාතිකත්වය සොයන ශ්‍රී ලංකා පාක්ෂිකයෝ හැමෝම මහින්ද මහත්තයා වටේ එකමුතුවෙලයි තියෙන්නේ. (නි)
අපි නම් මේවට කියන්නේ මහින්ද හීතිකාව කියලයි! (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තනතුරු වලට රටත් පක්ෂයත් පාවාදෙන උදවියවත් නායකත්වය පික්පොකට් ගැසූ කෙනෙක්වත්, පක්ෂයේ ජාතිකත්වය නසන්නට තැනූ වෑයමක්වත් නොවෙයි. ජාතිකත්වය අගයන ගම් මට්ටමේ පාක්ෂිකයන්ගේ එකමුතුවයි. එය බෙදී නැතුවා පමණක් නොවෙයි වඩ වඩාත් ශක්තිමත්ව මහින්ද වටා එකමුතුවෙමින් පවතියි. (නි)
රේණුකා කියන කෙනා වැඩ කරන්නේ මැදමුලන ලොන්ඩරියේ නැති නම් කුස්සියේද කොහෙද. එහෙම තැනක තමයි කාන්තාවන් ඔය විදියට වියත් සභාවක කතා කරන්නේ. (ස)
ඇයි ඔච්චර බය? (නි)
රටේ කොතනද අදිවේගී මාර්ගයක් හදන්න පොලව හෑරුවේ එතන නිදානයක්. රටේ කොතනද දැයට කිරුළක් තිබුනේ එතනත් නිදානයක්. වටේට වට කරගෙන පොලව හාරනවා. පළාතේ පොලිසියටවත් ඇතුල් වෙන්න බැහැ. ඉන්දියන් පුසාරියෝ එනවා යනවා. සැප වාහන වලින් ආරක්ෂකයෝ පිරිවරාගෙන බබිලා එනවා යනවා. නිදානය ගොඩ ගන්නවා. වස් දොස් යන්න කියල පුසාරියන්ගේ උපදෙස් මත එ්කේ කුඩු ටිකක් කැළණි ගගට දානවා. අපේ මෝඩයෝ මහින්ද නිසා ගංගා වලින් රත්තරන් මතු වෙනවා කියල පින් දෙනවා. කාට කියන්නද? (නදී)
පසුගිය පාලන සමයේ ආයතන වල රජකරගෙන දේශපාලනය මුවාවෙන් ගසා කාපු, තනතුරු ගත්තු අයට තමයි මේ පරාජයෙ දුක වැඩියෙන්ම දැනෙන්නේ. අනික් මිනිස්සුන්ව පාගගෙන සදාකාලිනව වැජඹෙන්න පුළුවන් කියලා හිතාගෙන හොරකම නිතිගත කරගෙන බදාගෙන කාපු අය තමයි වැඩිපුරම දගලන්නේ දැන්. (ස)
සොපී, ඔහේගේ දේශප්‍රේමී නායකයෝ බඩේ අමාරුවක් හැදුනත් දුවන්නේ,හොරා කාල පැනල යන්නෙත් අධිරාජ්‍යවාදයේ රටවල් වලටනේ. ඒ මොකද? අනේ මෝඩයෙක් වගේ දොඩවන්න එපා.(නදී)
මේ රේණුකා ඇත්තටම ගැහැණු කෙනෙක්ද නැති නම් ගැහැණු නමින් ලියන පිරිමියෙක්ද ? වැදගත් ශීලාචාර කාන්තාවකට ගැලපෙන භාෂා විලාශයක් නැහැනේ. ඒකයි ඇහුවේ ? (ස)
තිලක් -ඩුබායි, ඔයා මොන බැංකුවේද වැඩ කරන්නේ? ඒ සල්ලි තැන්පතු වල විස්තර දෙන්න. මේ සල්ලි නැති වෙලාවේ වියදමට ගන්න පුළුවන්.තිලක්, ඩුබායි ඉන්නේ නැතිව මෙහෙ ඇවිල්ලා පරීක්ෂණ වලට උදව් කරන්න. (නි)
මහින්ද මහත්තයා නැත්නම් අද අපිට ඉන්න රටකුත් නැහැ (නි)
තමන් පැරදුන බව පිළිගන්න තරම් නායකයෙක් නිහතමානි වියයුතුයි. (නි)
කනිෂ්ක මහත්තය 2009න් පස්සේ ලංකාවේ ඉපදුනු මුණු පොතේ හාදයෙක් වගේ..ඔබ තුමා දන්නේ නැති මේ රටේ ඉතිහාසය ලජ්ජා වෙන්නේ නැතුව අම්ම තාත්තාගෙන් අහල දැන ගන්න..මහින්ද මහත්තය නැත්නම් වෙන පෙරහැරවල් කොහොම වෙතත් ඔයාල අපිට අවමගුල් පෙරහරක්වත් යන්න ලැබෙන්නේ නැහැ මර බිය නැතුව..කනිෂ්කල ඩුබායි තිලක්ල සිල්වල වගේ ගුණමකුවන්ට මරබිය නැති රටක් බිහි කරලා දීපු වරදටනම් මහින්ද මහත්තයට මඩු වලිගෙන් තලන්න ඕන..(බ)
එතුමාගේ ඔළුව නම් නවන්න අමාරුයි ටිකක් (නි)
ලෝකයේ හැම රටකම වුණ දෙයක් තමයි අපේ රටෙත් වුණේ. ඒත් දෙවියනේ මේ මිනිස්සු කරන කෝළම් දැකලා හරිම පුදුමයි. රටට කළ විනාශය කියනවා,ඇහෙනවා,පෙන්වනවා. ඒත් මේ සමහර මිනිස්සු මහින්ද අගමැති කරන්න හදනවා. මේ වගේ අය හින්දා තමයි අපේ දරුවෝ දුක්විඳින්නේ (නි)
ප්‍රභාකරන්ට ජාතිය ඔළුව නමන එක නතරකර ජනමතයට ඔළුව නමන එක වරදක්ද? (නි)
මම හිතන්නේ බැංකුවක වැඩ කරන්න ඕනෑ නැහැ ජනහිත ඕක තේරුම් ගන්න. එදා ඒ අය ජීවත්වුණ විදිය අපි ඇස් දෙකට දැක්කනේ. එහෙම ජීවත්වෙන්න, ඡන්දෙට ප්‍රකෝටි ගණන් වියදම් කරන්න, සල්ලි මැව්වේ නැහැනේ. රටේ සල්ලි තමයි පිල්ලි ගියේ. (නි)
මෙයා දිනලද, පිස්සුවන් වගේ දොඩවන්නේ. (බ)
මම හිතන්නේ අපි කැමති පක්ෂය දිනවන්න නෙමෙයි, රටට හා ජනතාවට වැඩක් වන පක්ෂ දිනවන්න හා ඒවායේත් වැරදි ඇත්නම් නිවැරදි කරගැනීමට බලකිරිමයි ජනතාව විදියට අපි කරන්න ඕනෑ. (නි)
රේණුකා ඔයා හරි යන්නේ ඔයාගේ ලොක්කාගේ ඊළඟ රැලියේ මිනිස්සුන්ට මඩ ගහන රාජකාරියට . ඒ තරම් අප්‍රසන්නයි ඔයාගේ ගැහැණු කෙනෙකු වශයෙන් කතා කරන විලාශය. (බ)
ඡන්දයක් ආවාට පසු බලමු කවුද කියලා (නි)
රේණුකා, මේක මහින්ද මහත්තයාගේ මැතිවරණ වේදිකාව නෙවෙයි. වැදගත් උගත් මාධ්‍ය සභාවක්. ඔයාගේ කට නම් අන්තිම සවුත්තුයි. (ස)
රේණුකා ඔහොමද ඔයගොල්ලන්ගේ පක්ෂයේ කාන්තාවන් සභාවක කතා කරන්නේ. ? අපි මෙච්චර කල් හිතුවේ අර සුප්‍රසිද්ධ කට හොඳ නැති පිරිමි දෙතුන් දෙනා විතරයි ඒකේ සාමාජිකයෝ කියලා. (ස)
තිලක් ඩුබායි මිනිසුන්ට මිලියන ගණන් වංචා කරලා බැංකු වලට ආයතන වලට පොලු තියලා දැන් ඩුබායි වලට පැනලා ලංකාවට බැන බැන සැපසේ ඉන්නවා වගෙයි මට නම් පෙනෙන්නේ.කාගෙන් බේරුණත් හෘද සාක්ෂියෙන් බේරීමක් නැහැ මහත්තයෝ.ලබන ආත්මේ කෙලින්ම අපායේ තමයි.පුලුවන්නම් ලංකාවට ඇවිත් පෙන්වන්නකො.මොන පාලනේ තිබුනත් ගුවන් තොටුපළෙන් කෙලින්ම හිරේට තමයි. (නි)
බොහොම කැතයි රේණුකා නෝනාගේ කතා විලාසය . දේශපාලන අදහසක් කාන්තාවකට ඔයිට වඩා ශීලාචාරව ලියන්න බැරිද ? (ස)
රටේ තිබුණු ලාබ ලබපු ආයතන සියල්ලෙන්ම මුදා කාබාසිනියා කරලා දෙන්න ඕනේ හැම දොළ පිදේනියක්ම දීල,ගහක් ගලක් ගානේ වැඳගෙන ඉන්න ෆොටෝ ගහගෙන,මහන මැෂින්,ඔරලෝසු,පිගන්,සිල් රෙදි "අපේ මුදලින් බෙදලයි" මහින්ද ලක්ෂ 58ක් ගත්තේ.දැන් අවොත් ලක්ෂ 10යක් ගන්නවා බොරු. (බ)
ඒකට යටින් සුදු කොඩි කතාවත් දැම්මනම් අනාගත පරපුරට තම දේශපාලන අභිමතාර්ථ සදහා ජයග්‍රහණ සමග රට දැය පවා දෙන්නන් ගැනත් වැටහීමක් ලබා ගන්න පුළුවන් වේවි තීක්ෂණ මහත්තයෝ....(ස)
පුත්‍රයාට පාර කපන්න අර්ජුන රණතුංගව පාවිච්චි කරන්න එපා (බ) .
