සාර්ථකව හිමාලය තරණය කර යළි පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවැනි වසරේ සිසුවිය ඇතුළු කණ්ඩායමට උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා අද (23) සිය සුබ පැතුම් පිරිනැමීය.

‘අපේ රටේ කදු නැගල තිබ්බට ඒ කඳු නැගිම හාත්පසින්ම වෙනස්. සීතල තමා ඉවසන්න බැරිවුණේ. නමුත් දිනෙන් දින ගත වෙද්දි අපි හැමෝම ඒ දේවල් වලට පුරුදු වුණා. සමහර තැන් වලදි නිවෙස් වල අයට පණිවිඩයක්වත් දෙන්නට නොහැකි වුණා. ඇත්තටම මේ වගේ ගමනකට හොඳම කණ්ඩායම අපි තමයි කියල දැන් මට හිතෙනවා‘ යැයි හිමාල තරණයට මෙරට විශ්ව විද්‍යාලයකින් ඉදිරිපත් වු පළමු සිසුවිය වූ එම කණ්ඩාමේ ඔමේෂා ජයමිණි සිල්වා කීවාය.

හිමාල ගවේෂණය අතර තමාට අතපසුවූ විභාග කටයුතුවලට යළි පෙනී සිටින්නට අවසර දීම සම්බන්ධයෙන් උපකුලපති ඇතුළු ආචාර්යවරුන්ට සිය ස්තූතිය පළ කරන බවද ඇය කීවාය.

‘කණ්ඩායම් නායකයා හැටියට මට විශාල වග කිමක් තිබ්බ මොකද සියල්ලන්ම නවකයින් නවකයින් වුණාට කිසිදේකට පසු බැස්සෙ නෑ. ඇත්තටම මට විශාල සහයෝගයක් ලැබුණා‘ යැයි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉංඡිනේරු පිඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ මහතා කීවේය. 

‘අපි ඇත්තටම හිම උඩ කඳු නැගල තිබ්බෙ නෑ. උඩට නගිද්දි නගිද්දි ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමා අමාරුව. සමහර තැන් වල ලනු අල්ලගෙන උඩට නගින්න තියෙනවා. ඒ වගේ තැන් තමා අමාරු. අපේ ගමනට සහායට ඒ පළාතෙ කඳු නගින කිහිප දෙනෙක් ගන්නවා උදවුවට එයාලට කඳු නගින්න පුදුම හැකියාවක් තියෙන්නෙ ඒ අය කදු වලම ජීවත් වෙන අය එයාලට කියන්නෙ “ ශර්පා “ කියලා‘ යැයි කණ්ඩායම් සාමාජික ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසු සකුන් උපේක්ෂණ පැවසීය.

හිමාලය තරණය අතරතුර නොවැම්බර් 17 වැනිදා තම කණ්ඩායමේ ප්‍රණාම මතන්ගවීරගේ උපන්දිනය යෙදී තිබූ බවත් හිමාලය තරණය කරද්දීම එය සැමරීමට ලැබුණු බවත් ඔවුහු කියති.

00 3-(1) 5-(1) 10 16 18