(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබු ඉපැරණි කෞතුක භාණ්ඩ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විශ්වවිද්‍යාලයටත් පැමිණ මෙම විමර්ශනය ආරම්භ කොට තිබේ.
එම කෞතුකාගාරයේ තිබූ ඇත්දළ වලින් නිර්මාණය කරන ලද කන්හැන්දි හයක් ඇතුළු තවත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව තිබෙන බවට පැමිණිලි ලැබීමෙන් පසු විමර්ශනය ආරම්භ වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ස්ථානයට ඇතුල් වෙන්න පුලුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ අයට විතරයි. මගේ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේට ඔය කෞතුකාගාරෙ ඇරලා තියෙනවා දැකලා නෑ. හොරු ගෙදර අයම තමයි. ආයෙ සැකයක් නෑ, එයාලගෙ ගෙවල්වල බලන්න. විකුනල ඇති ලොකු ගනන්වලට.