තිලක් ඩුබායි කියන පුද්ගලයා මහින්ද භීතිකාවෙන් පෙලෙන මහින්දට වයිර කරන අයෙක්.කොච්චර උගත්ද ඔබ? ඇයි ඩුබායි වල ඉන්නේ? මානසික රෝහලකද වැඩ කරන්නේ? (ස)
දේශපාලනයෙන් වාසි ගන්න හා දේශපාලනය නිසා ජීවත් වෙන මිනිස්සු තමයි වැඩිපුරම දේශපාලනය ගැන තැවෙන්නේ. තමන්ගේ අතේ පයේ මොලේ බලෙන් ජීවත් වන අයට නිහඩව ඡන්දෙන් තම මතය ප්‍රකාශ කරනවා විනා මේ වගේ කොකු විසි කර කර රන්ඩු වෙන්නේ නැහැ. රන්ඩුවීමත් නුගත් බවේ කැඩපතක්. (ස)
අප රට බේරා දුන් අප නායකතුමාට අගෞරව කරන්න එපා (බ)
තිලක් ඩුබායි වල මොනාද කරන්නේ? (ස)
රේණුකා මේක වැදගත් උගත් සභාවක්. මැද මුලන බජාර් එක නෙවෙයි. කරුණාකර වැදගත් විදියට වචන පාවිච්ච් කරන්න. මහින්ද මහතාට පක්ෂව හෝ විපක්ෂව අනිත් හැමෝම ශීලාචාර විදියට තමයි මෙතන ලියලා තියෙන්නේ. (ස)
තිලක් -ඩුබායිට මොකක් හරි අසනීපයක්ද කොහෙද? (ස)
"රාජපක්ෂ පවුල් වනාන්තරය' සහ "හොර කල්ලිය" විසින් රටට කරලා තිබෙන විනාසයෙන් රට ගොඩ ගන්න තව අවරුදු 100 යක් ගත වෙලත් බැහැ. (බ)
පිවිතුරු යහපාල වගේ ප්‍රශස්සති ගායනා කරපු අය සිටීමත් මහින්ද මහතා පරාදවීමට එක් හේතුවක්. එතුමා හිතුවේ කරපු හැම දේම හරි කියලා. වැරැද්දක් හදා ගන්න දුන්නෙ නැහැ යහපාලලා වගේ අය. තමන්ගෙ වාසියට බොරුවට පිම්බුවා විතරයි. (ස)
කඳ බඩ මහත කල්ල කපටි දේශපාලඥයො හැඳිගෑවිලා ගිහිල්ලා, රටට වැඩක් කරන, හොරකම් නොකරන, උගත් මිනිසුන්ට බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. (ස)
මෙයා අවුරුදු 10 ක් ම රටට මුකුත් කළේ නැහැ. ශ්‍රී ල නි ප ය මෙයාට අයිතියකුත් නැහැ. බලෙන් සෙට් වෙන්න එනවා. තාත්ත ගේ බූදලය කියල හිතාගෙන ඉන්නේ. මෙයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුනේ නැහැ. 3 පාරට ඉල්ලුවානම් පරාදයි. පවුලේ අයගේ සමගියකුත් තිබුනේ නැහැ. අම්මත් එක්ක තරහයි. මල්ලිත් එක්ක තරහයි. අක්කත් එක්ක තරහයි. මහත්තයාගේ පවුලේ කිසි කෙනෙක්ට කැමති නැහැ. ඉතින් මෙයා කොහොමද රටට ආදරේ වෙන්නේ? (බ)
පිවිතුරු යහපාලටයි තිලක් -ඩුබායි දෙන්නාටම එකම අසනීපය කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මුට්ටිය කේතලේට කිව්වලු උඹ කලුයි කියල. චන්ද්‍රිකා මැඩම් විධායක සභාවට එන්නේ නැතිව ඉන්න තිබුන බල තණ්හාවක් නැත්නම්. අන්න එහෙම ඉඳලයි කේතලේට කලුයි කියන්න තිබුනේ. දැන් ඔබතුමියත් කලුයි. (ස)
නීතියක් රීතියක් කියල තිබෙන රටකනම් රටට කරලා තිබෙන "අහස පොලව නුහුලන අපරාද" වල හැටියට රාජපක්ෂලා ඉන්න ඕනේ මහා ගෙදර යකඩ කුරු ගණන් කර කරයි. (බ)
මට නම් හිතෙන්නේ තිලක් -ඩුබායි කියන්නේ අමුතුම චරිතයක්. එයා වෙලාවක් අවේලාවක් නැතුව මේ හැටි කඩේ යන්නේ ඒක තමයි! (නි)
රේණුකා ඔයා නියම මැදමුලන චන්ඩි නෝනා කෙනෙක් වගේ තමයි කතාව. ! කිසිම වැදගත් හික්මීමක් ඒ වචන වල නැහැ. (ස)
මෛත්රී මොකට තව ඉවසන් ඉන්නවද මන්ද අපේ මහජන මුදල් ටික රාජසන්තක කරලා,වරද කරුවන් අවරුදු 20ක් විතර හිරේ යවන්නේ නැතිව.(බ)
රේණුකාට කසාදයක් නම් කරගන්න වෙන්නෙ නැහැ ඔහොම කතා කළොත්. මිනිස්සු දුවයි. දැනට විවාහ වෙලානම් බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. හස්බන්ඩ් දාලා යන්න බැරි නැහැ ඔයා කතා කරන විධියට. (ස)
චන්ද්‍රිකා මැඩම් වැදගත් විදිහට දෙපාරක් ජනාධිපති වෙලා ඉදල ගෙදර ගිය.පැරදිලා ගිහින් නැවත එන්න දැඟලුවේ නෑ (බ)
තිලක් -ඩුබායි ඉඳන් මරු කතා කියවනවා. (ස)
රේණුකා නෝනා ඔබතුමි බැරි වෙලාවත් අර කට හොඳ නැති දේශපලුවෙකුගේ සහෝදරියක් එහෙම නෙවෙයි නේද ?ඔබතුමිගේ මන බන්දනිය කන්කළු සුමධුර වාග් විලාශය නිසා මම ඇහුවේ. (ස)
මේ පාර මහින්දගේ ජයග්‍රහණය නවත්වන්න කාටවත් බෑ (බ)
තිලක් ඩුබායි මම ඉන්නේ ඇමරිකාවේ ,අපිවගේ අය එකතු වුනොත් යහපාලනයට අපේ රටට කිරි ඉතිරෙනවා , අපිට පාට අවශ්‍ය නැහැ. අපිට ඕන හොරකම ,දුෂණය , රටේ වස්තුව ආරක්ෂාව , මිනිසුන්ට ලෙඩ නැතිව ,බඩ ගින්නේ මැරෙන්නේ නැතිව, මහින්ද නැති රට කර ගෙන යාමට , මහින්ද ඕනෑම අයට නාරාහේන්පිට පන්සලට මාසයට සැරයක් ගෙන්වන ලෙසට පොරොන්දු වෙනවා. (ස)
දැන් ඔය ගිය කෙනා නෙමේද ආපහු ඇවිත් ඉන්නේ.. බලයට කැමැත්තක් නැතිනම් මොකටද විධායක සභාවෙ ඉන්නේ. මෙයාට තරම් බල තණ්හාවක් කිසි කෙනෙකුට නැහැ. (බ)
මුඩුක්කුවක හැදිලා තියෙන්නේ කවුද කියල පේනවා මේ චන්ද්‍රිකා ළමාතැනී කියන සහ කරන දේවලුත් ඇයට පවන් සලන ඇයගේ කේවට්ට නඩේ පළ කරන කොමෙන්ට්ස් වලිනුත්. ඒ අයට මේ කුල කාන්තාවයි කියාගන්නා මිනීමරු ප්‍රභාකරන්ට මහත්මයා යයි කියන කෙනෙක් බව නොපෙනෙන්නේ මන්ද? (බ)
පිවිතුරු යහපාලගේ නම යහපාල වුනාට එයාට යහපාලනේ පෙන්නන්න බැහැ වගේ. අැයි එහෙම වුනේ? (ස)
මහින්ද බලයට අාවේ කොහොමද කියල කට්ටියට අමතක වෙලානේ.(බ)
මැඩම්ගේ කතාවනම් එලම කිරි.(බ)
කරුණාදාස මහත්මයට තමයි හරියටම ලෙඩේ අහුවුනේ. කටට සිනි ටිකක් දාන්න වටිනවා. ඇත්තම ඇත්ත. (ස)
සුමුදු හේවා දැන් රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් කුඩු ගෙන්වන්නේ නැති නිසා කුඩු හිගයක් තියෙනවා නේද? (බ)
ලලිත් හරි. (ස)
රාජපක්ෂවරු රටේ ගසා කාපු ධනස්කන්දය රැක ගන්නයි දැන් එන්න හදන්නේ.දැන්වත් නීතියක් තියෙන රටක් කියල පෙන්වන්න.කම්බා හොරුන්ට,මෙගා හොරුන්ට දැඩි දඩුවම් දීල ගසා කාපු සියලු ධනස්කන්ධය රාජසන්තක කරන්න.ඒ මුදල් වලින් අසරණ ජනතාවට සහන සලසන්න. (බ)
මහින්ද හීතිකාව. (ස)
මේ ඔබලාගේ අවසාන වාරයයි. අපේ රජුමා ආයේ එනවා (බ)
ගම රට වැනසුනත් එකයි......අපි හෙට නැති වුණත් එකයි......අපි බැලුවේ එකම එකයි......වැලට මැස්ස හදන එකයි......රටේ ජාතික ධනය අයතා ලෙස පරිහරණය කල හා එසේ කිරීමට අනුබල දුන් අයව නැවත කරලියට ගේන්න දඟලන අයට මට කියන්න තියෙන්නෙ මෙයයි. (ස)
රේණුකා පත්තර වලට ලියන්නේ මෙහෙම නම් ඇත්තට කතා කරන කොට කොහොම ඇද්ද? (ස)
යනවා නම් ඔය දෙන්නම යන්න ආයේ එක්කෙනෙක් විතරක් ඔය කියන එක්කෙනා නිදා ගත්ත මීසම් වැඩ කළාද? (බ)
මහින්දට දුම්මල ගහලවත් එලවන්න බෑ. (ස)
තමන්ගේ මව එපා වුන කෙනාට මහින්ද එපාවීම අරුමයක් නොවේ. (බ)
බුදු අම්මෝ මෙන්න ආයිත් රේණුකා ලියලා. පොඩි ළමයින්ට නම් බලන්න දෙන්න එපා. (ස)
මහින්ද මහත්තයට තියෙන ජනප්‍රිය බව ඔබතුමියට නැහැ.අපිට රටක් ඉතිරි කර අද ඔහු පැත්තකට වෙලා, ඉන්නවා.ඔබ තුමිය මහින්දට බයයි, (බ)
මොකද මේ වෙලා තියෙන්නේ. මේකේ ඉස්සර මහින්දට 10% .මෛත්‍රීපාලට 90%. දැන් මහින්දට 99% . මෛත්‍රීපාලට 1%. දැක්කද වෙනස. එ්ක අපි තේරුම් ගන්නට ඕනේ. (ස)
ඔබ තුමිය රට පාලනය කරන කාලයේ අපි මැරී මැරී ජිවත් වුණා (බ)
අනේ තිලක් මහත්තයො.. කෝ ඉතිං හොරකම් කරපුව පෙන්නුවද? ඇල්ලුවද? නිකන් ගැලරියට විහිලු සපයන්න එපා. අපිට මතකයි ඒ කාලේ ඉදල වැඩ කරපු හැටි. (ර)
ලලාරත්න මහතාගේ වැකිය නම් නියමයි. ඇත්තම තමයි. (ම)
මහින්ද භීතිකාව. (ර)
"මහින්ද හීතිකාව" ලෙස ඇතැමුන් මහින්ද මහතාගේ හොඳක් ලෙස දක්වන්න උත්සාහ කලත් මම නම් හිත්නනේ එය එතුමාට හොඳ නැති අර්ථ කථනයක් බවයි. . බිල්ලන්ට, අවතාර වලට, යක්කුන්ට, රාස්සයින්ට, අනක් ගුනක් නැති අයට වගේ අයටනෙ සාමාන්‍යයෙන් බය. (ස)
ධුබයි තිලක්, රාජපක්ෂවරු ගසා කළා තියෙනවනම් ඒවා හොයන්නනේ දැන් ඉන්න අය බලයට අවේ. තවම හොයාගන්න බැරුව දගලවනවා විතරනේ. ඔය එක්කක්වත් ඔප්පු කරගන්න බැරි වුනානේ. ඔයාවත් ඇවිත් හොයල දෙන්නකෝ . (ර)
රේණුකාගේ කමෙන්ට් දානකොට පොඩ් ළමයි පත්තරේ බැලුවොත් ඒක හොඳ නැහැ.(බ)
හා හා චතුරි වගේ අය ඇමරිකාවේම ඉන්න තරමට හොඳයි, ඩුබායි වල, ඇමරිකාවේ කාලයක් හිටියම ලංකාව හොඳ මදි වෙලා ඇති, මෙහෙ එන්න ඕන නෑ, ඔහෙම ඉන්න! (ම)
මහින්ද මහතාගේ පාලන කාලය තුල සිදුවූ සමහර දේවල් ගැන එතුමා කණගාටු විය යුතුය. නමුත්, මම මේ කල්පනා කෙළේ චන්ද්‍රිකා මහත්මියගේ මෙම ඔවදන රනිල් මහතාට නිකමටවත් ආදේශ කලානම් එතුමා විශ්‍රාම ගිහින් දැන් බොහෝ කල්.(ම)
ප්‍රභාත් ඔයාට ගණන් බැහැ කියලා පත්තර වලට ඔප්පු කරලම පෙන්වන්න එපා. (ස)
මහින්ද කියන්නේ යකෙකුටවත් බය නෙති මිනිහෙක්. (ර)
චතුරි, කවුද ඇහුවේ ඔයා ඉන්නේ ඇමරිකාවේද කියල? නිකන් පම්පෝරි ගහන්නේ නැතුව ඉන්නවද? (ස)
රේණුකා ඔයා යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තරනේ දෙන්නේ. මෙතන අය විවේචනය කරලා තියෙනනේ ඔයාගේ කතාවේ අන්තර්ගතය ගැන නෙමෙයි. ඔයාගේ වාග් විලාශය ගැනයි. (ස)
මහින්ද අනිවාර්යයෙන්ම යා යුතුය. (ස)
ඩුබායි තිලක් ඩුබායි වල ඉඳල කෑගහන්නේ. එයාට ඉස්සර ලංකාවේ හිටි අයට තිබු මරාගෙන මැරෙන බෝම්බ බය නොතිබුන නිසා වෙන්න ඇති. මතකද 87 පිටකොටුවේ බෝම්බය, 96 මහබැංකුව, එතකොට ඒකාලයේම දෙහිවල දුම්රිය බෝම්බය. ඒවගේම චන්ද්‍රිකා මැඩම්ගේ ඇහැ කාපු ටවුන්හෝල් බෝම්බය සහ ඩී එස් සේනානායක විදුහල් සිසුනුත් මියගිය කොටුව දුම්රිය හළේ බෝම්බය. උදේට වැඩට ගිය අය හවසට ගෙදර ඒවිද කියලා හිතන්න බැරි කාලයක් තිබුනේ. පහුගිය අවරුදු 5ක් 6ක් තිස්සේ අපි මරණ බය නැතුව ජීවත්වුණා. ඩුබායි තිලක්ට හිතට අමාරු අපේ මරණ බය නැතිවුන නිසාද? (ස)
මැඩම්, දැන් ඔබතුම්ය දින්නද, පැරදුනාද?. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඕන කෙනෙකුට දේශපාලනය කරන්නත්, කතාකරන්නත් පුළුවන්. (ර)
දැන් ඔබතුමියත් විශ්‍රාමිකයි. අනික ජනතාව ඔබව ඉල්ලන්නෙත් නැහැනෙ. ඇයි මේ.? (ර)
ප්‍රභාත් ඇත්ත කියන්න ඔයා සා/පෙල ගණිතය අසමත් නේද? (ස)
රේණුකා මැද මුලනට කඩේ යනවා. ඩුබායි තිලක් ප්‍රභාකරන්ට කඩේ යනවා. අපි අපේ රට වෙනුවෙන් කඩේ යමු. (ස)
සුදු කොඩි බැරි නම් වෛවර්ණ කොඩි උනහම මොකද ? මේ රටේ තිස් වසරක පාපකාරී යුද්ධය ඉවර කරලා. යුද්දේ ඉවර කරලා දුන්නට තෑග්ග හිරබත්. (ස)
හොරකන් ලිහා ගෙන එන කොට අහුවෙයි කියන භීතිකාව හින්දද නැවත ගෙන්න හදන්නේ. (ස)
ඔබතුමියට නෙමේ ජන වරමක් දුන්නේ. (ර)
සිංහලයා වනසන බල පෙරේත දේසපාලනය. කවුරුත් එකයි. දැන් කරන වැඩ ඡන්දයට ඉස්සෙල්ල වේදිකාවල පැවසුවේ නැහැනේ. උතුර සහ නැගෙනහිර හමුදාව මගින් කරගෙන ගිය හෝටල් ටිකෙන් ලැබුන ලාභය වැඩියෙන්ම යෙදවුනේ වීරෝදාර රණ විරුවන්ගේ යහපතට. ඉදිරියේදී වන්නේ කුමක්ද? මහ කොටින් ටෙන්ඩර් මගින් ඒවා ලබාගෙන සිංහලයාගේ විනාසයටම ඒවා යොදවාවී. (ස)
ජනාධිපති කම් කලානම් නැවත විධායක සබාවක ඉන්නේ ඇයි. ගෙදරම ඉන්න පුළුවන්නේ. මහින්ද පැරදුනා . රනිල් පැරදී පැරදී දැන් නිකම්ම අගමැති වෙලා ඉන්නේ. මහින්ද රටට කරපු සංවර්දනය දකින්න අාස නැති උදවිය බොහොමයක් ඉන්නවා.නමුත් JR මහත්තයගෙන් පසු රට සංවර්දන මාවතකට ගෙන ගියේ මහින්ද මහත්තය. අපි නැවත එතුමාව බලයට ගෙන එනවා. ප්‍රභාටත් ඔලුව නාවපු ඔයා ඔලුව නවාගෙන විධායක සභාවට වෙලා තව ටික දවසක් ඉන්න. (ස)
පැරදිලා ගිහින් එන්න දැගලුවේ නෑලු. වැදගත් විදියට ගියාලු. (ර)
දැන් එතකොට මෙයාගේ තියරිය මෙයාට අදාළ නැද්ද ? හිතට එන වචන ලීවොත් මේක පත්තරේ වැටෙන්නේ නැති නිසා කිව්වා කියල හිතා ගන්නකො. (ස)
මැඩම් විහිළු කරන්න නම් එපා. (ර)
ගමේ මිනිස්සුන්ගෙ හඩට කන් දෙන්න. එහෙම අපේ ගම්වල අහිංසක මිනිස්සු ඉල්ලන්නෙ මහින්ද මහත්තය. ඒකට හේතු ගොඩනක් නෑ. කොන්ද කෙලින් තියාගෙන සුද්දට කොන්ද නොනමා රට බේරාගත්ත එක විතරයි. (ර)
පක්ෂයේ පියන් වගේ ඉන්න ද කියන්නේ. (ර)
මහින්ද කියන්නේ වසර 600 කට පසු ලංකාව එක්සේසත් කරපු ලංකාවේ බිහි උන විශිෂ්ට රජවරුන් කීප දෙන අතර විශිෂ්ටයෙක් . (ර)
චන්දෙ තියන්න කෝ. කාටද ඔලුව නමන්න වෙන්නේ කියල අපි පෙන්න්නම්. (ර)
කම්බා හොරුන්ගෙන් සහ කල්ලියෙන් රට රැකගැනීමට චන්ද්‍රිකා මැතිණිය තිරය පිටුපස සිට විශාල කැපවීමක් කළා.ඒ පිනම ඇති. (නි)
තිලක් ඩුබායි ගිහිල්ල මහින්ද මහත්තයගෙන් මොනවද ඉල්ලුවලු මහින්ද මහත්තය කිවුවලු මාව මැරුවත් පැරදුනත් කීයටවත් එකනම් කරන්න බෑ කියල එකයි මේ තරහ. තිලක් මහත්තයෝ ඔයාට තියෙන අසනීපෙට අපේ ගම්වල අය නම් කියන්නේ අපස්මාරේ කියල. (බ)
වැරදි කළ අය ජනතා ප්‍රශ්න වලට පැය 24 න් උත්තර නොදුන්නාට කවදා හෝ දවසක සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලන්න සිද්ධවෙනවා. (නි)
මේ චන්ද්‍රිකා විස්කි බිබී සදාචාරයක් නැති ,අශීලාචාර ,හිස් බස් දොඩන කතක්. මුළු මහත් කාන්තා සංහතියටම නින්දාවක්.රට වෙනුවෙන් කඩේ යනවානම් මෙයාට සුදු හුණු ගාන්න අවශ්‍ය නැහැ. මෙයා මුලින්ම හිටියේ මහජන පක්ෂයේ.තවත් ලජ්ජා නැතිව කතා කරනවා.මෙයා හරියට මේ රටට ආදරය කරන්න මෙයාගේ දරුවන්ට කියා දීල තියෙනවාද?මෙයාගේ පුතා ලාංකිකයෙක් කියන්නත් ලැජ්ජයි කීවාසේ එය මහා ලොකු දෙයක් විදියටත්,ආඩම්බරයි යනුවෙන් එය මහා ඉහලින් පිළිගත් බවත් ඇය පැවසූ බව කට්ටියට මතකද?මේ නායිකාව නිසා රට කොච්චර පස්සට ගියාද? මේවා මතක් කරන කොට කුමන්ත්‍රණ කාරයින්ට හරි අමාරුයි.වලව් කාන්තාවක් නුනත් කාන්තාවක් ලෙස මම මගේ රටට ආදරෙයි. (බ)
අපි කන පාන් කෑල්ලෙන්, පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන්,විදේශ සේවා එකෙන්,යතුරු පැදියෙන් ගසාකන මුදල් පිටරටවල බැංකු වල පුරවන ලද අයට සළකන්න ජනතාවට අවස්ථාව නොදුන් එකේ විපාක දැන් අත්විඳිනවනේ.. (නි)
කාලයක් වතුර ගහල නැති වැසිකිලිවල දොර විවෘත කරපුවම ඉවසන්න බෑ ගඳ. (බ)
ඩුබායි වල පිස්සෙක් පැනල. (ස)
බන්දුල පෙරේරා විවිධ නම් වලින් රාජපක්ෂවරු වෙනුවෙන් අදහස් දැම්මාට ඒ අදහස් සියල්ලම එක වගේනේ. (නි)
රජතුමා මුළු රටම එක්සේසත් කළා, රජ පවුල සතුටින් වැජඹුනා, අපි...? (නි)
රාජපක්ෂවරු නැවත ඕනෑ කියන අය ගැන නම් හිතාගන්න අමාරුයි (නි)
අනේ රණසිංහ, නිනක් එක එක්කෙනා එක්ක එල්ලෙන්නෙ නැතුව ඵලදායක දෙයක් පත්තරේකට ලියන කොට ලියන්නකෝ. අපි ලියන දෙය එක්කෝ රටට වැඩක් වෙන්න ඕනේ. නැත්නම් කාටහරි දැනුමක් ලැබෙන දෙයක් වෙන්න ඕනේ. මගේ මේ ඔවදනිනුත් යමක් ගත හැකියි කියලා මම විශ්වාස කරනවා.(බ)
මහින්දට පින් සිද්ධවෙන්න මේ පුවතට සෑහෙන අදහස් ලැබිලා. (නි)
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා.... (නි)
කොහොම කෑමක් කාලා තියෙනවද කියලා දැන දැනත් අපේ සමහරු තවම මහින්ද පස්සෙන් යනවානේ? (නි)
රට බේරාගත් නායකයා නිසයි ඔබතුමිය වුණත් අද ඔහොම ඔළුව කෙළින් තියාගෙන කතාකරන්නේ (නි)
තීක්ෂණත් එක්ක එකග වෙනවා. සරත් මහත්තයාගේ එම ප්‍රකාශය පාසල් පෙළ පොත් වලටත් ඇතුලත් විය යුතුයි. (බ)
මෙහෙම කතාකරන එකට මාත් විරුද්ධයි (නි)
අපි නවන්න ඕනෑ කට්ටියගේ ඔළුව ගාණට නවන්නම්කෝ ඊළඟ ඡන්දෙදි (නි)
ඒක ඇත්ත. නැවතත් මහින්ද පාලනයකට කැමති වුණොත් කැමති වෙන්නේ අද ඊයේ ඉපදුනු අය තමයි (නි)
කොහොමත් නැවත මහින්ද පාලනයකට නම් ජනතාව කැමති නොවෙන බව ඉර හඳ වගේ ස්ථිරයි (නි)
අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කිය කියා එකිනෙකා මරාගන්නේ නැතිව ඔළුව යොදවල වැඩ කරන්න පුරුදුවෙන්න. කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු සංකල්පෙන් බැහැර වෙලා රට යන දිශාව ගැන හිතලා වැඩ කරන්න බලන්න .දේශපාලකයා කවදත් ඡන්දදායකයා ඇන්දුවා මිසක කරපු දෙයක් නැත. අද ඔය සුදු රෙදි ඇදගෙන මල්වට්ටි ඔලුවේ තියාන නොදුටු දෙවිවරු පස්සේ දුවන්නේ මොනවා බලාපොරොත්තුවෙන්ද එහෙනම්. (බ)
ඔළුව නවන්න ඕනෑ කාගේද කියන එක ජනතාව විසින් තීරණය කරනු ඇත (නි)
අපි නම් ඔය කාගෙ කාගෙත් කෙරුවාවල් ගැන බොහොම හොඳට දන්නවා (නි)
එතුමාට එහෙම ඔළුව නමන්න ශ්‍රීලනිප පාක්ෂිකයින් කවදාවත් ඉඩ නොතබන බව සහතිකයි (නි)
තන්හාය ජායතී සෝකෝ...... කිසි ගේමක් නැතුව තව අවුරුදු 2 ක් ඉඳලා ගරු නම්බු සහිතව විශ්‍රාම යන්න තිබුනා. සාස්තරකාරයොයි, තන්හාවයි එය නැති කර දැමුවා. (ස)
රේණුකා, ඔබගේ ප්‍රතිචාර නිසා මහින්ද ජනපතිතුමාට එතරම් යහපතක් වෙන්නේ නැහැ. එක අතකින් බලනවිට රේණුකා කියන්නේ මහින්ද විරෝධී පිලෙන් දාපු කෙනෙක් වෙන්නත් බැරි නැහැ. මෙතන කමෙන්ට්ස් දාපු වැඩිදෙනා එතුමාගේ නරකට වඩා රටට කල ඉතා විශාල සේවයයි දකින්නේ. එත් මධ්‍යස්ත සමහරුන්ට මහින්ද මැතිතුමා ගැන තියෙන හොඳ හිත අඩුවෙනවා රේණුකා වගේ අයගේ හැසිරීමෙන්. (ර)
එතුමා එහෙම කාටවත් ඔළුව නමන කෙනෙක් නෙමෙයි හොඳේ (නි)
"නහි වේරේන වේරානි" කියලනේ පටන් ගත්තේ අනේ අපිත් රැවටුනනේ බලමුකෝ (දිල්)
මහින්ද මහතා මේ රටට අවශ්‍ය මොකද කියලා දැන් දැන් මිනිසුන්ට හොඳට තේරෙනවා (නි)
ඔබතුමියට ඉස්සර වාගෙම තවමත් වරදිනවා නේද? එතුමා මොකුත් ඉල්ලන්නෙ නැහැ. අපියි එතුමව ඉල්ලන්නෙ. ඔබතුමියටත් එහෙම ඉල්ලුමක් තිබුනා නම් ජනතාවට සේවය කරන්න ඉදිරියට එන්න තිබුණා. (නි)
ඔන්න දැන් යහ පාලනයෙන් හසලක ගාමිණි ගේ පිළිරුව තියෙන තැනින් ඉවත් කරන්න යනවලු , එ්ක දකිනකොට දෙමළ මිනිස්සුන්ට මළ පනිනවා කියල තමයි දඹර අමිල හිමි කියන්නේ. දැන් ජාතික ගීය දෙමළ බසින් යනකොට දඹර අමිලලාට හරි චූන් ඇති ..ඔය දෙන්න පටන් ගත්ත විතරයි (බ)
අපි අපේ දරුවන්ට කියලා දෙන්නේ රටේ සමාජයේ වැදගත් විදිහට ජීවත්වෙන්නයි.කෙනෙක් අපේ දරුවෙකුට හොරෙක් කියලා කියනවා අහන්න අපි නම් කැමති නැහැ.ඒත් අපේ රටේ සමහරු පොඩි එකාට කියලා දෙන්නෙත් රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසකන්නත්,එම මුදල් සාක්ෂි නැතුව ආරක්ෂා කරන්නත්. (නි)
දැන්වත් කෑගහන්නේ නැතුව ඉන්නකෝ (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ මාන්නෙ නිසා තමයි හැමදේම නැති වෙන්නේ. මෙතන සමහරුන්ට තරහ ගිහින් තියෙන්න ඔළුව නමන්න කියපු එකට. වැඩ කරන කොට ඉබේම ඔළුව නැමෙනවා මිනිසුනේ...(දිල්).
රටේ වීරයා මහින්ද අති බහුතරයේ රජා මහින්ද. (ර)
අනේ ඩුබායි තිලක්, ඔයා පව්! මේ කතා ඔක්කොම ඔයා කෑම අහේනියෙන් ඉඳිමින් විකාරෙන් කියවපුවා වෙන්න ඇති නේද? (නි)
ඒ කාලේ දැන් මිනිස්සුන්ට අමතකවෙලා කියලා හිතනවා ඇති නේද? (නි)
පළාත් පාලන ටික ඔක්කොම තිබුණා .පළාත් සභා ටික තිබුණා පාර්ලිමේන්තුව තුනෙන් දෙක තිබුණා .ඇයි ඡන්දෙට ගියේ පැරදුණා නම් අනිත් අයට අවස්ථාව දීලා පාඩුවේ ඉන්න ඕන .(දිල් )
චන්ද්‍රිකා මහත්මිය කියන්න තියෙන සත්‍යය දේ කෙලින්ම කිව්වා. (දී)
මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ යුද්ධය දිනපු එකට අපි රටවැසියන් වශයෙන් ඔහුට ගරුකරනවා. නමුත් 2010 පස්සේ ඔහුගේ පවුලේ අය සහ සහචරයන් අපේ රටේ ජාතික ධනය මංකොල්ලකමින් සිදුකළ පාලනයට සහ ඔහු විසින් 2005 දී සහ 2010 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් ඡන්ද පොරොන්දු කඩකරමින් තුන්වෙනි වරටත් ජනධිපති වෙන්න පුළුවන් විදියට ව්‍යවස්ථා වෙනස් කිරීම ගැන ජනතාව සිටියේ සතුටින් නොවේ. එමනිසා තමා ඔහුව ගෙදර යැවීමට ජනතාව පෙළගැසුනේ. රුපියල් 117ට ගන්න පුළුවන් පැට්‍රල් ලීටරයට අපි ඔහුගේ කාලයේ රුපියල් 170 ගණනක් ගෙවුවේ ඔහුගේ පාලනයේ දුර්වලකමින්. නැවත එම යුගයට යාමට අපට අවශ්‍ය නැත. දැන් ත්‍රස්තවාදී යුද්ධය අවසන් වී ඇත. ආර්ථික යුද්ධය ජයගැනීමට දේශපාලන නායකයන් සොයාගත යුතුය (නි)
තිලක් ඩුබායිට මොළේ විරේකයක් ඕනේ වෙලා තියනවා වගේ. (බ)
ලංකාවේ අයට අමතකවෙලාද මහින්ද ආවොත් ලංකාවට වෙන දේ? අනුනමයෙන් ගිය පාර රට බේරුනේ (නි)
තිලක්ගෙන් ඇහුව නම් දුෂණ වංචා ටික හොයා ගන්න දින 100ක් යන්නේ නෑ (බ)
මහින්ද පරාදයි. ඒ නිසා දැන් පැත්තකට වෙලා ඉන්න ඕනෑ. දිනපු මිනිස්සු වැඩ ටික කරලා පෙන්වනතුරු ඉවසන්න.ඒ කාලේ කළ දුෂණ, වංචා, කුඩු, එනනෝල්, හොරකම් මැරකම් ඔක්කොම ඉදිරියේදී හෙළිවේවි. හැම දෙයක්ම වෙන්නේ ප්‍රජතන්ත්‍රවාදී රාමුව තුළයි. එහෙම නැතුව අර කාලේ නීතිය වගේ නෙමෙයි (නි)
ශ්‍රීලනිප යට තිබෙන ලොකුම හිසරදය කවුද කියලා අපි නම් දන්නවා (නි)
හොඳයි බලමුකෝ එතුමා මහජන මතයෙන් දිනන හැටි? (නි)
හිතුවා මදි අපේ මහින්ද මහත්තයාගේ ඔළුව නමන්න (නි)
සුජීවා ඔයා අන්තර්ජාලයෙන් වෙදකම් කරන කෙනෙක්ද? වැඩකට ඇති දෙයක් ලියන්න නංගි. (ස)
අනේද කියන්නේ සරත්? මහින්ද කියන්නේ යකෙකුටවත් බය නැති කෙනෙක් නම් ඇයි කේන්දරකරුවන්ට ඔලුව නමන්නේ? මේ රටේ ජනතාව ගැන විශ්වාස නැද්ද? (නි)
එතකොට මෙයා මොකද විශ්‍රාම ගිහිල්ලත් මෙතන කරන්නේ. අනිත් එක එයා කව්ද මහින්දට ඔලුව නවාගෙන වැඩ කරන්න කියන්න. ළඟදීම මෙයට මහින්දගාව ඔලුව නවාගෙන දන ගහගෙන ඉන්න වෙන එක නම් ෂුවර්. මහින්ද පක්ෂ කඩන්න හදනවා කියන මෙයා විජය එක්ක මොකද කරේ? ඒ පක්ෂේ කැඩුව නෙවේද? ළඟදීම මිනිස්සු ඉන්නේ මහින්ද එක්කද නැතිනම් පක්ෂේ එක්කද කියල දැනගතහැකි. (ස)
අබේරත්න, අපි අනුකම්පා කරමු නේද? (නි)
තිලක්, මොකද ඔහේ ඉන්නේ? දැන් යහපලානයනේ.මොකට දුක් විඳිනවද මන්දා? (නි)
හොරකමක් දන්නවා නම් මේ කියන ඒවා හැටියට නිකන්ම ඉඳීවී? (නි)
තිලක්, වහාම මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න (නි)
ඔය විදිහට කතා කරන්න ඔබතුමිය රටට කළේ මොනවද?? අඩුම තරමේ තමන්ගේ අාසනේටවත් එකම වැඩක්වත් කළාද?? අපරාදේ 11 වසර විනාශ කළා (බ)
ඔබ තුමියගේ කතාව හරියටම හරි (දී)
ඔබතුමියගේ හිතේ ඇති හැඟීම් ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. (නි)
හමුදාව හිටියේ නැත්නම් අද කවුරුත් නැහැ. (නි)
කේන්ති ගන්න එපා ඔළුව නමන්න ඕනැ අතන නවන්න ඕනැ මොන තරම් උසස් වුනාත් එම කළා කියලා පහත් වෙන්නේ නැ (ම)
උඩ පැන්නොත් බිම වැටේ! (නි)
තිලක් ඩුබායි, එන්න ලංකාවට.යහපාලනය බලාගන්න පුළුවන්..(දිල්)
ශ්රී ලංකා නිදහස් පක්ෂය බේරාගන්න චන්ද්‍රිකා මහින්ද එකතුවෙන්න ඕන. ඒක තමයි ඇත්ත (බ)
මෙයා ඉතින් ගියා කියන්නේ කොහෙද? ගියා නම් ඇයි මේ නැවත ආවේ? (නි)
සිදුකරන්නට ගිය දේවල නොපැසුණු බවක් හා ව්‍යාකූලභාවයක් ඇතත්, ජනාධිපතිවරණයේදී මෛත‍්‍රී ලබාගත් ජයග‍්‍රහණය තුළ රටේ ගොඩනැගී තිබෙන තත්ත්වය පෙර තිබුණු මහින්ද පාලනය යටතේ තිබුණු තත්ත්වයට වඩා යහපත් බවද කිව යුතුය. මහජන නිදහසේ විශාල වර්ධනයක් පෙනෙන්නට තිබෙන අතර රාජ්‍ය පාලනයට අදාළ නාස්තියේ, දූෂණයේ, බොරු ශෝභනයේ හා උද්දච්චභාවයේ කැපී පෙනෙන අඩුවක් ඇතිවී තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. මහින්දගේ කාලයේ නොතිබුණු ලොකු නිදහසක් රටේ ජනතාව භුක්ති විඳින බව පැහැදිලිව දැකිය හැකිය. මීට පෙර ජනතාව අතර පැවති සැඟවුණු බිය දැන් ඇත්තේම නැති තරම්ය. ජනතාව කිසිදු බියකින් තොරව තිබුණු මහින්දගේ පාලනය පමණක් නොව තිබෙන මෛත‍්‍රී පාලනයද පතුරු ගසති (බ)
මහින්ද මහතාට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පවුලේ බුදලයක් කර ගන්න. බණ්ඩාරනායක මහත්තයාගේ පින්තුරත් අයින් කරලා, ඒ දේපල ගැන කතා කරන එකත් තහනම් කරලා කළ හරිය අපි හොඳට දන්නවා. අඩු ගානේ ඒ නිර්මාතෘ ගැන ගුණ කතනයක් කරන්න ඉඩ තිබ්බේ නැහැ. හැම තැනම කිය කියා ගියේ ඒ රාජපක්ෂ තමයි ශ්‍රීලනිපය හැදුවේ කියලා. ඔහොම ගුණමකු කෙනාට පියන් කමවත් දෙන්න වටින්නේ නැහැ තමයි. (බ)
ඩුබායි තිලක්, කරුණාකරලා ගල් පැළෙන බොරු කියලා හිටපු ජනපතිතුමාට ලැජ්ජා කරන්න එපා (නි)
මහින්ද මහතාට ඕන කොහොම හරි අර සෙල්ලක්කාර වගකීමක් නැති නාමල් කුමාරයාව ඊළඟට රජ කරවන්න. අපේ මිනිස්සුන්ට තේරෙන කොට තමන්ගේ ළමයින් ලොක්කන්ගේ බත් බැලයන් බවට පත් වෙලා ඉවරයි. (ස)
පක්ෂයට වැද්ද ගන්න ඕන පක්ෂයට වැඩ කළ උදවිය. මහින්ද මහත්තයා අඩු ගාණේ පසු පෙළේ ජ්‍යෙෂ්ඨයිනට ඉදිරියට එන්න ඉඩ දුන්නද ? (දිල්)
අනේ අපිට මේවා කියන්න එන්න එපා (නි)
ඔළුව නමන්න කියන්නේ වැඩ කරන්න කියන එක. වැඩ කරන කොට ඉබේම ඔළුව නැමෙනවා . වැඩක් නොකරන අය තමා ඔළුව උදුම්මාගෙන අහස දිහා බලාගෙන ඉන්නේ.(දිල්)
මේ වගේ කෙනෙක් මම නම් ජීවිතේටම දැකලා නැහැ (නි)
ඔය රජතුමාව ගෙන්න ගෙන ඊළඟට අර සෙල්ලක්කාර කුමාරවරුන්ගෙන් ඊළඟ රාජ්‍ය සමය ආරම්භ වුනාම අපේ සළු වඩන නිලමේලාට රඟේ තේරේවි. (දිල්)
මට නම් දැන් මහින්දව පෙනෙනකොට ඇඟේ මාළු නටනවා (නි)
මේ නිව්ස් එකට තියන ප්‍රතිචාර බලන්නකෝ. ඒ තරමට මහින්ද මහත්තය තාමත් ප්‍රසිද්ධයි (දිල්) .
අනේ මැඩම්, හරිම කණගාටුයි අපිට මේ කතා ගැන (නි)
මැඩම්ගේ කතාව හරි (දිල්)
හැමදාම බණ ඇහුවට සක්විති රජකම හම්බ වුණත් මිනිස්සු සෑහිමකට පත් වෙන්නෙ නැහැ කියන එක ඔප්පු වෙනවා මේ දේවල් ඇහෙද්දී (දිල්)
ඇයි දෙයියනේ බලයට මිනිස්සු මේ තරම් කෑදර? ඒකේ මොන තරම් දේවල් ඇතිද ඔයාලා අපි නොදන්න. ඒකනේ මෙච්චර දඟලන්නේ බලය ගන්න.(දිල්)
අනේ පව් මෙයා මොනවද දන්නේ කරන්නේ. මෙයට තමා බල තණ්හාව. මෙය තමා යටින් ගින්දර (ම)
උපාලි ඉපදුනේ පහුගිය ජනවාරි 9 ට පස්සෙද ? නිකන් මන්දමානසික කතා එපා, මහින්දගේ කාලේ නොතිබ්බ දැන් තියන අමුතු නිදහස මොකද්ද දන්නේ නෑ,(බ)
ජීවන්, හොඳට නරකට දෙකටම මිනිස්සු ප්‍රසිද්ධ වෙනවා. මෙතනනම් වැඩිපුර අප්‍රසාද නේද? (බ)
"මහින්ද මහත්තය තාමත් ප්‍රසිද්ධයි" කියන එක අහන්නත් දෙයක්ද ජීවන්. තාම පැරදිලා මාස ගානනේ.(බ)
බලන්නකෝ කට්ටියගේ අදහස් ටික... පව් ඉතින් මේ වගේ අයට අනුකම්පා කරනවා හැරෙන්න ඉතින් වෙන මොනවා කරන්නද? (නි)
මහින්ද මහත්තයා කියන්නේ අපිට රජෙක්. දේශපාලන කුහකයෝ මොනවා කීවත්. අපි ජීවත්වෙලා ඉන්නේ එතුමා නිසා. මේ රටේ ආර්ථීකය ඍණ වුනේ ඔයාගේ කාලේ කියලා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහැ. (බ)
තිලක්- ඩුබායි .....තමන්ගේ ඔලුව ඉක්මනටම පරික්ෂා කර ගන්න (බ)
මහින්ද මහත්තයා ඉල්ලන්නේ රටේ මිනිස්සු ගණනින්ම ලක්ෂ 58ක්. එ්ක මෙයාට පෙනෙන්නේ නැහැ වගෙයි (නි)
අවුරුදු 11ක් රට කළා..මොනවද රටට කළේ..යුද්දේ නතර කළාද? ඇගට රටට දැනෙන කුමක් හෝ සංවර්ධනයක් කළාද? වෙලාවට වැඩක් කරන්න බැරි කම්මැලි ගැනියෙක්ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද? මෙයා දැන් මොනවද කරන්නේ.?තමන්ගේ වෛර පිරිමහන්න තමන්ට සෙවන දුන් පක්ෂයට ද්‍රෝහී වෙලා පක්ෂයේ බලය සතුරන් සමග කුමන්ත්‍රණ කරලා බිදලා පකෂයේ දේශපාලන බල අධිකාරිය සතුරන්ට පාවල දීල රාජ්‍ය බලය අහිමි කරවල යුඅැන්පි කාරයන්ගෙන් ගුටි කන තැනට පාක්ෂිකයා පත් කරවපු මේ කුල කාන්තාව සිංහ නාද කියල හිතල මේ පිට කරන්නේ කැනහිල් නාදයක් කියල එතුමියට නොවැටහෙන එක එදා ඉදල එතුමිය ගැන දන්නා අපටනම් පුදුමයක් නෙමෙයි..(බ)
මඩම් 100% හරි ජයවේවා (දී)
යහම්පත්, ඔය කියන්නේ 29 පාරක් පැරදිලත් දේශපාලනයෙන් අයින් නොවෙච්ච රනිල් ගැනද, එහෙම නැතිනම් දේශපාලනයෙන් විශ්‍රාම ගියා කියල එත් විධායක සභාවෙයි අර සභාවෙයි ඉඳගෙන දේශපාලනය කරන චන්ද්‍රිකා මැඩම් ගැනද?? (බ)
තිලක් ඩුබායි ,ඔබලාගේ ඔය මහා ලොකු මැඩම් ගෙදර නොඉඳ රැස්‌වීම්වල ඉන්නේ මොකද? (නි)
පිවිතුරු යහපාල මේ රටේ තියන්නේ දළදා පෙළහරක් මිසක් ලම්බෝගිනි පෙරහක් නෙවෙයි. (දිල්)
කියන විදියට කරන්න නම් අමාරුවෙයි (නි)
මට පේන්නේ රේණුකා කියන්නේ චන්ද්‍රිකා නෝනාට මෙතන බනින්න කාගේදෝ පුද්ගලික කොන්ත්‍රාත්තුවක් ගත්තු කෙනෙක්. එහෙම නැති නම් මොකද්දෝ හීනමානයක් මෙතන පිට කරන්න හදන කෙනෙක්. (දිල්)
මම නම් කියන්නේ මහින්ද නැවත කවදාවත් එන්නේ නැහැ කියලයි (නි)
පක්ෂ පාට බේදයකින් තොරව අදහස් ගොන්නක් පළකොට තිබෙනවා. ඔය යහපාලයි, තිලකුයි සහෝදරයෝද? (නි)
රේණුකා ඔයාගේ ලොක්කා මාර්ග පල ලබලද ? එයාගේ හතර වරිගයේම කිසිම වැරද්දක් නැති නම් ඔයා මේ සභාවේ ඔහොම කතා කලාට කමක් නැහැ. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවා. . කවුද කිව්වා වගේ ඔයාගේ කට හරියන්නේ මැද මුලනටම තමයි (දිල්)
මේ කියන කතාවලට දෙන්න සුදුසු උත්තර මට මෙතන පළකරන්න අමාරුයි (නි)
කවුරු කවුරුත් ජනතාවට සේවය කරන්න මාර විදියට වලිකනවා.. අනේ පව් මුන් ඔක්කොම.. අපිට ආදරේට නෙමෙයි මුන් ඔක්කොම ඡන්ද කරන්නේ.. ඒවා තේරුම් ගන්නේ නැති අහිංසක ජනතාව මුන් නිසා මරාගන්නවා..අන්තිමට මුන් ගොඩ යනවා..අපි රැවටෙනවා.. හිහ් හිහ්.. මහින්ද චන්ද්‍රිකා කියලා වෙනසක් නෑ..දෙකම එකයි..(බ)
චන්ද්‍රිකා නෙවෙයි මට පේන්නේ රේණුකා ෂොට් එකක් දාගෙන වගේ. නැති නම් පියව් සිහිය තිබෙන බවලතෙකුට මෙහෙම අසෝබන ලීලාවෙන් කියවන්න පුලුවන්ද ? ( දී)
කවුරුත් ඒදේම නේද කරන්නේ? (නි)
මහින්ද මහත්තයාගේ සටන මහින්ද මහත්තයා ජය ගන්නවා සිකුරුයි (නි)
එක්තරා චිත්‍රපටියක නිරුවත් රඟපෑමක යෙදුන නිලියෙකුත් ප්‍රසිද්ධ වේදිකාවට නැගලා චන්ද්‍රික නෝනාව පිස්සන් කොටුවට යවන්න ඕන කිව්වාලු. මට නම් රේණුකාගේ නොහොබිනා කට දැක්කම මතක් වෙන්නේ අන්න ඒ කතාව. මෙතැන් චන්ද්‍රිකාගේ කියමනට වැඩිය මතු වෙන්නේ ඔයාගේ අශ්ලීල කතා විලාසය රේණුකා. (ස)
මම කියන්නේ විධායක ජනාධිපතිකමේ අවුරුදු 10 ක් විතර ඉඳලා, සාස්තරකාරයො කියන නිසා හිදිසි ඡන්දෙකෙට ගිහින්, බලයේ ඉන්නැද්දි පැරදුනු ලංකාවේ 1 වැනි ජනාධිපති තුමා ගැනයි. (බ)
මේ හාමු නෝනා , ජරා කතා කියන්න එපා රට බේරගත්ත මහින්ද වීරයාට (බ)
අම්මෝ රේණුකාගේ කට මැදමුලනටම හරි යනවා. එහේ සමහරුන්ගේ තිබෙන හීනමානය තමයි මෙතන මේ පිටවෙන්නේ. (ස)
අපි දන්නවා දැන් කවුරු කවුරුත් ඉන්නේ බයේ කියලා (නි)
ඇගේ වෛරය 111 (අතිශයින්ම වැඩිහිටියන්ට පමණි).මෙයා ගැන හරියට දන්නවනම් බල්ලෝ බත් කන්නෙත් නෑ (බ)
ඉහත බිමල් දැන් අවුරුදු 4ක පටන් මෙහි ලියන මම නෙමෙයි. (නි)
රට බේරාගත් නායකයාට නේද මේ ඔළුව නමාගෙන ඉන්න කියන්නේ? (නි)
පේනවා නේද කතාකරන හැටි? (නි)
රජෙක් වුණත් වැඩක් නැහැ බල තණ්හාවෙන් මිරිකිලා නම්. ඔය ටික කොයි රජාටත් එකයි. ඕක අපේ මිනිසුන්ට තේරෙනකොට බොහොම ප්‍රමාද වැඩියි. (නි)
අනේ අපිට පසුගිය කාලය හොඳට මතකයි. සමහරු කතාකරන්නේ නම් මැරිලා ඉපදිලා වගෙයි (නි)
කිවුවට කරන්න බැහැනේ! (නි)
අපි හැමදෙනාම මේ වෙලාවේ මහින්ද මහතාට ශක්තියක් වියයුතුයි (නි)
අනේද කියන්නේ අශාන් .......මේ අය රස්සාවල් වලට නොගිහින් එක එකාට කඩේ යනවා. ඇඟේ ලේ රත් කරගෙන නිකාන් ලෙඩ වෙනවා. දේශපාලඥයො සුර සැප විඳිනවා. (ස)
බලමුකෝ ඔය කියන දේවල් කරන හැටි (නි)
මිනිස්සුන්ට ඇස ඇරෙන්නේ තමන්ගේ පුතාල ටික කුඩු ගහල ලැම්බෝගිනියට හුරේ දාන, ගෑනු දැරිවියෝ කැසිනෝ වල දෙකයි පනහේ රස්සාවලට යන දවසට. නැති නම් මාළිගාව ඉස්ස්සරහ රේස් යැව්වා වගේ වැඩ කළ කෙනකුට මේ බෞද්ධ රට ආයෙත් භාර දෙන්න හිතාවිද ? දළදා මාලිගාවේ පෙරහැරට කැරොල් කරත්තයක් එකතු කරන්න ගිය පවුල මේ. මෝඩ මිනිස්සු තේරුම් ගන්න කොට පෙරහැර ගිහින්. (බ)
එතුමා නම් එහෙම ලෙහෙසියෙන් ඔළුව නමන කෙනෙක් නෙමෙයි (නි)
සුදේශ්. රජවරු නම් අපිට එපා. මේ කාලෙට රජවරු ගැලපෙන්නෙ නැහැ. අපිට බැහැ රජවරු එනකොට පාරවල් ඉඩදීලා කානුවට බහින්න. පොලොවෙ පය ගහලා ඉන්න මිනිහෙත් තමයි ජනාධිපති වෙන්න ඕනේ. (බ)
මහින්ද මහතාට පක්ෂයේ කුමන තනතුරද දෙන්න සුදුසු, පක්ෂයේ අනෙකුත් උදවියට සැළකූ හැටියට. (නි)
මහින්ද ගේ ළමයින් මෙච්චර බෞද්ධ ඉස්කෝල තියෙද්දී මිෂනාරි ඉස්කෝල වලට යැව්වේ ඇයි කියලා මොලගෙඩි හාරලා හිතන්න මිනිස්සුනේ. ඔය ඔටුන්න හිමි කුමාරවරු මේ රටේ ප්‍රධාන ආගම ආරක්ෂා කරාවිද ? (ස)
ඔබ වැදගත් විදියට රට කරවූ ඒ කාලේ - මට තාම මතකයි. ඔබටත් මතකද ඒ කාලේ? ඔබ ඇස් දෙකින්ම ලෝකය දුටු ඒ කාලේ? (නි)
ජපානේ මිනිසුන්ගේ වැඩේම ඔළුව නමන එක. ඒ මිනිස්සුන්ට ලෝකෙම සලකනවා. ලෝකයේ දියුණම රටවල් වලින් එකක් වෙලත් තියෙනවා. අපේ අය අතේ පිච්චිය නැති වුනාට ඔළුව උදුම්ගෙන නටනවා. (ස)
අයි ඔබතුමි ආයේ ඇවිල්ල තිබෙන්නේ?ඔබ තුමිටත් බලයට කෑදර කමට නොවේද ?ඔබට තිබෙන අයිතිය මොකක්ද තව කෙනෙකුට එහෙම කියන්න?සෑම දෙනාටම නිදහස තියෙනවා (ඔබටත්,ඔහුටත්,තවත් කෙනෙකුටත්) තීරණ ගන්න්න.මෙයට ගරු කරන්න!!! (ස)
මහින්දට නැවත බලය ලැබෙන්නේ නැහැ (නි)
අපි පරම්පරාගත ශ්‍රී ල නි ප සාමාජිකයෝ. මම දන්නා ගුණමකුම ශ්‍රී ල නි ප සාමාජිකයා මහින්ද . කොටින්ම එයා පක්ෂයේ ආරම්භක නිර්මාතෘ ගේ ගේ නම වලලා දාන්න හදපු කෙනෙක්. එහෙම කෙනා ගැන තවමත් විශවාස කරන මෝඩයෝ ගැන මට කියන්න දෙයක් නැහැ. (ස)
එතකොට එයාගේ මල්ලි ඡන්දෙට පස්සෙ දවසෙම ඇමරිකාවට ගියේ ජාතිමාමකත්වය උච්ච වෙලා වෙන්න ඇති නේද? (ස)
දැන් ඉතින් මහින්දට බොහොම ටිකදෙනයි ඉතුරු (නි)
ෆොන්සේකා මහත්තවය හිරේට යවපු එකට මොන වෛරය කියලද දන්නෙ නැහැ කියන්නේ නේද තුසිත මහත්තයෝ? (ස)
මොනවට ආයේ තියෙනවද අජිත්. තාම ඡන්දෙ තියලා දවස් ගාණනේ. බලයේ ඉඳලත් ඡන්දෙකින් පැරදුනු පළවෙනි ජනාධිපත් කියන නම්බුනාමය ලැබුනේ එතුමාට. ඒකම මදැයි ජනතාවගේ අප්‍රසාදය තේරුම්ගන්න. (නි)
රට බේරගත්තා. ඊටපස්සෙ රටේ ජාතික ධනයට මොකද කළේ? ඒ කළ හානිය දිගටම වුණා නම් මේ වෙනකොට නැවත බේරාගන්නත් රටක් නැතිවෙනවා. ඒ නිසයි මිනිස්සු ඡන්දෙන් පැරැද්දුවේ. ඒ යථාර්ථය තේරුම්ගත යුතුයි. (නි)
අදහස් ටික දැකල සතුට වැඩිකමට හිනා ගියා. (ස)
කටින්ද මෙහෙම කතාකරන්නේ? විහිළු නොකර ඉන්නකෝ! (නි)
උපන්දා සිට කරපු පව් නැත - 30 වසක යුද්දය නිම කල පිනෙන්. (ස)
අපේ රට ජාතිය ගැන කැක්කුමක් තිබු එකම නායකයා මහින්ද පමණි.ඒක ඕනෑම කෙනෙකුට සිතන්න වෙන කාලය උදාවෙලා. (නි)
තිලක් ....කොහොමටත් යහපාලනේ මෙහෙමම ගියොත් නම් අපටත් ඔය පැත්තෙන්ම ඉන්න තැන් හොයාගන්න වෙනවා.තව කට්ටිය එනවලු වැසිකිලිනාඩුවෙන්..අනාථයෝ කියල ...මහින්ද මහත්තයාගේ භීතිකාව ඔයාලට විතරක් නෙවි හැමෝටම තියන දෙයක්. මැඩම්...ඉතින් ගොඩ දේවල් කළානේ ...යුද්දේ නවත්වන්න කාගේ කාගේත් කෙරුවාව රටේ ජනතාව දන්නවා ඒක නිසා තමා මිනිස්සු වෙනසක් නැවත හොයන්නේ...(බ)
එන්නකෝ අපි ඡන්දෙට හොඳට සළකන්නම් (නි)
මේ වෙලාවේ මේකට උත්තර ලියන්න වෙලා නැති උනත් මේවා දකිනකොට නොලිය බැහැ.එතුමා ඔලුව නමන්න ඕන පුද්ගලයෙක් නෙමෙයි.කියපු කෙනනම් බඩගාගෙන ආවත් කමක් නැහැ.ඔය වගේ කුහක අය රටට ඕන නැහැ. මෙතුමාව අපි ඉදිරියේ ගෙනාවමයි. (බ)
එදා සරත් මහත්තයා "මම මේ යුද්ධය වෙනත් හමුදාපතිවරෙයෙකුට බාරනොදෙමි " යැයි සිංහනාද කර මේ යුද්ධය අවසන් නොකළා නම් අද කිසිවෙකුට කියන්නට දෙයක් නොමැත. (නි)
හිතනවා ඇති එයා හිතනවා වගේ අපිත් හිතනවා කියලා. (නි)
ඔය සැවොම මොනවා කිව්වත් කළ දේවල් කියනවා වගේ නැත. (නි)
30 වසක යුද්ධය නිම කළ පින කැපිලා ගියා යුද්දෙන් පස්සේ කළ ජාතික ධනය කොල්ල කෑමෙන්. (බ)
මෙයා කට ඇරියොත් ගම් හතක් පාලුයි. එස් බි,සනත් ගුණතිලක වැනි නොයෙක් දෙනා මතක්වෙනවා.(බ)
මහින්ද නම් කෙළින් එළිපිටම ඇත්ත කතාකරන කෙනෙක්. (නි)
රණසිංහගෙ කතාව නියමයි. (බ)
දුකත් හිතෙනවා අප්පා (දී)
ධම්මික මහත්තයෝ, ඒ සිංහ නාදය යුද්ධයට වගේම තමන්ටත් අපහාස සමච්චල් කළ රටට විරුද්ධ බලවේග වල පැත්තේ සිට සාමුහික යුධ ජයග්‍රහණයට අභියෝග කළ දින සිට අපිට නම් සිංහ නාදයක් ලෙස පෙනුනේ නැහැ. සුදු කොඩි කතාවත් එක්ක අපිට නම් තවත් කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ (නි)
මහජන චන්දයකින් "කැත විදිහට පැරදුනාට" පස්සේ මොන කතාද (දී)
රජවරු හිටියේ වැඩවසම් කාලේ. රජා එනකොට සාමාන්‍ය මිනිහා කාණුවට බහින්න ඕනෑ. අද කාලෙට රජවරු ගැළපෙන්නෙ නැහැ. නමුත් දුකට හේතුව නම් අදටත් රජවරු ඕනෑ කියලා සමහරු අඬන එකටයි. (නි)
මහින්ද රාජපක්ෂලා නැවත බලයක් ගන්න බැහැ මොකද එතුමා ගියවර පැරදුනේ බලයේ ඉදල ලක්ෂ 58 ක ජනතාවට බොරු කරලා සල්ලි දීල සිල්රෙදී ක්ෂණික නුඩ්ල්ස් දීලා ජාතික රුපවනිය අයිටිඑන් නාලිකාවල උදේ ඉදන් රැ වෙනකන් බොරු කියල යුද්දේ විකුණලා පුහු ලෝකයෙක් මවා පාල රටේ නුගත් ජනතාව තමයි ඒ වටා එකතුඋනේ දැන් මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න පුළුවන් මොනවා කළත් කිවත් කර්මය පටිසන් දෙනවා එක ලෝක ධර්මතාවේ නිර්මල බුදුදහම විකෘති කරන්න බැහැ ඒ ප්‍රායෝගිකයි !! (බ)
ඔබ තුමියගේ කතාවත් ඇත්ත ඔය තරම් එන්න ඕනේ නම් ඇවිල්ල සද්දේ නැතුව වැඩ කරන්න පුළුවනි (දී)
පිවිතුරු යහපාල වගේ අයව හදන්න බැහැ. බොරු නමක් දාගෙන කරන්නේ අනිත් පැත්තට බනින එක. නමුත් ජනතාව රැවටුනේ නැහැ. ඒ නිසයි මිනිස්සු ඡන්දෙන් පැරැද්දුවේ. (නි)
හිනාත් යනවා දෛවය මෙතරම් කුරිරුද (දී)
මේ පිටකරන්නේ කුමනාකාරයේ වචනද කියලා එතුමියට නොවැටහෙන එක පුදුමයක් නෙමෙයි.පක්ෂය කැඩිලා බිඳිලා නැහැ.මහින්ද මහත්තයා ඉන්න තැන පක්ෂය තිබෙනවා.මහින්ද මහත්තයා ඉන්නකම් ශ්‍රී ලංකා එක කියන්නේ එතුමා.එතුමා සිංහයෙක්.කවදාවත් ඔළුව පාත්කරන්නේ නැහැ.ඔයාලා කළ දේවල් ඔයාලටම පාරා වළල්ලක් වන දිනය වැඩි ඈතක නැහැ මැඩම්.. (නි)
චන්ද්‍රිකා නෝනා කොල්ලෙකුට ඉඳගන්න පාරේ බෝක්කු කණුවක් හදපු නැති එකම ජනාධිපති මෙයා ගැන අපි හොඳටම දන්නවා. ඉන්නකෝ ඔහොම බලාගෙන මොකද වෙන්නේ කියලා. අපි උත්තර දෙන්නම් ඡන්දෙන්. (ස)
ෆූලිෂ් ගැනි (ස)
රටක ජාතික ධනය හොරකම් කිරීම ආත්ම ගණනාවකට පටිසන් දෙන පාපකර්මයක්. (නි)
පිවිතුරු යහපාල කතා කරන්නෙ හදවතින් හා ආවේග වලට මිස බුද්ධියෙන් නෙමෙයි. නිකන් ඔහේ වචන ටිකක් විතරයි. පක්ෂයක් කියන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි කියන එකවත් තාම තේරිලා නැහැ. එහෙම නැත්නම් තාම ඉන්නේ වර්තමානයට ටිකක් පිටුපසින් කියලයි මට හිතෙන්නේ. (නි)
මෙතන මේ කෑ ගහන අයගේ නිරුවත දන්නෝ දනිති.මම මේ ලියන්නේ මොකක්ද? කියා තේරුම් ගන්න බැරි අය ගැන බුද්ධිමත් අය තේරුම් ගනීවි.චන්ද්‍රිකා කියන්නේ මේ රටටම නින්දාවක්.මිනීමරු ප්‍රභාකරන්ට ගරු කරන මේ නිවට කත ,රට නිදහස් කර ගත් මහින්ද මහත්මාට කියන කතා මුඩුක්කුවල අය කතා කරන්නෙත් නැහැ,ඒ ජාතියේම කීප දෙනෙක් තමයි මගේ අදහස්වලට තුට්ටු දෙකේ වල්පල් ලියන්නේ.ඔය රට පාවා දෙන කුමන්ත්‍රණ කාරයින්ට දැන්වත් කඩේ යාම නවතාගන්න. (බ)
පිවිතුරු යහපාලලා වගේ අය කැමති එක පවුලක් හා ඒ වටා ඉන්න අය සැප විඳිනවා බල බලා පැත්තකට වෙලා ඉන්න. රටක් ගැන හැඟීමක් නැහැ. සාමාන්‍ය ජනතාව ගැන හැඟීමක් නැහැ. රජවරු රාජ කුමාරවරු ක්‍රීඩාකරන දිහා බලලා, ඒ අය යන වාහන දිහා බලලා, අඳින ඇඳුම් දිහා බලලා සතුටක් ලබනවා ඇති. (නි)
"බලයේ ඉන්නැද්දි පැරදුනු ලංකාවේ පළවැනි ජනාධිපති" යන නම්බු නාමයත් ලබා ගත්තා සාස්තර කාරයින්ට පින් සිද්ධ වෙන්න. ඒක සුළු පටු දෙයක්ද? (ස)
අනෝජා නංගිට ලංකාවේ දේශපාලනය ගැන එතරම් අවබෝධයක් නැහැ වගේ.ලංකාවේ නෙමෙයි වගේ ඉන්නේ.මහින්ද මහත්තයා ශ්‍රී ලංකාකාරයෙක්ද නැද්ද කියන එක අපිට වැදගත් නැහැ.එතුමා ඉන්න තැන අපි ඉන්නවා.පක්ෂයක් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි.පුද්ගල සාධකයක බලපෑම පක්ෂයකට වැදගත් වන ආකාරය ගැන වැටහීමක් ඔබතුමියට ඉදිරියේදී උදාහරණ සහිතව හොඳින් පැහැදිලි වේවි.ජන හදවත් දිනු නායකයෙක් යටපත් කරන්න කුමන්ත්‍රණ වලට තාවකාලිකව පුළුවන් වුණත් සදාකාලිකව බැහැ. (නි)
පුලස්ති අර රඟෙපෑම කළේ චන්ද්‍රිකා එක්කද? රනිල් එක්කද? (බ)
ශ්රී ලංකා එක දෙකට බෙදිලා කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)
රට බේරා ගත්ත කියල රට කන්න දෙන්න බැහැනේ . අන්න සීෂෙල්ස් වලට සල්ලි ඇද්ද මිනිස්සු ගැන පරීක්ෂණ කරනවා. මහබැංකු රෙගුලාසි උල්ලංගනය කරලා එහෙ බැංකු දමාගෙන තියෙන්නේ. ඔය ආවඩන කට්ටියගේ ගිණුම් වල සල්ලිත් ලැස්ති කරගන්න ආපසු ගෙන්නල්ල පුදන්න. (ස)
කාටද හිස නමන්න කියන්නේ? රටේ ආර්ථිකය රින 4 ට බස්සපු අයටද? මුළු රටේම බෝම්බ පුපුරවමින් කොටි මිනී මරද්දී මොකවත් කරගන්න බැරි උන අයටද? (ස)
නුවණක්කාරයො සීයක් එක්ක කතාකළත් එක මෝඩයෙක් එක්ක කතාකරලා දිනන්න බැහැ කියලා අහලා විතරයි තිබුනේ. යහපාල අයියාගෙන් ඒක අද ඔප්පුවුණා. ඒ නිසා මම යනවා වැඩට. මගේ කතාව මෙයින් අවසාන කරමි. (නි)
අර පොත කියෙව්වා. මෙයා ගැන නෙමෙයිද මන්ද අයිවන් මහත්තය ලියල තිබුනේ. ඔවාදෙනු පරහට තම සම්මතයෙහි පිහිට සිට. මහින්දට සමකල හැකි නායකයෙක් තව අවුරුදු 1000කටත් ලංකාවේ පහල වෙන්නේ නැහැ. (ස)
සුමුදු හේවාගේ මොලය පිහිට තිබෙන්නේ කකුල් දෙකේ කියල පේනවා. එයා නම්බුකාරකම ගැන හිතන විදියට දෙකොනින් හිනා යනවා. (බ)
කට්ටියට මහින්ද භීතිකාව දරුණුවට තිබෙනවා කියලා පෙනෙනවා.එතුමා හොරකම් කළා නම්, දුෂණ කළා නම්, පවුල්වාදය ගෙනගියා නම්, මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ගෙදර ඇරියා නම් කට්ටිය මොකද මෙච්චර බය?එතුමාට දේශපාලනය කරන්න බැරිද? කට්ටිය බයනොවී ඔය දකින සුන්දර සිහින මේ යහපාලනෙන් විඳලා පිවිතුරු හෙටක සුවය ලබන්න.අපි මහින්ද මහත්තයා ගැන බලාගන්නම්. (නි)
මහින්ද මහතා කියන්නේ මේ මෑත ඉතිහාසයේ ලංකාව තුළ බිහිවුනු වටිනාම යුග පුරුෂයා මහින්ද රටට දායාද කළ දේවල් වලින් දශමයක් මේ නෝනලා දීල නෑ. ඡන්දයකටම ඇවිල්ල බලන්න මැඩම් එතුමා නැතිව එකම ආසනයක්වත් ජය ගන්න පුලුවන්ද කියල ඔයාල නිකන් හුලන් බෝල පමණි. කළ හැකි දෙයක් නැ ඔබතුමියට අඩුම ගානේ අත්තනගලවත් තියෙනවද (බ)
ඉතින් ඔයත් පැරදුනා නම් වැඩක් බලාගෙන ඉන්නේ නැතුව මොනවද මේ කියවන්නේ? මහින්ද නැවත එනවා කියලා බයවෙලාද? (නි)
මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි. අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා.......කළදේ පළදේ එලෙසේ.(බ)
බොහොම හොඳ ප්‍රකාශයක් (නි)
මැඩම්ට සනීප නැහැ වගේ. නැත්නම් ප්‍රභාකරන්ට මහත්තයා කියලා රට බේරාගත් නායකයාට ඔළුව නවන්න කියනවද? (නි)
මතක තියා ගන්න මැඩම් මහින්ද ඔළුව නවපු නැති නිසා තමයි අද ඔක්කොම ජිවත් වෙන්නේ..නැත්නම් ඔක්කොම මැරිලා (බ)
ඔය ඉහත බිමල් අවුරුදු 4ක් තිස්සේ මෙතන ලියන මම නම් නෙවෙයි. මට එයාට වගේ දේශපාලන මොලේ අමාරුවක් නැහැ. (බ)
මෙතුමිය ගැන කියන්න වචන අපේ ශබ්ද කෝෂවල තිබුනත් ඒවා කියන්න බැරි නිසා කියලා වැඩක් නැහැ.ඔහොමම යමු මැඩම්.අපි පෙන්වන්නම් මේ රටේ ඔබට තිබෙන තැනත් මහින්ද මහත්තයාට තිබෙන තැනත් අතර ඇති පරතරය කොතරම්ද කියලා ප්‍රායෝගිකවම ලබන මැතිවරණයේදී..(නි)
කොල්ල කෑව කිව්වත් ,තවම මොනවද ඔප්පු කරල තියෙන්න? තිස් වසරක් යුද්දය නම් ඇස්පනාපිට ඔප්පු කරලා පෙන්න්නුව නේ. (ස)
එතකොට ඔයා පැත්තක ඉඳගෙන කරන්නෙත් ඊට වඩා හරිම කැත වැඩක් නොවේද ? කාටවත් බණ කියන්න කලින් තමන් ගැන හිතන්න නෝනා. (නි)
මහින්ද ජනාධිපති කරපු දේවල් මිනිස්සුන්ට මතකයි ,බොරුවට උඩ පනින්න එපා ඉදිරි ඡන්දෙදි බලාගන්න. (ස)
නාමල්ව ජනාදිපති ලෙස පත්කරගන්න ලංකාවේ මිනිස්සු බොලඳ නොවන බව චන්න තේරුම් ගත යුතුයි . (ස)
මහින්ද මහත්තයා පාඩුවේ විශ්‍රාම සුවයෙන් සිටීවි. එතුමාගේ දැන් වයසත් එක්ක ,හොඳ බෞද්ධයෙක් හැටියට එතුමා සියල්ල අතහරිමින් ජීවත්වෙන්නට කැමති ඇති (නි)
එදා සරත් මැතිඳුන් කළ "මම මේ යුද්ධය වෙනත් හමුදාපතිවරෙයෙකුට බාරනොදෙමි" යන සිංහනාදය රට පුරා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට නීතිරීති ගෙන ආ යුතුය. මෙමඟින් අපගේ අනාගත පරපුර තුළ හොඳ දේශාභිමානි හැඟීම් ජනිතවනු ඇත. ජාතිහිතෛෂී වනු ඇත. (නි)
තීක්ෂණ "මම මේ යුද්ධය වෙනත් හමුදාපතිවරෙයෙකුට බාරනොදෙමි" යන උදාන වැකියෙන් එතුමා තුළ තිබු අප්‍රතිහත ධෛර්යයත්, නොසැළෙන අධිෂ්ටානයත්,තමා තුළ සිය ඉලක්කය සපුරාගැනීමට තිබුණු කැපවීමත් මොනවට පැහැදිලි වේ. (නි)
තිලක්.. බටහිර රටවලින් ලෙඩකට බෙහෙත් ගැනීමයි ,තමන්ගේ ජාතිකත්වය නැති කරගෙන බටහිරට ගැති වීමයි එකක් නෙමෙයි දෙකක් ...(ස)
අපි එතුමාට කාටවත් ඔළුව නවන්න දෙන්නේ නැහැ (නි)
එයාටත් මහින්ද ජනාදිපති තුමාට කියනවා වගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් නේ. රටට අාරේ වැඩිකමට වෙන්න ඇති අායෙත් දේශපාලනයට ඇවිල්ල තියෙන්නේ. (ස)
සුපිරි කතාව මැඩම්. (නි)
ශ්‍රිලනිපය දෙකට බෙදිලා නැහැ. කවුද කියන්නෙ දෙකට බෙදිලා කියලා? ලක්ෂ පනස් අටක් මහින්දට ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරුන්ගෙ ඡන්ද ටික අඩුකළාම ලැබෙන උත්තරය තමයි ශ්‍රිලනිප ඡන්ද ප්‍රමාණය. අනික් සියලුම ඡන්ද මහින්දට ලැබුන ඡන්ද. පුලුවන් නම් මහින්ද නැතුව එකම ආසනයක් හරි දිනලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා (නි)
එතුමා සමඟ ලක්ෂ ගණනක ජන ගංගාවක් සිටියදී මොනවට ඔළුව නවන්නද? (නි)
හොරෙකුට හොරෙක් කියන්නේ නැතුව "උපාසක මහත්තයා" කියලා කියන්නද මට කියන්නේ? (නි)
සම්පත් , තව කෙනෙක් පහල වුනත් ඒ මනුස්සයාව කුදලාගෙන ගිහින් බොරු චෝදනා දීල ජීවිතාන්තය දක්වා හිරේ දාවි . ඒ නිසා ඔබ තුමාගේ කටට මසුරන් දාන්න ඕන. ඇත්තම කිව්වා. මහින්ද වගේ පළි ගන්න කෙනෙක් තව අවුරුදු 1000 කාටවත් මේ රටේ පහල වෙන්නේ නැහැ. (ස)
දැන් එතුමා එහෙම කරයි....? (නි)
මහින්ද මහත්තයාගේ ඔළුව නමන්න කාටවත් බැහැ (නි)
ඇත්ත. පැරදුණා නම් යායුතුයි (නි)
සුනාමියෙන් අන්ත අසරණ මිනිසුන්ට කන්න අඳින්න කියලා ලෝකයෙන් ලැබුණු සහනාධාර වලිනුත් රුපියල් කෝටි ගණන් ගසාකෑ අයට රටක් බාරදෙන මෝඩයෝ ඉන්නවද? (නි)
ආ ... එන්නකෝ මැඩම්. දෙන්නම් ඡන්දෙ. (නි)
ගයාන් අපි එකිනෙකාට ඔළුව නමා ගත්තානම් අපේ රටේ යුද්ධයක් ඇති වෙන්නෙ නැහැ. එක්නෙකා පරයා එකිනෙකා ඉදිමෙන්න ගිය නිසා තමයි ජරා යුද්ධය ඇති වුනේ. ඒ නිසා නිහතමානි වීමට ඉගෙන ගන්න. (ස)
මතකනේ කවුදෝ වීරයෙක් බාල වයස්කාර ළමයෙකු රුපවාහිනියේ කතා කරන්න දාල මෛත්‍රී මහත්තයාගේ පවුල කඩන්න හැදුවා . ඔය කැත පහත් වැඩේ කරන්න හදපු කෙනාට වීරයා නෙවෙයි මම නම් කියන්නේ . බයගුල්ලා. ඔක්කොම යටි කුට්ටු වැඩ . උඩින් එයා සුදනා. (ස)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
අම්මෝ මෙයාගේ සැර! (නි)
"මම මේ යුද්ධය වෙනත් හමුදාපතිවරෙයෙකුට බාරනොදෙමි" යන උදාන වැකිය අකුරට ඉටුකළ සරත් මහත්මා මේ රට තිස් වසරක ශාපයෙන් මුදාගත්තාට ලැබුණු තෑග්ග නම් , ඔහුට බැරවිය යුතු එහි ගෞරවය පැහැර ගැනීම පමණක් නොවෙයි නේද? (නි)
මෙයාට කෙලෙහි ගුණ ගෑවිලාවත් නැහැ.මොලේ කොලොප්පන් වෙලාඉන්නේ.ඒ වගේම තමයි චන්ද්‍රිකාටත් පවුලක සමගිය නැතිව රටක සමගියක් ඇති කරන්නේ කොහොමද? මහින්ද මහත්මාගේ පවුලේ එකමුතු කම බලන්න.ඡන්දය තිබ්බහම බලන්න පුළුවන් ඔලුව නමන්නේ කාටද කියල.අපි බය නැතිව පාරේ යන්නේ මෙතුමා නිසයි.කවුරු මොනවා කීවත් මහින්ද මහතා රටට නිදහස දුන්නා.මහින්ද මහතාට ජයවේවා. (ස)
ඔය තියෙන්නේ මහින්ද රටට කළ සේවය! (නි)
බිමල් , තවම පරණ පුරුද්ද නවත්තලා නැද්ද? (නි)
මහින්ද නැතුව ශ්‍රීලනිප ක් නැහැ කියලද දැන් කියන්නේ? (නි)
එතකොට අර සුදු කොඩි කතාව මොකක්ද තීක්ෂණ මහත්තයෝ....? (නි)
රේණුකා නෝනේ කේන්ති ගන්න එපා. සතුන්ගේ නම් වලින් ආමන්ත්‍රණය කරන්න එපා. ඔයාගේ අදහස විතරක් ලියුවා නම් අපිට තේරෙනවා. (ස)
මෙතුමිය දැන් මහින්ද භීතිකාවෙන් පෙළෙනවා ඕනෑම රැස්වීමක කතාකරන්නේ මහින්ද ගැනමයි අපිත් එහෙමයි මහින්ද ගැනමයි.සිතන්නේ ඔබතුමිය ගැන නම් නොවේ , ඔබතුමියගේ කටඅරින කොට මහින්ද නිකම්ම ගොඩ යන බව නම් ඉතා පැහැදිලියි මෙයට කදිම උදාහරණ වන්නේ කලකට ඉහතදී රනිල් කට අරින්නේ නම් මහිද ගේ ජය තහවුරු වුන සේය (බ)
ගොඩ ගන්න බැරිනම් ඇයි බාරගත්තේ. බොරුවට කෑගහන්න එපා. (ස)
දැන්ද මේවා කියන්නේ? (නි)
පොඩ්ඩක් ඉන්න , ඔබ 100%ක් නිවැරදිද? (නි)
අපේ මිනිස්සු තාමත් රාජපක්ෂවරු පස්සේ යනවා.කාට කියන්නද? (නි)
පිවිතුරු යහපාල, අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන ඉන්න (නි)
අධිවේගී මාර්ගයක් හදන්න උපදෙස් වලට පමණක් සැතපුමකට රුපියල් කෝටි ගානක් වියදම්කළ පාලකයෙක් නැවත ඉල්ලන්නේ කොහොම මිනිස්සුද කියලා හිතාගන්න අමාරුයි (නි)
රේණුකා කතා කරන්නවත් දන්නෙ නැහැ. ගෑණු ළමයෙකුට ගැලපෙන්නේ නැහැ ඔහොම කතා. (ස)
අනේ ඉතින් පාඩුවේ පැත්තකටවෙලා හිටියා නම් හරිනේ (නි)
මේ අය ගසා කාපු මිල ගණන් තවම හරියට කියන්න බැහැ. අධිවේගී මාර්ග,මෙලෝ සතෙක් එන්නේ නැති ගුවන් තොටුපොල,හාවා හද දකිනවා වගේ නැවක් එන වරාය, සම්මන්ත්‍රන ශාලා, රටේ හතර දිග් බාගයේ තිබෙන ජනාධිපති මන්දිර 10ය, කතරගම එකතු වෙන දනස්කන්දය, රටේ වටිනා කියන මර්මස්ඨාන සියල්ලෙන්ම, රටේ වටිනා කියන ගහ කොළ සතා සිව් පාවා විකුණගෙන කෑවා. (නදී)
අපි මැරිලා ඉපදිලා නැහැ. මහින්ද තරම් පක්ෂයට වැඩක්කළ කෙනෙක් තව නැහැ. (නි)
නෝනා නානවනම් නාන්න නෝනා -නෝනා. නොනා නොනා නේන්න නෝනා (නදී)
හරියට හරි පිවිතුරු යහපාල. මේවට උත්තර දෙන්න ගැළපෙන වචන තිබුණට ඒවා සභාවකට සුදුසු වචන නෙමෙයිනේ. (නි)
බිමල්,විජේසුන්දර සහ ඒ වගේ අයගේ කතා වලින් බොහෝදේවල් තේරනවා.දැන් කෙළින් කතාකරන්න.යහපාලනයක් තියනවා දැන්. (නි)
බදු පිට බදු ගහල පිට රටවල බැංකු පුරවලා, රටේ දරුවන්ට කන්න අදින්න දෙන්න නැතිව අසරණ අම්මල දරුවන් සමග ගගට මුහුදට පැනල ජීවිතය විනාස කර ගන්නවා. මේවා කාටත් පල දෙනවා. දිට්ට දැම්ම වේදනීය කර්මය ඔය පල දෙන්න පටන් ගත්තා විතරයි. (නදී)
නිමල් ලාලිත වැදගත් අදහසක් මතුකර තිබෙනවා .උතුරේ හමුදාව මගින් පවත්වාගෙන යන හෝටල් පුද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැදවා දීමට සැරසෙන බවත් ඒවාට කොටි ඩයස්පෝරාව විශාල මිල ගණන් ඉදිරිපත්කර ඇති බවත් දැන් ප්‍රචලිතයි .මේ සැරසෙන්නේ ටික ටික ඊළම දිනා දීමට නොවේද ..?රාජ්‍ය ආරක්ෂාවට මෙය මරු පහරක් නොවේයැයි කිව හැක්කේ කාටද ..? (ස)
ඔය කියන හැම වචනයක් පාසාම මහින්ද මැතිතුමාට ඡන්ද එකක් හරි එකතු වෙන බව දැන ගන්න, එතුමා වටේ හිටපු අය රට කැවත් අදටත් රට බේරා දුන්න උතුමන්ට සිංහල අපි සදා නය ගැතියි. අනිත් දේසපලුවන්ගේ කොන්ද නැමුනට එතුමා කලවම් නැති නියම සිංහලයෙක් අදටත් කෙලින් 100% විශ්වාසයි කිසි කෙනෙක් ඉදිද්රියේ නැමෙන්නේ නැති බව. (ර)
රටට වගේම රටවැසියන්ට කරතිබෙන විනාශය අනුව රාජපක්ෂවරු රටේ දේශපාලනයෙන් සහමුලින්ම ඉවත්වෙලා යන්න ඕනෑ.ඒකේ කතා දෙකක් නැහැ. (නි)
මට පේන්නේ සුමුදු හේවා කියන කෙනා අර තුමාගේ සළු වඩන නිලමේ ද කොහෙද ! (ස)
මහින්ද මහත්තයා නම් ගියේ තමන්ගේ වගකීම් හරියට ඉටු කරලා නම්බුකාර විදියට තමයි. එකනේ අදටත් මිනිස්සු එතුමා වටේ රොද බඳින්නේ. (ර)
ඇත්තටම පැරදුන මහින්ද මැතිතුමා ජනාධිපති මහින්දට වඩා බලගතු බව ඔබතුමියට පේනවා නේද දැන්? කවුරුත් ඔළු නමන්න ඕනෑ නැහැ. ලෝකෙන්ම අදත් ගරු සම්මාන ලබන අයට අවනම්බු කරන්න එපා. ඔබතුමියට හුඟක් හතුරුකම් කළ අය එක්ක එකතුවෙලා මහින්දව බාල්දු කරන්න එපා. ජනතාව ඉන්නේ මහින්ද මැතිතුමා ළඟ නිසා අපි ඔක්කොම එයා සමඟ එකතුවෙමු. පරණ කෝන්තර අත්හැරලා. ඒක රටටත් ,ඔබතුමියටත් ,එතුමාටත් අපිටත් හොඳයි.එහෙම නොවුණොත් මොකක් වෙයිද දන්නේ නැහැ (නි)
ආයිත් සල්මාන් ඛාන් ගෙන්නුවා නම් අත උඩින් ඡන්දෙ දිනන්න පුළුවන්. (ස)
ප්‍රභාට ඔලුව නොනැමූ මහින්ද මෙයාට ඔලුව නමයි ද ? (ර)
මට වැඩට යන්න වෙලාව හරි. තව මම රාජපක්ෂවරු ගැන ලියල ඉවර නැහැ. පන්සීය පනස් ජාතකයක් ලියන්න කරුණු කරන තිබෙනවා. හවසට නැවත හමුවෙමුකො. (නදී)
පසුගිය රජය කොහොම කෑමක් කාලා තියෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
අනේ අපි නොදන්නා චෞර රැජින ,මෙයා ශ්‍රීලනිප විරෝධී වැඩ කරලා තමයි.එංගලන්තෙට පැනගෙන හිටියේ. මැය සුනේත්‍රා,අනුර (මල්ලි) සිරිමා මැතිනිය (අම්මා) සමග රණ්ඩු වෙලා තමයි ගියේ. ඊට පස්සේ මේ රට විනාශ කිරීමේ කටයුත්තට (බටහිර ආශිර්වාදය ඇතිව ) නැවත ආවා. මුලාවුණ ජනතාව මෙයාව රටේ නායකත්වයට ගෙනාවා, නමුත් මෙයා නැති කාලේ පක්ෂය ආරක්ෂා කර ගත්තේ මහින්ද මහත්මා ඇතුළු පිරිසක්. මෙයාගේ කාලේ වෙච්ච දුෂණ අනන්තයි. මේ කාලේ අගමැති රනිල් දෙන්නා එකතු වෙලා රටට කරපු කොඩිවිනය මතකද?රට විනාශයට ගෙනියල හමුදාවල චිත්ත ධෛර්ය විනාශ කළා. ගිවිසුම් ගහල රට දෙකඩ කරන්න කටයුතු කළා. පක්ෂෙයි,මේ රටයි මෙයාලගේ බූදලයක් නොවෙයි. මේ ගැන කතා කරන්න මේ චන්ද්‍රිකාට අයිතියක් නැහැ. මැය තමයි අනවශ්‍ය ඇඟිලි ගැසීම්,කුමන්ත්‍රණ කර ගෙන යන්නේ .රටේ වාසනාවට මහින්ද මහත්මා 2005 බලය ලබාගෙන අභීත ලෙස කිසිකෙනේකුටවත් නොනැමී ජනතාවගේ බලාපොරොත්තුවට හිස නමා ම්ලේඡ කොටි ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත්තා,එතුමාට රටට ආදරය කරන ජනතාව ආශිර්වාද කරනවා. (ස)
දිශාන්ත ඔයාට හරියටම විශ්වාසද.? (ර)
ගඩාෆිගේ මරණෙන් පස්සේ අන්තර්ජාලයේ ගඩාෆි ජීවත්වුණ අධි සුඛෝපභෝගී ජීවිතය ගැන ලිපි මුදාහැර තිබුණා.අදටත් මම ඒ ඡායාරූප තියාගෙන හිටියේ අපේ ලංකාවේ අයත් මෙවැනිම අධි සුඛෝපභෝගී ජිවිත ගතකරනවා කියලා පෙන්වන්න (නි)
අනේ රේණුකා එකතු වෙලා සල්ලි පොදී ගහගන්න පුළුවන් නම් කොයි පවුලත් සමගියි. අපිට පවුල් වල සමගිය ගැන නම් මෙතන කියලා දෙන්න යන්න එපා. ඔයා වගේ චාරයක් නැතිව අදහස් ලියන බවලතුන් ගේ ඡන්දය හරියන්නේ මහින්ද මහත්ටයටම තමයි. (ස)
"බලයේ සිටියදී පැරදුනු ලංකාවේ පළවෙනි ජනාධිපති" නැවත කරලියට ගේන්න වේලාසන වැඩියි කියලයි මටනම් හිතෙන්නේ. (ස)
රටේ ජනතාව බුද්ධිමත්. (ර)
අධිරාජ්‍යවාදයේ දකුණු ආසියානු ප්‍රතිමුර්තිය කවුද කියලා දන්නවද ඔයාලා? (නි)
මේ නෝනා මේවා කියන්නේ කොහොමද දන්නේ ෙ. මේ කතා හොඳයි පොඩි කෙල්ලන්ට කොල්ලන්ට .ජයවර්ධන මහත්තයා ,විජේතුංග වගේ අය කිව්වනම් කමක් නෑ. මෙයා පැරදිලත් දාල යන්නේ නැතුව එල්ලිලා ඉන්න හැදුව. බැරිම පාර රටෙත් නොහිට පැනල ගියා.රට ජාතිය ගැන කිසිම ආදරයක් නැති මෙයා වසර 11 ක් මෙයාගේ පාලනය තුල රටේ කිසිම සංවර්දනයක් සිදුනොකළ අතර රටේ ආර්ථික වර්ධනයද බින්දුවට ගෙනගිය එකම නායකයා මෙයා .මහින්ද මහත්තයාගේ වචන වලින් කියනවනම් ලියන්න ''මම මේක දැක්ක මට හරියට හිනා ගියා කියාලා''. (ස)
ලංකාවේ හිටියට සමහරු ආවඩන්නේ යු.කේ.වලට කියලා අපි නම් දන්නවා (නි)
රේණුකා ඔයාගේ අදහස් ඔයිට වැඩිය ශීලාචාර විදියට ලියන්න බැරිද ? ගැහැණු අපිට ලැජ්ජයි. මහින්ද මහතාගේ ගේ අනුගාමිකයන් මෙහෙමද සභාවක කතා කරන්නේ ? (ස)